(යොහාන් භාසුර)
ඕස්ටේ්‍රලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී එල්ල වූ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවෙන් නිදහස් වූ ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකරු ධනුෂ්ක ගුණතිලක වසර තුනකට අධික කාලයකට පසුව පළමු පෙළ තරගයකට හෙට (23) සහභාගි වීමට නියමිතය.
සිංහල ක්‍රීඩා සමාජය (එස්.එස්.සී.) නියෝජනය කරන ධනුෂ්ක, නුගේගොඩ ක්‍රීඩා සමාජය එරෙහිව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වන තරගයට සහභාගි වීමට නියමිතය.
ධනුෂ්කට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පනවා තිබූ තහනම මීට මාස කීපයකට ඉවත් කළ ද එස්.එස්.සී. පනවා තිබූ තහනම පසුගියදා ඉවත්කිරීම හේතුවෙන් ඔහුට නැවත අන්තර් සමාජ තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව උදාවිය.
ධනුෂ්ක අවසන් වරට 2020 වසරේ අගෝස්තු මස එස්.එස්.සී. පිල නියෝජනය කරමින් අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගයකට සහභාගි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමින් සිංහල ක්‍රීඩා සමාජය, සදාචාරය, විනය කොහෙද? මීට පෙරත් මෙවැනි ක්රියා කළ මොහුට නැවත ක්‍රීඩා කිරීමට ඉඩ දීමෙන් අපූරු ආදර්ශයක් තරුණ පරපුරට ලබා දෙනවා. නියමයි වැඩේ...