අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එස්. එස්. සී. සහ කෝල්ට්ස් යන කණ්ඩායම් සමත්ව සිටියි. සිංහල ක‍්‍රීඩා සමාජය (එස්. එස්. සී.) තරග තුනකදී තරග දෙකක් ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 10 ක් හිමිකර ගනිමින් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණේ සිටියි. කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජය සහභාගි වූ තරග තුනෙන්ම ජය ලබා ප‍්‍රසාද ලකුණු 12 ක් සමගින් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන තිබේ. තරග ප‍්‍රතිඵල කෝල්ට්ස් පිල විසින් රාගම පිල ලකුණු 15 කින් පරාජය කරන ලදී කෝල්ට්ස් පිල ඕවර 50 යේදී කඩුලූ 4 ට 303 (ඩිල්රුවන් පෙරේරා 53, නිසල් රන්දික 37, කුසල් ජනිත් 31, මලින්ද වර්ණපුර නොදැවී 103, රොෂේන් සිල්වා 52)රාගම පිල ඕවර 50 යේදී 288 (ඉයන් ඩැනියල් 84, ඉන්දික ද සේරම් 21, සමීර ද සොයිසා 80, මාලිංග බණ්ඩාර 35, චතුර පීරිස් 43/4) බ්ලූම්ෆීල්ඞ් පිල විසින් ලකුණු 16 කින් මුවර්ස් පිල පරාජය කරන ලදී මුවර්ස් පිල ඕවර 49.3 කදී 253 (කසුන් බෝධිෂ 37, දිල්හාර ලොකුහෙට්ටිගේ 93, චතුරංග ද සිල්වා නොදැවී 77, සුරාජ් රන්දීව් 41/3)බ්ලූම්ෆීල්ඞ් පිල ඕවර 47 කදී කඩුලූ 5 ට 242 (ඩිල්ෂාන් මුණවීර 80, චාමර සිල්වා 57, චින්තක ජයසිංහ 32) එස්. එස්. සී. පිල විසින් කඩුලූ 9 කින් බදුරලිය පිල පරාජය කරන ලදී බදුරලිය පිල ඕවර 50 යේදී කඩුලූ 7 ට 230 (හාන්ස් ප‍්‍රනාන්දු 104, යශෝධ ලංකා 21, ශාලික කරුණානායක 31, සහන් විජේරත්න 27, රෝයි සිල්වා 29, චමින්ද බණ්ඩාර 52/3)එස්. එස්. සී. පිල ඕවර 37.3 කදී කඩුලූ 1 ට 231 (ධනුෂ්ක ගුණතිලක නොදැවී 101, සමීන් කදනාරච්චි 54, භානුක රාජපක්‍ෂ නොදැවී 57) ද්‍රවිඩ සංගම් පිල විසින් කඩුලූ 2 කින් ලන්කන් පිල පරාජය කරන ලදී ලන්කන් පිල ඕවර 48.2 කදී 230 (අෂේන් සිල්වා 38, ශෂ්රීක පුස්සගොල්ල 34, දමිත හුණුකුඹුර 79, රජීව් වීරසිංහ නොදැවී 20, මුතුමුදලිගේ පුෂ්පකුමාර 36/3) ද්‍රවිඩ සංගම් පිල ඕවර 49.4 කදී කඩුලූ 8 ට 231 (දෙනුවන් රාජකරුණා 22, සචිත‍්‍ර සේරසිංහ 104, ජීවන් මෙන්ඩිස් 24, ගයාන් සිරිසෝම 45/3, සාලිය සමන් 49/3)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd