IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


එස්.එස්.පීගේ පහර කෑ සී.අයි රෝහලේ

(හේමන්ත රණසූරිය සහ උපාලි ආනන්ද)

කැබිතිගොල්ලෑව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටිගේ පහරදුන් බව කියමින් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල් ගත කර ඇත.

කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ කාර්යාලයේ දී රාජකාරිමය කතාබහක් දුරදිග යෑමේදී මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වේ

පොලිස් අධිකාරීවරයාගේ පහර කෑමට පහරකෑමට ලක්වූ බව කියන වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කැබිතිගොල්ලෑව මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් වී ඇති අතර පසුව වෛද්‍ය නිර්දේශ මත වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ගිලන් රථයක් මගින් මාරුකර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මේ සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරී ඉන්දික ලොකු හෙට්ටිගේ මහතාගෙන් ලංකාදීප කළ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඇත්නම් උසස් නිලධාරීන් එය විමර්ශනය කරනු ඇති බවයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පහරකෑමට ලක්වූ බව කියන කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඔහුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඔහුගේ නිල කාමරයේ දී පහර දුන් බවත් ඒ හේතුව නිසා ඔහුගේ වම් කම්මුල ප්‍රදේශය පිපිරීමකට ලක් වී ඇති බවත් ඔහුගේ හිස තදින් වේදනාවක් දැනෙන බවත්යි.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි විජේසේන මහතාගෙන් කළ විමසීමකදී මෙසේ පැවැසීය.

කැබිතිගොල්ලෑව පොලිස් අධිකාරී කාර්යාලයේදී සිදුවී ඇති බව කියන සිද්ධිය තමන්ට ද වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් ස්වාධීන  අපක්ෂපාතී වූ විධිමත් පරීක්ෂණයක් පවත්වනවා. සත්‍ය තොරතුරු අනාවරණය කරගැනීමත්,යම්කිසි පාර්ශවයක් වරදක් සිදු කර ඇද්ද යන්න නිශ්චිතව දැනට ප්‍රකාශ කළ නොහැකියි.

මෙම විමර්ශනය සඳහා උතුරු මැද පළාතෙන් පිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු හෝ නියෝජ්‍ය පොලිස් පොලිස්පතිවරයකු පරීක්ෂණ සඳහා පත් කිරීමට පියවර ගන්නාවා.

 



අදහස් (5)

එස්.එස්.පීගේ පහර කෑ සී.අයි රෝහලේ

ලුම්බිණි Wednesday, 25 January 2023 06:51 AM

මේ සම්බන්ධයෙන් ස්වාධීන අපක්ෂපාතී වූ විධිමත් පරීක්ෂණයක් පවත්වන්නේ පොලිසියමද?

:       1       18

Sunil Wednesday, 25 January 2023 08:08 AM

දූෂිත රාජ්‍ය පාලකයින්ට ගැතිවී මහජනතාවගේ අයිතිවාසිකම් තුට්ටුවකට මායිම් නොකරන පොලීසිය දැන් පාතාලයටත් වඩා අන්තයි.

:       1       15

de silva Wednesday, 25 January 2023 08:32 AM

මේ පුවතට අදාල නොමැති වුණත් මේ පන්සල්, පල්ලි, කෝවිල් වලින් ලවුඩ්ස්පීකර් දමාගෙන කරන ශබ්ද දූෂණය වහාම නැවැත්වීමට පියවර ගන්නඕනි. මේක විශාල කරදරයක්. නිදාගන්න, මනස එක තැනක තියාගන්න පාඩමක් , වෙනත් වැඩක් කරන්න බැහැ.

:       7       8

fairoos Wednesday, 25 January 2023 02:29 PM

දේශපාලකයන්ට කඩේ යන පොලිස් මහතුන්ට හොඳ වැඩේ... ඔයාලම ගහමරාගන්න ඕනෑ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 773 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site