සැප්තැම්බර් අට වැනිදා පළාත් සභා ඡන්දයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගත් එස් එම් රංජිත් මහතා ලබන සඳුදා උතුරුමැද මහ ඇමති වශයෙන් මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. මේ අතර ඔහුගේ සොයුරු වනජීවි හා ගොවිජන සේවා ඇමති එස් එම් චන්ද්‍රසේන මහතා සිය පදවියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මහින්ද රාජපක්ෂ ජනපතිට යැවීය. සහෝදරයන් දෙදෙනෙකු එවැනි තනතුරු දැරීම නුසුදුසුය යන පදනම මත ඔහු ඉල්ලා අස්වූ බව දැනගන්නට ඇත. දෙවරක්ම උතුරුමැද මහ ඇමති වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා මෙවර මනාප සටණින් රංජිත් මහතාට පරාජය විය. සබරගමුව මහා ඇමැතිවශයෙන් මහීපාල හේරත් මහතා දිවුරුම් දීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි (නි)
ජය වේවා! (නි)
ආදර්ශයක් නම් අපි ගරු කරන්නෙමු (නි)
එහෙම කියන්නේ කොහොමද සනා? (නි)
සමහර අය කියනවනේ අදත් හෙටත් මමයි මේ පළාතේ රජා කියලා (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මෙතුමාටද කෝඩුකාරයා කිවුවේ? (නි)
අයියෝ! රතිඤ්ඤා වලට වියදම් කරපු සල්ලිත් අපරාදේ! (නි)
හොද තීරණයක්. දැන්වත් උතුරු මැද සංවර්ධනයට හා ඔබලාගේ කැපවීම අවශ්‍යයි.(නදී)
අනිත් අයටත් හොද ආදර්ශයක්.(නදී)
ඔව් ඔව් අපි දන්නවා, මහ ඇමතිකම ඊළගට දෙන්නේ එස් එම් චන්ද්‍රසේන මහත්තයාට නේ. (නි)
ගොවිජන සේවා ඇමති එස් එම් චන්ද්‍රසේන මහතා අවංක ජනතා නායකයෙක් බව මේකෙන් හොදටම පැහැදිලියි. ජනාධිපතිතුමාට තිබුනෙ අස්වීම බාර නොගෙන ඉන්න. සබරගමුවෙ අපිට නම් හැමදාම හුළං. (නි)
ඔය නීතිය අර පවුලේ අයට වලංගු නැත.(නදී)
හොද ආදර්ශයක්. මල්ලි හින්දා වෙන්න ඇති.(නදී)
අනෙක් කෙනාට මොකද වුණේ? (නි)
නැද්ද වෙන කෙනෙක් එහෙම? (නි)
හොදයි. අලුත් මුහුණු... (නි)
අන්න අයියා මලෝ.(නදී)
නව මහ ඇමති තුමාට ජය වේවා!(නදී)
බර්ටිට මොකද වුණේ? (නි)
මැරෙණකම් මහ ඇමතිට මොකද වුණේ?
හිප් හිප් හුරේ! (නි)
කෝ අර මැරනෙකම් මහ ඇමති කිව් බර්ට් මහත්තයා.(නදී)
වැඩ පටන්ගත්තම ඉස්සැල්ලා හොයන්නේ බර්ටි ප්‍රේමලාල්ගේ වත් කම්.(නදී)
පදවියෙන් ඉවත්වීම ස්වයං තීරණයක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
දැන් ඉතින් හිටපු මහ ඇමති තුමාගේ පුතාට ඇමති කමක් ලැබෙයි.(නදී)
අන්න ඇමතිවරු.(නදී)
බර්ටි නැවත කැබිනට් එකට පත් වෙයි.(නදී)
නියමයි. මුලු රටටම හොද ආදර්ශයක්. ජයවේවා! (නි)
මට මෙය විශාල පීඩනයක් (නි)
නොදන්න නිසයි අහන්නේ. කොහේවත් නැද්ද අයියා, මල්ලිලා ඇමතිවරු වගේ තනතුරු දරන අය? (නි)
ඉහළම උගතාට දුන්නා නම් තමයි හොද (නි)
"සහෝදරයන් දෙදෙනෙකු එවැනි තනතුරු දැරීම නුසුදුසුය යන පදනම මත ඔහු ඉල්ලා අස්වූ බව දැනගන්නට ඇත." ඉහත වාක්‍යය සියල්ලන් සදහාම වලංගු නොවන බව කරුණාවෙන් සළකන්න. (නි)
මොන විකාරයක්ද මේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අයියෝ බර්ටි? (නි)
හොද ආදර්ශයක් ඇමතිතුමා..
මෙන්න මේක තමා මහත්වරුන්ගේ දේශපාලනය කියන්නේ.මේක අන් හැමෝටම ආදර්ශයක් වේවා. පදවියට වැඩිය මහත්මාකම ලොකුයි කියන එකයි චන්ද්‍රසේන මහතා කියා දුන්නේ. (නි)
තවත් නාටකයක්ද?
ආදර්ශවත් ක්‍රියාවක්..
හොද තීරණයක්.. කමක් නෑ මල්ලිටනේ..
චන්ද්‍රෙස්නට ඇති මොලේ අනිත් අයට නැති එකයි ප්‍රශ්නෙ.
ඔබ විශිෂ්ඨයි..
මම බලන්නේ ලංකාවේ උණුසුම් පුවත්ද?
නිවැරදි තීරණයට ස්තුතියි.
ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද දන්නේ නෑ
නියමයි
සැබෑ සහෝදරයත්වය.. මැරෙනකල් මහ ඇමතිට මොකද වෙන්නේ?
බර්ටි අන්කල් කොහෙද?
අනිවාර්යෙන්ම ජනතාවගේ කැමැත්තට තැන දෙන්න ඕනෑ. (නි)
එහෙනම් මැරෙනකම්ම මහ ඇමති කිවුවේ? (නි)
අයියා මොකද - මල්ලි මොකද... (නි)
මල්ලි ජනාධිපති, අයියා කතානායක.(නදී)
මැර බලය අවසානයි.(නදී)
මැර බලයට තිත.... (නි)
අයියගේ බඩ පිරිලා වගේ.(නදී)
හිටපු මහ ඇමතිතුමාගේ තත්ත්වයට නම් පත්වන්න ඵපා. ඔබට ඡය! (නි)
ඔබට ජය (නි)
කාලෙකින් දැක්ක සහෝදර පෙමක්. අයියා මල්ලිට ආදරෙයි. නෑණා මස්සිනාට ආදරෙයි. මේවා රගපෑමට තියාගන්නේ නැතුව හොදට ඉස්සරහට තියාගන්න.උණුසුම් සුබ පැතුම්! (නි)
ඉතාම සාධාරණ තිරණටක් හා පත් කිරීමක් .(ස)
වැඩක් කරනවා නම් එකම පවුලේ අයට තනතුරු ලැබුණත් මොකද වෙන්නේ? (නි)
අනේ පවු බර්ටි. (නි)
එයාට මොකුත් මතක නැල්ලු (නි)
ඉදිරියේ තව ජවනිකා තියෙනවා. බලන්න මීළගට මහ ඇමතිකමට චන්ද්‍රෙස්න මහත්තයාට ලැබෙන්නේ නැද්ද කියලා. ඉතින් ඊට පස්සේ .... (නි)
හොඳ අයියලා මල්ලිලා .(ස)
ඉතින් මහ ඇමති බැරිනම් ජනාධිපති වෙච්චදෙන්කො, අපිට මොකද බලන්න. රටේ හැමතැනම වාගේ පවුල් සමාගම් තියෙන එකේ මේ අයිය මලෝ දෙන්නත් මේ විදියට සාමයෙන් දෙයක් කරගන්නවා නම් කොච්චර හොදද. නේද? සහෝදර ප්‍රේමයට හොද ආදර්ශයක්. මේ කාලෙ රටේ අධ්‍යාපනයත් ඉතාමත් අනර්ඝ තත්වයක තියෙන නිසා මේ කතාවත් අපේ නංගිලා මල්ලිලාගෙ පෙළපොත් වලට ඇතුළත් කරන්න කියලා මා ඉල්ලා සිටිනවා. (නි)
නියම නීතිය...(ස)
බලමුකෝ එයාගේ වැඩත් (නි)
තීරණය හරි! ජනාධිපති ජනමතයට හිස නමනවා.ඔබට ජය! (නි)
මෙන්න නියම මහත්වරු (නි)
පරිස්සම්වෙන්න. ඔබට සුබ පැතුම්.(නදී)
එක එක්කෙනාට එක එක නීති. (නි)
ගැහුවානේද පාරක්...(ස)
සහෝදර ප්‍රේමයට ජය වේවා! (නි)
21වැනි ශතවර්ෂයට හොද වැඩක් (නි)
අයියෝ සල්ලි! කෝ දැන් පුස් වෙඩි? (නි)
එකම පවුලේ දෙදෙනෙකුට තනතුරු දුන්විට මේවා තමයි ප්‍රශ්න (නි)
සැමදෙනාම මොහුව ආදර්ශයට ගත යුතුයි...(ස)
"සහෝදරයන් දෙදෙනෙකු එවැනි තනතුරු දැරීම නුසුදුසුය යන පදනම මත ඔහු ඉල්ලා අස්වූ බව දැනගන්නට ඇත" එතකොට.........................(ස)
ඒක හැලියේ බත් කන්නේ ඒක පැදුරේ නිදි යන්නේ අයියා මල්ලී වාගේ හොද අයියා මල්ලී වාගේ .(ස)
චන්ද්‍රසේන ඇමති තුමාට මේ නැතිවුන ඇමති කම ගැන දුකයි.මොකද එතුමත් වැඩිම මනාප අරගනයි ඔය ඇමතිකම ගත්තේ.ඒත් ඒක ප්‍රශ්නයක් වන නිසා මේ තීරණය ගත්ත එක හොදයි.ඇමති තුමාට නොලැබී යන දේට වඩා මේ ලැබෙන්න යන දේ ගැන මිනිස්සුට ගොඩක් දැනෙනවා.කොහොම වුනත් ඔබ තුමාටත් සාධාරණයක් ඉෂ්ඨවෙයි කියන විස්වාසය තියෙනවා.වෙල් ඩන් ඇමති තුමා.ජය වේවා. .(ස)
මට නම් මේ ගැන සැකයි (නි)
සුභ පැතුම්! දිගුකල් වැජඹේවා! (නි)
සහෝදරයන් දෙදෙනෙක් තනතුරු දැරීම නුසුදුසුයි කියන්නෙ ඒකයි (නි)
හිටපු මහ ඇමති ගමට රටට කළ සේවය මොකක්ද? (නි)
කවුරු මහ ඇමති වුනත් අපිට වෙන සෙතක් නැහැ. බලන්න, කාම අපරාධ දැන් අඩු වෙලාද? රෝහලකට ගිහින් නිවැරදිව බෙහෙත් ටිකක් ගන්න පුළුවන් ද? (හොද බෙහෙත් ගන්න නම් ප්‍රයිවට් චැනල් එකට යන්න වෙනවා) පාසල් අධ්‍යාපනය? ගුරුවරු ටියුෂන් කරනවා ජිවත් වෙන්න සල්ලි මදි නිසා. විශ්වවිද්‍යාල ආචාර්යවරු ආත්මය අධ්‍යාපනය බේරාගන්න සටන් කරනවා. ඒ අස්සේ ඇමති පුතුන් ලක්ෂ 300-400 සැප වාහන තියාගෙන ලස්සනම ලස්සන සූරුපී කතුන් සමග සතුටු වෙනවා. ජනතාවට කවදාද සතුටක් ලැබෙන්නේ? (නි)
සුභ පැතුම් .දේශපාලන ගමන්මග ඉදිරියටම යන්න ලැබේවා....(ස)
එක අදහසක්වත් බර්ටිගේ පැත්තට පක්ෂ නැහැ (නි)
මලයන්ඩිය බිය නොවන්න බිලි වෙනහැටි මම පෙන්වමි. (ස)
මේ ඇමති තුමා වගේ අනිත් ඇමති තුමන්ලාත් ඉල්ලා අස්වෙනවා නම් සරසවි ප්‍රශ්නය ඉක්මනට විසදේවි (ස)
දන්නෝ දනිති..(ස)
අනේ මෙහෙම විහිලු තහළු! (නි)
තිරය ඇරෙනවා, තිරය වැහෙනවා.... නාටකය පටන් ගන්නවා (නි)
සහෝදරත්වයෙන් වැඩකරන එක හොදයි (නි)
ඉස්සර ඔය නීතිය තිබෙන්නෙ නැතුව ඇති. බර්ටිට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
කවුරු ආවත් දුප්පත් අපිට ඇති වැඩක් නැහැ. (නි)
මාර නීතියක්නෙ වැඩි මනාප ගත්තනම් සහෝදරකම් බලන්න දෙයක් නැහැනේ... චන්ද්‍රෙස්න ඇමතිතුමාට එයාගෙ ඇමතිකම ආපසු දෙන්න තියෙන්නේ.. (නු)
නියමයි ඔහොම යං..! (නු)
බලන්නකෝ ජනාධිපතිතුමාට සහෝදරයෝ කීදෙනෙක් ඉන්නවද කියලා. මෙහෙම ප්‍රශ්න නැහැනේ (නි)
ඒ වුණාට බලන්නකෝ අපේ ජනාධිපතිතුමා තමන්ගේ සහෝදරයන් සමග එක්ව වැඩකරන අපූරුව (නි)
පක්ෂයේ නීතියට අනුව එකම පවුලේ දෙදෙනෙකුට ඇමතිකම් දැරිමේ තහනමක් නැහැ. (නි)
මේ එයා නෙමෙයි..(ස)
චන්ද්‍රසේන ඇමතිතුමනි ඔබ අපට ආශිර්වාදයක් (ස)
දේශපාලන විහිලු. එහෙමනන් හැමෝටම බලපවත්වෙන්න ඕනෙ නේ (ස)
කලින් හිටපු කෙනාට දෙවියන් දුන් දඩුමක්ද .......(ස)
එතකොට අනිත් අයත් අස් වේවිද ?? (ස)
චන්ද්‍රසේන ඇමතිතුමා ගේ තැනට බර්ටි ඇමතිතුමා ලගදිම ඒයි (ස)
හොදයි සන්තොසයි
අනේ හොදයි
එස්.එම රන්ජිත් මහතා ගිය වර අඩු අත්දැකීම් නිසා මහා ඇමතිකමට තේරුනේ නැහැ. හැමදාම එයා නවකයෙක් විදිහට සළකළා බර්ටි ප්‍රේමලාල් මහතාටම ප්‍රධාන ඇමතිකම දීම අසාධාරණයිනේ. මෙය තමයි ඉතාම නිවැරදි තීරණය. සහෝදරයාගේ ක්‍රියාවද අගය කළ යුතුයි. (නි)
උතුරු මැද නම් හොදයි..ඒත් නැගෙනහිර..? (නු)
හෙට වනජීවී සහ ගොවිජන සේවා ඇමති ලෙස බෙර්ට්ය් දිසානායක මහතා දිවුරුම් දේවි (ස)
රටට සේවය විතරයි අපිට ඕනේ
ඒක තමා. වෙන කස්ටිය ඔහොම ඉල්ලා අස්වෙන්නේ නෑනේ,අයියලා මල්ලිලා කියලා. චන්ද්‍රෙස්න ඇමතිතුමා පොඩි විවේකයක් ගන්න තමා ඉල්ලා අස්වෙන්න ඇත්තේ.මොකද එතුමා දන්නවා නැවත වරක් මැතිවරණයකට ඉදිරිපත් උනොත් නිසැකවම ජනතා වරම ලැබෙන බව. ඒ නිසා බය නැතුව අස්වීමේ ලිපිය බාරදෙනවා. ගොඩක් හොදයි. එහෙම තමා අනිත් අයත් කටයුතු කරන්න ඕනේ. කොහොම උනත් දැන් උතුරුමැද මහජනතාවට සේවය කරන්න ඔබතුමාට කාලය ඇවිත්.අළුත් මුහුණක්..අළුත් අදහස්.... මහජන මතයට අනුව කටයුතු කළාට ජනාධිපති තුමාට විශේෂ ස්තූතිය..... ජය වේවා....!!! මැර කමින් තොරව යහපාලනයක් ගෙනයන්න.දිගු ගමනක් යන්න ආශීර්වාදය ප්‍රාර්ථනා කරමි. සුභ අනාගතයක් !!! (ස)
අපිට මොකද අනේ
කැබිනට් සංශෝධනයේදී වෙන ඇමතිකමක් ලැබෙයි. (නි)
ජයවේවා
අනේ මන්දා ඓතින්
අනේ බර්ටි මහත්තයෝ, ඔයා නැතිවුණා කියලා ශ්‍රී.ල.නි.ප. ය පරදීද? තමන්ගෙ තරම දැනගෙන කතා කළොත් හොඳයි නේද? (නි)
රෝමා, අනෙක් අයට ඊර්ෂ්‍යා කරන්න එපා. (නි)
අනේ අපේ අනුරපුරේ දැන්වත් හොදට හදන්න. (නි)
කොහොමද කියන්නේ
දැන්නම් උතුරු මැදට හොද කලක් යයි. (නි)
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොද පාඩම්. (නි)
චන්ද්‍රසේන ඇමතිතුමාට ජය වේවා! (නි)
අපි බලමු
බර්ටි මහත්තයා, එහෙනම් දෑන් මොකද කියන්නේ? (නි)
කවුරු මහා ඇමති වුනත් අපිට එකයි. මොකද අපි කන්නේ බොන්නේ අපි රස්සාව කරලා අමාරුවෙන් හම්බ කරලානේ..(ස)
දෙදෙනාගෙන් කවුරු පත් වුවත් අපට වෙනසක් නැත. (නි)