මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කථා විලාශයට ‘හිටන්, හුටං‘ යනුවෙන් මඩ ගැසූ වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා දැන් සිරිසේන මහතාට සහාය දැක්වීම හාස්‍යයක් බව වයඹ පළාත් සභා විපක්ෂ නායක ජේ.සී.අලවතුවල මහතා කියයි.
බලයේ රැඳී සිටීමට ඇති කෑදරකම නිසා ඇට නැති දිව හැරෙන පැත්තට හරවන ජයසේකර කවුදැයි මුළු රටම දන්නා බවත් අලවතුවල මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා ඡන්දයේදී මේ හැම දේටම උත්තර ලැබේවි (දිල්)
උගත් කෙනෙක් වෙලත් මෙහෙම හැසිරෙන්න ඇයි (දිල්)
අගමැතිතුමනි , මේ පුද්ගලයා නම් වැද්ද ගන්න එපා. කොයි පක්ෂයකටවත් ගැලපෙන්නේ නැති දේශපාලකයෙකි. මට මතකයි ඉස්සර කාලේ " එන්න එන්න රජ මැදුරෙන් කන්න " කියල මහින්ද මහතාට අපහාසෙට සින්දු කියල අන්තිමේ ඒ දන්සැල ඇතුලටම රිංගා ගත්තා. දැන් මෙන්න ආයෙත් සින්දුවක් කියාගෙන අනිත් පැත්තට ඇවිල්ල. මෙයාව ආපහු අරගත්තොත් හැමෝම අමාරුවේ . (බ)
අපි මෙතන අත ගෙවෙනකන් අදහස් ලියල සහයෝගය දුන්නේ මේ වගේ කයිරාටික ඇත්තන් ආපහු භාර ගන්න නෙවෙයි. (බ)
දැං බලගෙන ගියහම ඡ්න්දෙ දෙන එකේ තේරුමක් නැහැනෙ. (බ)
දේශපාලනය විහිළුවක් බවට පත් වෙන්නේ මෙන්න මේ වගේ උදවිය නිසා. (බ)
මෙහෙම ලජ්ජා නැති මිනිස්සු.(හේ)
නිර්වස්ත්‍රව මේ පැත්තට ආවනම් හරි (බ)
මේක සහතික ඇත්ත. මේවගේ මිනිස්සු සදහටම දෙසපාලනිකව නන්නත්තාර කරවිය යුතුමයි. (බ)
අනේ පව් අනේ! එයාව ගන්න කොහොමහරි. හොඳ කථිකයෙක්නේ. (නි)
කලින් පනින්නේ නැතිව හිටියා නම් කියලා දැන් හිතෙනවා ඇති නේද (දිල්)
දක්ෂ කෙනෙක් රටට සේවයක් කරන්න ඉඩ දෙන්න (දිල්)
මෙයා නම් ගන්නම හොද නෑ (දිල්)
ඔයාල හැමෝටම තේරෙනවා එහෙට මෙහෙට පනින බල තණ්හා මැටි මොල්ලු දෙසපලනයට සුදුසු නොවන බව. එක නව ජනදිපතිට තේරෙන්නේ නැතිනම් එක ලොකු ප්‍රශ්නයක්. බලමු එයාගේ තීරණය මොකද්ද කියල. (අ)
බල ලෝභයනේ. මෙවන් අය තමයි හැම වැඩේම කරන්නේ (නි)
වයඹ බලය විපක්ෂයට හිමිවෙනවා. එතකොට මෙතුමාගේ මහා ඇමති කම නිකම්ම නැතිවෙනවා. පනින්නේ නැතිව හිටියානම් අද පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමති කෙනෙක්. (ර)
ඡන්දය දීලමේ අය පරද්දන එකේ තේරුමක් නැහැ වගේ මෙහෙම ලජ්ජා නැතිව පනිනවා නම්. (අ)
කාටද ලැජ්ජා? අපිටද? එයාලටද? (නි)
මමත් එයා ගැන හොඳට දන්නවා.මෙහෙම කට්ටිය ගන්න එපා. (නි)
අපේ රටේ විතරක් නොවේ ලෝකයේ හැම රටකම, එකම භාෂාව වුණත් කථා කරන විදිය සහ උච්චාරනය විවිධ බව, උගත් යැයි කියාගන්නා මෝඩයන්ට නොවැටහීම ඉතාම අවාසනාවන්ත කරුනකි.දයාසිරී ජයසේකර නම් වූ පුද්ගලයාද ඈත ගමක උපන්නෙකි, එහෙත් ඔහු තමාගේ අනන්‍යතාවය සඟවා ගැනීමට උත්සාහ ගන්නා අධම ගති ඇත්තෙක් යැයි මට සිතේ. ඔහුගේ එකම හැකියාව වන සිංදුවක් කියාගෙන හිටියා නම් ජනතාව අතරේ ඊට වඩා ජනප්‍රියව සිටීමට අවකාශයක් ඇත. (අ)
මේ මිනිස්සු යන තැන කඩා වැටෙනවා (බ)
කණගාටුයි කියන්න. ඒත් නොගෙන බැරිවෙයි (නි)
තමන්ගේ වාසිය කව්රුත් බලන්නේ (බ)
වරප්‍රසාද වෙනුවෙන් අනුන්ට අපහාස කර මඩ ගසමින් වැදගත් ශීලාචාරි පුද්ගලයන් අසරණ කළ මෙවැනි කොටළුවන්ට ආරාධනා කරන්න එපා.මේ අය උපතින් ගෙනා පාදඩ ගතිගුණ වෙනස් කරන්න බැහැ.පිරිසිදු රටක් හදනවා නම් මෙවැනි අපිරිසිදු චරිත මුලිනුපුටා දමන්න.නැත්නම් මේවා අලුත් රජයට පිළිකා වේවි. (බ)
මේ හාදය හරිම කපටි දේශපාලකයෙක්.අපි ඡන්දෙ දුන්නේ මොකටද මේ අයට (අ)
හොද්ද රස කරන්න ගොරකා දැම්මට ගොරකත් එක්ක බත් නොකා ඉමු. (අ)
ගන්න නම් එපා (බ)
අනේ අම්මේ මෙවාගේ හරක්. ඡන්දෙ දෙන්නේ මීට වඩා ගොන්නු (අ)
කරුණාකර පනින අයට බනින්න එපා, මේ වාගේ දුප්පත් අයට ඇමරිකාව, චීනය වාගේ රටවල් වලට පනින්න නුපුළුවන් නිසා රැකෙන්න ක්‍රමයක් හොයාගන්න පනිනවා ඇති (අ)
මෙයා වාසි පැත්තට හොයිය වගේ.මේ වාගේ අයට ඡන්දෙ දෙන්නෙ ඊටත් වඩා ගොන්නු . (අ)
ගන්න නම් එපා. (අ)
අනේ මන්ද මේකද දේශපාලනේ.අපි කාවද විශ්වාස කරන්නේ.උනුත් එකයි මුනුත් එකයි. (අ)
අත්තෙන් අත්තට පනින කුරුල්ලා බිම වටිනොතින් චොහොර කුරුල්ල (අ)
අනේ සර්වබලධාරී දෙවියන් වහන්ස.! පාපතරයින් පලවා හැර අපේ රට යහමගට යවන්නට පිහිට වනු මැනවි. අපට නායකයෙකුයයි කට පුරා කීමට හැකි අවංක උගත් බුද්ධිමත් තරුණ දේශපාලන නායකයෙකු බිහි කර දෙනු මැනවි. (අ)
ඉදිරි මැතිවරණ වලදී මනාප ගැසීමෙන් වැළකී පක්ෂයට පමණක් ඡන්දය දෙමු (අ)
මොහු එපාප යේ ඉන්න විට පල නොකියා පලා බෙදුවා. මේ නිසා අකමැත්තෙන් ඔහුට සංධානෙට යන්න උනා. ඔහුට සමාව දෙමු. (අ)
අනේ මන්ද කකුල් දෙකෙන් ඇවිදදට මෙකෙක්ද දන්නෙ නෑ. (අ)
මේ කට්ටියගේ අදහස් වත් බලල හැදෙන්න දයාසිරි. ඔබ නම් මහා දෙපිට කාට්ටුවෙක්. (අ)
ටිරෝන්, දය , කනිෂ්ක. සරත් ඔබලා සමග. එකගයි. මේ වගේ දිව හැරෙන පැත්තට කතා කැරෙන අය.ගත්තොත් යහ පාලනය බොරු. (අ)
ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා කවුරු ගත්තත් දෙපත් නයින්ව ගන්න නම් එපා කියලා. (නි)
දේශපාලනය කියන්නේ හිතා ගන්න බැරි පිරිසක් ඉන්න තැනක්. ඉතින් අපිත් මොකට කාලේ කනවද මේ දේවල් වෙනුවෙන් (දිල්)
දයාසිරි, ජොනි ආයේ ඔබලාට නැවත ඉඩක් නැත. (නදී)
මෙහෙම අයට ඡන්දෙ දෙන අයටයි ගහන්න ඕනෑ. (නි)
රටට අවශ්‍ය පිල් මාරුකරන, දෑත් ශක්තිමත් කරන්න පනින ගෙම්බන් නෙමෙයි. ගරු ජනපතිතුමනි,ලංකාවේ ඔය දේශපාලන ක්‍රමවේදයේ වෙනසක් කරන්න.මහජනයාගේ ඡන්දයට නියම වටිනාකමක් නීතියෙන් ගෙනදෙන්න.යමෙක් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට හෝ වෙනත් ආයතනයකට තේරී පත්වුණා නම් පනිනකොට හැම නිලයක්ම බලයක්ම වරප්‍රසාදයක්ම අහෝසිවෙන ආකාරයට නීති කෙටුම්පත් සකස් කරන්න. එතකොටයි නියම යහපාලනය ඇති කරන්න පුලුවන්. මහජනයාගේ ප්‍රජාත්‍රන්ත්‍රවාදි ඡන්ද බලයෙන් පනින රිළවුන්ගේ මඩි තරකරගන්න ඉඩදෙන්න එපා.හෑම හොරයක්ම හෙළිකරන්න මාධ්‍යයට නියම නිදහස දෙන්න. (නි)
මේ වගේ එහාට මෙහාට පනින දේශපාලන ගෙම්බන් ඉන්නාතුරු ශ්‍රී ලංකාවේ දේශපාලනයට අබ සරණ තමයි! මේ වගේ අය කොහෙට ගියත් එහි වාසිය ඔවුන්ටම මිස ජනතාවට නම් කිසිදිනක ලැබෙන එකක් නැහැ. (නි)
අන්තිම රැස්විමේදී මේක බැන්න බැනිල්ල ඇහුවනම් (බ)
ගරු ජනපතිතුමනි, අගමැති තුමනි, මෙවැනි අවස්ථාවාදී කපටි උදවිය ටත් සමාව දෙන්න. එහෙත් තනතුරු නොදෙන්න. තව මාස තුනකින් ඡන්ද දායකයා බලවත් වන දවසක් එනු ඇත. (බ)
මෙන්න මේ ප්‍රතිපත්තියක් නැති දේශපාලනයට නම් තිත තියන්නම වෙනවා (නි)
යසිරු , මහේෂ් මම ඔයාලත් එක්ක එකඟයි දැන් අපට කරන්න තියෙන්නේ අර බ්‍රෙෂ්ට් කිව්වා වගේ " අලුත් ජනතාවක් තොර පත්කර ගන්න එක තමයි ! (අ)
දින සියයේ වැඩේට මේ වගේ අය නොගෙන ඉන්න එක හොඳ බව මගේ අදහසයි. දින සීයට සහයෝගය දුන්නත් වැරදි කර තිබෙනවා නම් දඬුවම් දෙන්න වෙනවා. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ගන්න නම් එපා පුතෝ අනතුරු හැඟවීමක් (අ)
මිනිසුන් මේ තරම් ගුණමකුද දෙවියනේ! (නි)
රටට අවශ්‍ය පිල් මාරුකරන, දෑත් ශක්තිමත් කරන්න පනින ගෙම්බන් නෙමෙයි. ගරු ජනපතිතුමනි,ලංකාවේ ඔය දේශපාලන ක්‍රම වේදයේ වෙනසක් කරන්න. මහජනයාගේ ඡන්දයට නියම වටිනාකමක් නීතියෙන් ගෙන දෙන්න. යමෙක් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට හෝ වෙනත් ආයතනයකට තේරී පත්වුණා නම් පනිනකොට හැම නිලයක්ම බලයක්ම වරප්‍රසාදයක්ම අහෝසි වෙන ආකාරයට නීති කෙටුම්පත් සකස් කරන්න. එතකොටයි නියම යහපාලනය ඇති කරන්න පුලුවන්. මහජනයාගේ ප්‍රජාත්‍රන්ත්‍රවාදි ඡන්ද බලයෙන් පනින රිළවුන්ගේ මඩි තරකරගන්න ඉඩදෙන්න එපා. හැම හොරයක්ම හෙළිකරන්න මාධ්‍යයට නියම නිදහස දෙන්න. (නදී)
ඔය කාගෙකාගෙත් ලිපිගොනු පරීක්ෂා කරනවා නම් හොඳයි (නි)
හැමෝම හිතුවෙ දයාසිරි කොන්දක් තියෙන පිරිමියෙක් කියල...(බ)
"සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා" (නි)
මේ වගේ අය නිසා රටට වෙන්නේ මහා විනාශයක් (නි)
100% සත්‍ය බව මගේ හැඟීමයි. (ර)
මට තේරෙන්නේ නැහැ මේ උදවිය මොන ජාතියේ කට්ටියද කියලා. (ර)
ගන්න හොද නෑ මේ වගේ අය නම් (දිල්)
දින 100 වැඩ පිළිවෙළට පාර්ලිමේන්තුවේ බහු තරයට කට්ටිය ගත්තට මේ වගේ ගන්න එපා කියලයි මගේ නම් අදහස. ඕනේ නම් අර ගන්න නමුත් අපිට බනින්න එපා ඒ ළඟ පාර ඡන්දෙ දුන්නේ නැහැ කියලා(දිල්)
එදා හිටන් කිවුවා... දැන් ගිහිල්ලා හිටන්... මේ වගේ හුටන්ලට ඡන්දෙ දෙන අපි දැන් බලාඉඳිමු හිටන්!!!! (නි)
වාසි පැත්තට හෝයියා කියන පිරිසක් තමයි අද ඉන්නේ (දිල්)
අලවතුවල මහත්තයට වගේ තමයි එජාපෙ බහුතරයකට වෙලා තියන දේ (බ)
කඩේ යන අය ඔන්න ඉන්නවා (නදී)
කාගේත් සහාය අවශයි. ඊක ඇත්ත. (බ)