(නිමන්ති රණසිංහ)
හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජිව මැයි 22 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (8) නියෝග කළේය.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට අැති චෝදනාව වේ.
මෙම නඩුවේ සාක්කිකරුවන් සම්බන්ධයෙන් වු ලිඛිත දේශන සවිස්තරාත්මකව බී වාර්තාවක් ලබාගැනීමෙන් පසු ඉදිරි දිනයේදී ලබා දෙන බව ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර රොද්‍රිගු මහතා අධිකරණයට සඳහන් කළේය.ඒ අනුව විමර්ශන සිදු කර වැඩිදුර වාර්ථාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 22 දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd