සායනයක දී දුන් එන්නතින් පසු හය මාසයක ළදරුවකු කළුබෝවිල රෝහලට ඇතුළු කළ බව රෝහල් හා පොලිස් ආරංචි කියයි.
එන්නත දීමෙන් පසු දැරිය අප්‍රාණික වු බවත් මව්පියෝ කියති. පිළියන්දළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සරත් මණ්ඩලවත්ත මහතා පැවසුවේ මේ ගැන පරික්ෂණයක් පවත්වන බවයි.
පිළියන්දල පොලිසිය වෙනම පරික්ෂයක් පවත්වයි.
පංච සංයුජ එන්නත තුන මෙම දැරියට දී ඇතැයි දැනගන්නට ඇත.

![DSC07915[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC079151.png)
![image-0-02-01-1ea61721451424c15c25321fc88a0b9dbc451532242f042cc5087c1be33841a1-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/image-0-02-01-1ea61721451424c15c25321fc88a0b9dbc451532242f042cc5087c1be33841a1-V1.png)

COMMENTS
බටහිර රට වල සමහර දෙමවුපියෝ දැන් දැන් දරුවන්ට එන්නත් දෙනවාට අකමැතියි. මෙවැනි සිද්ධීන් නිසා. මොහමඩ් කියන කතාව ඇත්ත. තුන්වන ලෝකයේ රටවලට එවන එන්නත් වලට කොහොමටත් හරියට පරීක්ෂණ කරලා නැහැ. ලොකු බෙහෙත් නිපදවන සමාගම් අපේ රටවල් වල දරුවන් යොදාගෙන තිබෙන්නේ අත්හදාබැලීම් සඳහා. (බ)
රාජිත මොනවද මේ ගැන කියන්නෙ(රේ)
අපිට ඔය එන්නත් එකක්වත් ගහල නෑ, තාමත් හොද හයිය තියෙනවා, මේ ඔක්කොම එන්නත් බටහිර කුමන්ත්‍රණ, සනීපෙන් ඉන්න දරුවන්ව ලෙඩ කරනවා, පස්සේ ඔය දරුවන් ලොකු වුනාම ඉස්පිරිතාල වලටම ලොකු ගාණක් වියදම් කරලා තාමා මැරෙන්නේ. මට බනින්න ගෝත්‍රික මානසිකත්වයක් කියල. (බ)
අර හොර දොස්තරලාට විරුද්ධව පෙළපාලි ගිය හොඳ දොස්තර කෙනෙක් නේද බෙහෙත් දුන්නේ? (නි)
මේ වගේ දේවල් තව කොපමණ වෙනවා ඇද්ද? අපිට සිංගප්පූරුවේ පිහිට තමයි (නි)
සරත්, මාස හයේ එන්නත වෙනුවට මාස හතරේ එන්නත ආයෙත් දෙන එක සුළු අතපසුවීමක් වෙන්නේ කොහොමද?(හේ)
ධම්මි, මම රාජිතගේ කව්රුවත් නෙමෙයි. නමුත් ඕනෑම එන්නතක් හරි බෙහෙතක් හරි ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක අසාත්මික වෙන්න පුළුවන්. මේක එහෙම දෙයක්ද, එහෙමත් නැත්නම් (රාජිතලත් වගකිවයුතු) බාල වර්ගයේ එන්නතක් නිසාද, එහෙමත් නැත්නම් කල්ඉකුත්වුණ එකක් නිසාද කියලා හොයන්න ඕනෑ (නි)
කෝ අර රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය? (නි)
අහිංසක දරු පැටියාට දෙවි පිහිටයි! (නි)
ජයත්, රටට හොර බෙහෙත් එන එක වළක්වන්න වැඩකරපු ඖෂධ සංස්ථාවේ උගත් වැදගත් නිලධාරීන්ව එළියට ඇදලා දාලා හොරුන්ට එ්ක භාරදීපු අයගෙන් ඕක අහන්න (නි)
මෙහෙම ගියොත් අපිටත් සිංගප්පූරු පිහිට තමා. මේ සතියේ අහපු දෙවැනි සිදුවීම (නි)
ඔයාල එකක් එක දේවල කියන්නේ නැතුව දරුවා බේරගන්න සිංගප්පුරුවේ හරි යවන විදිහක් ගැන කතා කරමු .මේ දරුවාගේ දෙමාපියන්ට මොනතරම් වේදනාවක් ඇතිද. (බ)
පොඩි ළමයෙකුට බෙහෙතක් දෙනකොට මිට වඩා සැලකිලිමත් වෙන්න ඕන මේ මිනිස්සු. මේ වගේ දේවල් ආයෙත් නොකරන්න දඩුවම් දෙන්න ඕන. (ම)
පවු අහිංසක දරු පැටියා! (නි)
සමහර අය මෙතැන් කොමෙන්ට් කරලා තියෙන්නේ වැරදි වැටහීමකින්. ඕනෙම බෙහෙතක් ඕනෙම කෙනෙකුට අසාත්මික වෙන්න පුළුවන් අපි නිතර බොන පැරසිටමෝල් පවා අසාත්මික වෙන්න පුළුවන් ගණන් නොගෙන හිටියොත් මරණය පවා ඇතිවිය හැකියි.(බ)
මේකට හේතුව 1. ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් අතයට ජරාව අරන් ගෙන්වීම. 2. බෙහෙත් ගෙනල්ලා කල් ඉකුත් වෙනකම් නුසුදුසු විදිහට ගබඩා කරලා තියල නිකුත් කිරීම. 3. පළපුරුද්දක් නැති අය මෙම කටුතු වල යෙදීම වගේ කාරණයක් වෙන්න පුළුවන්. (බ)
හරිම සුරතල් දරුවෙක්. ඉක්මන් සුව! (නි)
තෙරුවන් සරණින් චුටි දුවට ඉක්මන් සුවය ලැබේවා! කිසිම අනතුරක් නොවේවා! (නි)
මමත් ජයාත් සමඟ එකඟ වෙනවා. විශේෂයෙන් ජයාත් ඉදිරිපත්කළ එම හේතුන් බොහෝදුරට මෙහෙම සිද්ධීන් වලට හේතුවක් වෙන්න පුළුවන්. (නි)
සුළු අතපසුවීම් වෙනවා. එච්චර ගණන් ගන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ (නි)
මොහොමඩ්ගේ කතාවට මමත් එකඟයි (හේ)
ඕනෙම එන්නතක් ආසාත්මික විය හැක. (හේ)
දැන් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද?(හේ)
දැන් මේ දරුවාට පසුව මෙය බලපෑමක් විය හැකියි.(හේ)
ඕනෙම එන්නතක් ආසාත්මික විය හැකි. මාස 2,4,6, තුනම දෙන්නේ එකම එන්නත. (හේ)
මේ දරුවට ඉක්මනටම සනීප වේවා! (හේ)
තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා. ...(රේ)
දේව මාතාවගේ පිහිටෙන් ඉක්මනටම සුවය ලැබේවා! (නි)
මෙහෙම ගියොත් අපිටත් සිංගප්පූරු යන්න තමයි වෙන්නේ (නි)