ශ්‍රී ලංකාවට අදට අතිශයින් අත්‍යවශ්‍ය  මෛත්‍රී පාලනයක් බිහිකිරීමට හැකිවේවායි අභිනවයෙන් පත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ දෙපළට  සුභ පතන බව එක්සත් ජාතික පක්ෂයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ සභාපති හර්ෂක කන්නන්ගර ලිපියක් මඟින් දන්වා ඇත.

අද ශ්‍රී ලංකාවේ අභාවයට පත්ව ඇති යහ පාලනය ස්ථාපිත කොට අල්ලස, දුෂණය වලක්වා සාමාන්‍ය ජනයාගේ දිළිඳුකම අවසන් කර සදාචාර සම්පන්න උගත් ජන සමාජයක් යළිත් බිහි කිරීම සඳහා මෛත්‍රී පාලනයක් යටතේ ක්‍රියාකරනු ඇතැයි බලාපොරොත්තුවන බවද එම සුභාසිංශන ලිපියෙහි දක්වා ඇත.

විවිධ තාඩන පීඩන සහ අසාධාරණකම් තිබියදී සදාසම්පන්න මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සිරිසේන මහතාගේ කණ්ඩායමට ආචාරය පිළිගන්වන බවත්, සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමසාරිස් වරයා ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්ටත් පොලිසියටත් ස්තුති වන්ත වන බවත් මැතිවරණයෙන් පසු රටතුල කිසිදු කළ කෝලාහලයක් ඇති නොවීම සම්බන්ධයෙන් තමන් ඇතුළු එජාප මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ සියලුම දෙනා සතුටු වන බවත් එම ලිපියෙහි දැක්වෙයි.

UK