විරෝධතා වලට එල්ල වූ වෙඩි ප්‍රහාර මේ වන විට ජල ප්‍රහාර බවට පරිවර්තනය කරන්නට හැකි වී තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියයි.
අද විරෝධතා කරන්නට නිදහස ලබා දී තිබෙනවා සේම විරෝධතා දිනෙන් දින ඉහළ යාමක්ද දක්නට ලැබෙන බවද ඔහු පවසයි. රට තුළ ඇති වී තිබෙන නිදහස කොතරම්දැයි එමගින් පැහැදිලි වන බවත්, මේ බව අවබෝධ කර ගැනීම සියළු දෙනාගේ වගකීමක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
‘ රජයට විරුද්ධව විරෝධතාවල නිරත වෙන්න අද ඕනෑම කෙනකුට පුළුවන්. අපි බලපෑම් කරන්නේ නෑ. මාර්ග අවහිර වීම ඇතුළු යම් යම් කාරණා මත ජල ප්‍රහාරයක් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වෙනවා. නමුත් රතුපස්වලට, කටුනායකට, හලාවතට එල්ල වුණා වගේ වෙඩි ප්‍රහාර එල්ල වෙන්නේ නෑ. මේ තමයි වෙනස. වෙනස සතුටුද අහන අයට අපි උත්තර දෙමු. ඔව් වෙනස සතුටුයි. ධීවරයෝ මරපු, විරෝධතාවයේ නිරත රතුපස්වලට වෙඩි තියපු, විශ්‍රාම වැටුප රැක ගන්න පාරට බැහැපු කටුනායක තරැණයින්ට වෙඩි තියපු ආණ්ඩුවක හිටපු හැම කෙනෙකුම මේ වෙනසට ඊරිසියා කරනවා. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංග මහත්තයෝ, රටේ මිනීමාරු ඉතිහාසයේ සියලු වගකීම් යුඇන්පීය බාරගත යුතුයි. නිකන් බොරුවට ගැලරියට විතරක් කතාකරන්න එපා. (නි)
මොනවා කිවුවත් දෙපැත්තෙන්ම එල්ල කළේ ප්‍රහාර නේද. ඔහෙලත් පටන්ගන්නේ ඔහොම තමා. ඕවා ඡන්දය ඉල්ලන කාලයේදී කියන්න බැරි තරමට වෙනස් වේවි! අපි නොදන්න දේශපාලුවෝ. (නි)
මොනවා වුණත් කොයිවත් ප්‍රහාරනේ (නි)
බටලන්දෙ කට්ටිය ගැනද අපිට කියන්නෙ? (නි)
එතකොට එදා කටුකම්බි, පරාල ඇණ, එස්ලෝන් බට සහ ටයර් සෑය අද මොනවාද. (නි)
පරාල ඇණත් තිබුනනේ නේද? (නි)
මෙතුමාට මතක නැතිවෙලා. මතක තියෙන කෙනෙක්ගෙන් ඇහුවා නම් කියාවි 88,89 ගැහුවෙ හුළං බෝල කියලා (නි)
මොහුු කියන කතාවෙත් ඇත්තක් තිබෙනවා. නමුත් අපිට තිබෙන ප්රශ්නය දිනපතාම කොළඹ පවත්වන උද්ඝෝෂණ නිසා අපිට රැකියාවට යාමට, වෙනත් වැඩ වලට යාමේදී ඇතිවන අපහසුව සුළුපටු නැහැ. ආණ්ඩුව ඇස්කන් පියාගෙන ඉන්නවා. නමුත් මෙම විකාර නිසා රටේ ආර්ථිකයට ඇතිවන හානිය ගැන කවුරුවත් කතා නැත. ඉස්සර බයේ කවුරුවත් වැඩිපුර දැඟලුවේ නැහැ. නමුත් දැන් තත්වය අධිකරණ නියෝගයට විරුද්ධවත් උද්ඝෝෂණ (නි)
ඒ කියන්නේ ඇමතිතුමා, මේ ආණ්ඩුවට එකතුවෙලා ඉන්න සන්ධානේ කට්ටියද? ඔබතුමාට බියක් සැකක් නැතුව පෙරමුණ ගන්න පුලුවන්නේ. (නි)