‘හරියටම අවුරුදු තුනකට කළින් පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට මහින්ද රාජපක්ෂ රජයෙන් වෙඩි තිබ්බා. එදා ඔවුන් වෙඩි තිබ්බට අපි අද රතුපස්වල වැසියන් විදියට ඔවුන්ට බොන්න ජලය දෙනවා.‘ යැයි වැලිවේරිය ගල්ලොලුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ අද (31) කීහ.
රතුපස්වල වෙඩි තැබීමට වසර තුනක් සපිරීම නිමිත්තෙන් හා ඒකාබද්ධ විපක්ෂයේ පාගමනට විරෝධය පළ කරමින් කොළඹ-මහනුවර පාරේ ඔරුතොට හංදියේ බෝධිය අසල දී සිරිධම්ම හිමියෝ එලෙස කීහ. 2013 අගෝස්තු පළමු වැනි දා යුද හමුදාවෙන් ගම්වාසීන්ට මුලින්ම පහර දුන්නේ මෙම ස්ථානයේදී ය.
රතුපස්වල වෙඩි තැබීමේ තෙවර්ෂපූර්ණය සැමරීම සදහා අද (31) දහවල් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙන බව මීට පෙර ප්‍රදේශයේ පෝස්ටර ගසා තිබිණි. ඒ ගැන පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පෙළපාළිය යන අවස්ථාවේ විරේාධතා ව්‍යාපාර තහනම් කරමින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය රතුපස්වල වැසියන්ට නියෝගයක් නිකුත් කළේය.
අද (31) දහවල් එකට පමණ තෙරිපැහැ සිරිධම්ම හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා දෙනමක් සහ ගම්වාසීහු කිහිප දෙනෙක් නුවර පාරේ ඔරුතොට හංදියට පැමිණ සිටියහ. එතැන පිහිටි බෝධියට පහන් තුනක් සහ මල් පූජා කළ හිමිවරු ආගමික වතාවත් ද සිදු කළහ.
‘එදා වෙඩි හඩට රතුපස්වල අපෙන් ජල බිදක්‘ යනුවෙන් බැණරයක් බෝධිය අසල ගසා තිබිණි. ඒ ඉදිරිපිට වතුර බෝතල් 25ක් 30ක් ද ගොඩ ගැසූහ. ඉන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ තෙරිපැහැ සිරිධම්ම හිමියෝ එතැනින් පිටවී ගියහ. ඒ හිමියන් යනවාත් සමගම ඉහළ උපදෙස් පරිදි ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක කාලිංග භද්‍රජී ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි එම බැණරය ඉවත් කර වතුර බෝතල් පොලිස් ජිප් රියට පටවාගෙන ගියහ. පෙළපාළියට සහභාගී වීමට ආ කිහිප දෙනෙක් ද එතැන සිටිමින් තෙරිපැහැ සිරිධම්ම හිමියන්ට බණිනු ඇසිණි.
සිරිධම්ම හිමියෝ අදහස් දක්වමින් මෙසේද කීහ.
‘එදා රතුපස්වලට වතුර වෙනුවට වෙඩි උණ්ඩ දුන් මහින්ද රාජපක්ෂ ඇතුළු නඩය පාගමනින් එනවා. ඊට එරෙහිව විරෝධතාවක් පවත්වන්න සංවිධානය කර තිබුණත් අධිකරණ නියෝග නිසා එලෙස කරන්න බැහැ. ඔවුන්ගේ පෙළපාළියට පැය දෙකකට පමණ පෙර අපි මෙතැනින් ඉවත් විය යුතුයි. ඒ නිසා අපි කිහිප දෙනෙක් මෙතනට පැමිණ බේාධියට මල් පහන් පූජා කළා. පහන් තුනක් පූජා කළා. පහන් තුනක් පුජා කිරීමෙන් සංකේතවත් කළේ එදා වෙඩි තැබීමෙන් මිය ගිය ළමයින් තිදෙනා සිහිපත් කිරීමයි. වෙඩි තැබීමෙන් විශාල පිරිසත් තුවාල ලැබුවා.
රාජපක්ෂ රජය කළ අත්තනෝමතික වැඩ නිසයි එලෙස වුණේ. බැසිල් රාජපක්ෂගේ බංගලාවේ තිබ්බේ මේ ළගමයි. ඔහු විනාඩි පහකට ඇවිත් මිනිස්සුන්ගේ ප්‍රශ්නය ගැන බැලුවේ නෑ. දේශපාලන අධිකාරිය මිනිස්සු දිහා බැලුවේ නෑ.
රතුපස්වලට වෙඩි තියන්න අණදුන්නු බව කියන බ්‍රිගේඩියර් තවම අත්අඩංගුවට අරගෙන නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙඩි වැදුණු පිරිසට වන්දි දුන්නා. ඔහු නියෝග කළා මේ ප්‍රදේශයට වතුර දෙන්න කියලා. නමුත් ප්‍රාදේශීය දේශපාලකයන්ගේ වැඩ නිසා එය හරියට වෙන්නේ නෑ. රාජපක්ෂ ඇතුළු නඩය රෙදි ඇදගෙනද මෙතැනින් යන්නේ?
ඔවුන් එදා අපට ම්ලේච්ඡ ලෙස සැලකුවත් අපි එලෙස සලකන්නේ නෑ. අපි ඔවුන්ට වෙහෙස නිවා ගන්න පිරිසිදු වතුර ලබා දෙනවා. මැදමුලනේ නාමල් කියල ළමයත් පෙළපාළියේ එනවලු. එපිට ඒ ළමයි එක්ක ප්‍රශ්නයක් නෑ.
පෙළපාළිය එන උදවිය මග දිගට තියන සුරාසල් සුද්ධකරගෙනලු එන්නේ. අපි මෙතන වැඩි වෙළාවක් ඉන්න එක හොද නෑ. ඒ නිසා ඔවුන්ට පානය කරන්න ජල බෝතල් තියලා අපි යනවා.‘ යැයි ද සිරිධම්ම හිමියෝ කීහ.
ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද








COMMENTS
අනේ මේ දෙතුන් දෙනෙක් මැරුණ එකක් අල්ලාගෙන මේ පළාතේ මිනිස්සු නහින්න හදනවා. එහෙනම් අබිලිපිටියේ මුළු පන්තියක්ම මරල දැම්මේ. මිනීමරුවෝ ඔය තාමත් යසට ඉන්නේ. ඒ මිනිස්සු කොහොම නටන්න ඕනෙද? රටක් ගැන හිතනවා මිසක එක පළාතක වෙච්ච පොඩි සිද්දියක් අල්ලන් බොරුවට දගලන්න එපා මිනිස්සුනේ. (අ)
සතුරාටත් මෛත්‍රී කරන්න කියල වදාළ බුදුබණ අහපු රටක් මේක. මෙව්වා දැකල ලැජ්ජාව තියෙන උදවිය ඒ මිනිස්සුන්ගේ කකුල් අල්ලලා සමාව ගන්න ඕනේ හරිනම්. තාත්ත නැති එකේ පුතා හරි තාත්ත වෙනුවෙන් සමාව ගත්තනම් තමයි හොද? (බ)
පාද යාත්‍රා යන්නේ වාහන වලින් (බ)
අසාද් බලගේනේ ඉන්න පුතා සමාව ගනී මේන් කියලා. ඔය අයට ලැජ්ජාවක් නැහැ. (බ)
සමාව ගන්නේ කොහෙද එයා (බ)
නිම්මි මිනිස් ජීවිතයක වටිනාකම නොදත් බඩගෝස්තරවාදී කෙනෙක් ලෙසයි මට නම් පෙනෙන්නේ (නි)
නිම්මි කියලා අදහස් දාන කෙනා පුදුම කඩේ යෑමක්නේ යන්නේ (නි)
දැන් මිනිස්සුන්ට රස්සාව කරගෙන කාපු කම්හලත් නැහැ. බොන්න වතුරත් නැහැ. කම්හලෙන් වෙච්ච පරිසර හානියකුත් නැහැ. (ර)
ජනතාව ගොනාට අන්දන්න පුළුවන් වෙන්නේ නැහැ. (ර)
ඔය විරෝධයට මියගිය අයගේ පවුල් වල අයවත් ඇවිල්ලද? (නි)
නිම්මි, ආදි කාලේ ගැහැණුන්ගේ මොළය හැදි මිටේ දිගලු. ඒ කිවුවේ ඔයා ගැනද? (නි)
හාමුදුරුවනේ, අපිටත් තිබුනේ මීටවඩා ගැඹුරු ප්‍රශ්නයක්. හැබැයි අපේ ස්වාමීන් වහන්සේලා ඉතාම දූරදර්ශීව නීතිය පාවිච්චි කරලා කිසිවකු සටන් මඟට ගන්නේ නැතුව ප්‍රශ්නය විසඳුවා. ඔබවහන්සේත් ඒ වගේ කළා නම් හරි. අපේ ප්‍රශ්නය මහින්ද මහත්තයත් කල්දැම්මා. අන්තිමට අපි සමගියෙන් ජයගත්තා. (නි)
චතුරි ඕනෙවට වඩා උගත් කියල හිතාගෙන ඉන්න, වෙන රටක ජීවත් වෙන එක ලොකු දෙයක් කියල හිතාගෙන ඉන්න ගොන් මිනිස්සුන්ට වඩා මේ රට බේරා ගත්ත මනුස්සයට කඩේ යන මගේ හැදී මිටේ මොළේ මට හොඳයි. 88- 89 කාලේ මිනිස්සු 60000 මරුනේ කොහොමද කියල ටිකක් හොයල බැලුවනම් හොඳයි නොදන්නවානම්. (බ)