(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
"මලමිණී ගොඩගැහෙන්න පටන් අරන් අනේ අපට සරණක් නැද්ද"? යනුවෙන් සටහන් කර කළුබෝවිල රෝහලේ වාට්ටුවල කොවිඩ් වයිරස නිසා මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු තැන තැන දමා තිබෙන බවට හැඟවීමට විදේශීය රටක ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මුදාහැරියේ යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි
එලෙස ඇප මත මුදාහැර ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි
පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට විරුද්ධව නිරෝධායන නීතිය යටතේ, හා ලංකා දණ්ඩ නිති නීති සංග්‍රහය යටතේ සහ පරිගණක අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට ද නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙටත් 200ට අඩුවෙන් වාර්තා කරලා, අනිද්දා දිහාවට දෛනික මරණ ගණන 200 ඉක්මවන පරිදි වාර්තා කරමු...
ඇත්තටම එවැනි වැඩක් කර ඇත්නම් දඬුවම් ලැබිිය යුතුමයි. මේ තරම් භාරදූර අවස්ථාවකත් මේ මිනිසුන් කරන ජරා වැඩ
මේ නිවට පාහරයා එමගින් කුමක් බලාපොරොත්තු වූයේද, එමගින් කුමක් ලබාගත්තේද? උපරිමයෙන් දඬුවම් ලැබේවා...!!!
අර ඉන්ධන ගැන වෘත්තිය සමිති නියෝජිතයෙක් කියපු කතාවත් මේ වගේම බොරුවක් නම් මේ දෙකම එක හා සමාන සමාජ විරෝධී ක්‍රියා තමයි...
ඇයි ඇප දුන්නේ?
මේ නිවට ජෙප්පෙක් නැතිනම් පුතාණෝගේ කෙනෙක්.. මෙයාට ඇප ලබාදුන්නු එක වැරැදි පූර්වාදර්ශයක්... මොවුන්ගේ එකම අභිලාෂය වර්තමාන ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමයි.
බොරු ප්‍රචාර ප්‍රබල වෙන්නේ ජනතාව රජය ගැන විශ්වාස නැති නිසා... ඒකට කාටවත් දොස් කියලා වැඩක් නැහැ. තමුන්ගේ කෙරුවාවන් ගැන නැවත හිතනවා මිසක්...