ශ්‍රී ජයවර්ධනපුර  විශ්ව විද්‍යාලය සහ  ඇමෙරිකාවේ  නොදර්න් කෙන්ටකි විශ්ව විද්‍යාලය අතර  අවබෝධතා  ගිවිසුමක්  අත්සන්  තැබීම මේ  මාසය තුළදි  ශ්‍රි ලංකාවේදී සිදු වෙන බව ලෝක විශ්ව විද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා  පැවසීය.

මේ  යටතේ  විශ්ව විද්‍යාල අතර  ශිෂ්‍යයින්  හා  කථිකාචාර්යවරුන් හුවමාරුවීම් විවිධ විද්‍යාත්මක පර්යේෂණ හුවමාරුවිම්  ශ්‍රි ලාංකික ශිෂ්‍යන්ට සහ කථිකාචාර්යවරුන්ට  දැනුම් සම්භාරයක්  ලබා  ගැනීමේ  ඉඩකඩ සැලසීම යනාදි  කාර්යන්  රැසක්  ඉටුවෙයි.

දිර්ඝකාලින සහ කෙටිකාලින ව්‍යාපෘති රැසක් ද මෙයට අයත් වෙති. නොදර්න්  කෙන්ටකි විශ්ව විද්‍යාලයේ  සභාපති  ජියෝසි  මර්න්ස්  සහ ශ්‍රි  ජයවර්ධනපුර  විශ්ව විද්‍යාලයේ  උප කුලපති  මහාචාර්ය සම්පත්  අමරතුංග යන මහත්වරුන් මෙම අවබෝධතා ගිවිසුමට  අත්සන් තබති. නොදර්න් කෙන්ටකි  විශ්ව විද්‍යාලයේ  ෆුඩ්ට් රොවන්ට්ස්, ශ්‍රි ලංකාවේ  ඇමෙරිකා  තානාපති  කාර්යාලයේ  උපදේශක ප්‍රධානි  සැලී  ස්ටර්නල් ,මහාචාර්ය  රනිල්  ද සිල්වා යන මහත්වරු මෙහි සාක්ෂිකරුවෝ ලෙස අත්සන් තබති.

අදාළ ඇමෙරිකා නියෝජිත කණ්ඩායම ලබන සතියේ  ශ්‍රි ලංකාවට  පැමිණිමට නියමිතය.