බොරු නමකින් ශ්‍රී ලංකාවට එතනෝල් අඩංගු කන්ටේනර් දෙකක් ගෙන්වීයැයි කියන රංග දර්ශන සමරනායක නම් සැකකරු සමග එම මධ්‍යසාර ගෙන්වූ ලිපින පෙන්වීමට ඔහු රැගෙන යෑමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ශා රණසිංහ මහත්මිය රේගුවට අවසර දුන්නාය.
හයිලෙවල් පාරේ පන්නිපිටියේ ද, පාද්දු වටරැක සේපාලිකා උයණේද මෙම එතනෝල් ගෙන්වන ලිපින වශයෙන් රේගුවට කියා ඇත.
එම රසායන ගෙන්වන කම්හල් දෙක පිහිටියේ එම ස්ථානවල බව ඔහු කියා ඇතත්, හිස් ඉඩම් හැර ඒවායේ කම්හල් නැති බවත් රේගුව මුලින් අධිකරණයට දැන්වීය.
දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරු රැගෙන යෑම සඳහා බන්ධනාගාරය සමග සුදුසු ක්‍රියාමාර්ගයක් යොදාගන්නැයි ද අධිකරණය රේගුවට දැන්වීය.
රෝසිං, රේසිං හා සල්ෆේඩ් ටර්පන්ටයින් පෙන්වන බව සදහන් කරමින් ඔහු සියයට අනූ අයක් මත්පැන් අඩංගුවට එතනෝල් ගෙන්වා ඇතැයි ගේරුව අධිකරණයට දැන්වීය.
ඒවායේ වටිනාකම රුපියල් හය කෝටි හතලිස් ලක්ෂයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කරුණු දැනගෙන අනේ ඇයි අපේ මුදල් තවත් නාස්ති කරන්නේ? (නි)
වැරදි කාරයා පාර්ලිමේන්තුවේ. අනේ පව් අහිංසකයෙක් කට්ට කනවා.(නදී)
පව්, තවත් කන්ගැට්ටෙක්.(නදී)
පරිස්සමින්. පාර වැරදීමට ඉඩ තිබේ. (නි)
පිස්සුද අනේ එතනෝල් ගෙන්නන්න මට කිසිම උවමනාවක් නැහැ . කව්ද මගේ තිනර් බැරල් ටික මාරු කරලා . මගේ ෆැක්ටරිය පටන්ගන්න හැදුව විතරයි . බොරුනම් මගේ නීතිඥ තුමාගෙන් අහන්න. එයාල කවදාවත් මුසාවක් කියන්නේ නැහැනේ .(නදී)
එක බොරුවක් වහන්න තව බොරු සීයක් කියන්න වෙයි.(නදී)
ඕක ඉතින් පරංගියව කෝට්ටේ ගෙනිච්ච කාලේ ඉදන්ම අපේ මිනිස්සු කරනවනේ. (නි)
එතනෝල් ගෙනාවේ අර අර වැඩිය උස නැති සරම ඇඳගන කමිසේ උඩින් දා ගත්ත අපේ යාළුවා නෙමේද? (නදී)
අපි තවත් මෝඩයෝ නොවෙමු. මේ රගපෑම අපි හොඳින්ම දනිමු.(නදී)
හැම පර්ශවයම හිතාගෙන ඉන්නේ ලංකාවේ ඔක්කොම මිනිස්සු මෝඩයෝ කියල ගෙන්නුවේ කවුද කගේ උවමනාවටද කියන එක මුළු ලංකාවම දන්නනවා.ලංකාවේ දැන් පවතින පහත් දේශපාලන කරණය කවුරුත් දන්නවා.මිනිස්සු ඉන්නේ කරගන්න දෙයක් නැති නිසා. (අ)
වැරදි කාරයා පාර්ලිමේන්තුවේ. අනේ පව් අහිංසකයෙක් කට්ට කනවා.(නදී)
මහා ජනතාව පාරට බැහැල බෝර්ඩ් අතේ තියාගෙන දියවන්නාව ලගටවෙලා දවස් 7ක් ඉන්න ඕනා. අපේ ජනාධිපති තුමාටම කියන්න ඕනා පර්ලිමෙන්ට් එකේ ඉන්න කෙනාව වහාම අත් අඩංගුවට ගන්න කියලා. අනාගත අපේ දරුවන්ට වින කරන උන්ට හොදක් වෙන්න නම් එපා. මහරගම අර මහා ඉස්පිරිතාලේ තමයි ඔයාලට ගිහින් අවසානේ නවතින්න වෙන්නේ? රට ජාතිය විනාස කරන හැමෝටම? ස්වභාව ධර්මය දඩුවන් කරනවා.(නදී)
සැකකරුට හොඳට සැළකුවා නම් ඇත්ත කියයි. (නි)
ඕකත් හරියට වලහ සහ යාළුවන් දෙදෙනාගේ කතාව වගේ. බයවෙන්න එපා මල්ලි ඉක්මනින් ඔබව එලියට. අසුචි කප්පරක් ගිලින අයට අධෝ වාතයත් ගඳක්ද?(නදී)
සැකකරු පිස්තෝලයක් උස්සල පහරක් එල්ල කල බව කියලා මෙම අහිංසකයව මරාවිද දන්නේ නැහැ. එතකොට නඩුව ඉවරයි.(නදී)
වහෙන්ඔරෝ කියන්නේ නැතුව ඔය අදහස් දක්වන අය කෙළින්ම කියන්නකෝ ඔය කෙනාගේ නම. (නි)
මේ වැඩේට දක්වන ප්‍රතිචාර දැක්කම අපේ රටේ කෙරුවාව ගෙන ලැජ්ජා හිතෙනවා. (නි)
හොරා කොහෙද කියල නම් දන්නවා (නු)
දමිත්, නියම කතාව.ඕව කරන්නේ තනියම නෙමෙයි. සුදු පිරුවට ඇදපු අයත් එක්ක. (නි)
ලංකාවෙ මිනිස්සු මේ සේරම දන්නවා. ඒත් කරන්න දෙයක් නැතිකමට ඉවසනවා. මොකද මේවා හොයනවට වඩා බඩ ගෝස්තරේ හොයාගන්න එක වැදගත් (නි)
අපි තවත් මෝඩයෝ නොවෙමු. දැන් අපි හොදින්ම දනිමු. (නි)
ඇයි ඉතින් ඕවා ගෙන්වන්න මුල් වුණු ලොකු ඇත්තන්ව අත් අඩංගුවට ගන්න බැරි? පොලිසිය අකුරට වැඩේ කළා නම් හරි. (නි)
පාදුක්කෙයි, වත්තල පැත්තෙයි පැක්ටරි නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මේවා ගැන කතා කරනවට වඩා හොඳයි කට ගලක අතුල්ලා ගන්නවා (නි)