
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද(11) පස්වරුවේ පැවැත්වෙයි.
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වනු ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා සැත්කමට ලක් වීමෙන් පසු සහභාගී වන පක්ෂයේ පළමු නිල කටයුත්ත වන්නේද මෙයයි.
පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු, විනය තීරණ ඇතුළු වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දන්නෑ හදිසියේම!!! මොනව කියල ඉතින් කතාකරන්නද!!!
නාමික සහ නාම පූරුවට පමණක් සීමාවිච්ච පක්ෂයක්.