හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට ගෙන ආ දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දුන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනකුට සහ මන්ත්‍රීවරියකට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම සහ පක්ෂයෙන් නෙරපීම වළක්වාලමින් එක්සත් ජාතික පක්ෂයේ උද්දේශික විනය කමිටුවට පනවා තිබූ වාරණය මැයි 28 දක්වා දීර්ඝ කිරන ලෙස ගල්කිස්ස ප්‍රධාන දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළේය.
පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර, අර්ල් ගුණසේකර, නිල්වලා විජේසිංහ, ලක්ෂ්මන් සෙනවිරත්න, මොහාන් ලාල් ග්‍රේරු සහ උපේක්ෂා ස්වර්ණමාලි මහත්ම මහත්මීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම වලක්වාලමින් අදාළ වාරණ නියෝගය ලබාදුන් ප්‍රධාන දිසා විනිසුරු එදිනට ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස ද දෙපාර්ශ්වයටම නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා ඔක්කෝම ගල්කිස්ස ප්‍රදේශයේ අයද? (නු)
ගල්කිස්සේ මූදුවෙරලේ (නු)
ඔය කියන සෑම විනයක්ම එජාපයට කොඩි වින බව හිතා ගත්තොත් නම් හොඳයි (අ)
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර, අර්ල් ගුණසේකර, නිල්වලා විජේසිංහ, ලක්ෂ්මන් සෙනවිරත්න, මොහාන් ලාල් ග්‍රේරු සහ උපේක්ෂා ස්වර්ණමාලි මහත්ම මහත්මීන් විලිලජ්ජා නැති පිරිසක් . චන්දෙ දීපු අපි ... අපිටම හු කියගන්නවා.(නදී)
ලාල් ආයිත් අමුතුවෙන් ඇතිකරන්න උවමනා නැහැ කියල හිතෙන්නේ නැද්ද ?(නදී)
මොනවාද මේ වැඩ (දී)
ඔව් ගාමිණී, ඒක නම් ඇත්ත. (නි)
මගේ මේ අදහස ලංකාදීපය පලවෙයි කියලා හිතනවා. මම මේ රට යන විදියට මම කැමැති නෑ. මම ඔය සුදු වැන් වලට බය නෑ. මම දැන් රට වෙනුවෙන් අසාදාරන පාලනයට විරුද්දව නැගී සිටින්න එනවා. ඔයලා පාරට අවොත් අපිට මේ රට ගොඩගන්න පුළුවන් තරුන ජවය ශක්තිමත්.(නදී)
පරන කතා වෑදගත්කමක්නෑ .(නදී)
ලංකාවේ ඔක්කොම පෞද්ගලිකරණය කරනවා වගේ බැරිද පෞද්ගලික අධිකරනයකුත් ඇතිකරන්න? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ගාමිණි ඔය විනය , කොඩි විනයක් වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට විතරක් නොවෙයි,මුළු රටටමයි. (නි)