අංජුල මහීක වීරරත්න
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට අමතරව තවත් අතිරේක ලේකම්වරුන් තිදෙනකු පත් කිරීමට පක්ෂය ප්රතිසංවිධාන කටයුතු සඳහා පත් කළ උපදේශක මණ්ඩලය අද සාකච්ඡා කර තිබේ.
ඒ අනුව මහලේකම් ධුරයට අමතරව පක්ෂ මාධ්‍ය ලේකම්, ප්රචාරක ලේකම් සහ වෘත්තීය සමිති ලේකම් යන තනතුරු ඇති කර ඒවාට නිලධාරීන් පත් කළ යුතු බව සාකච්ඡා වී ඇත.
ලබන 19 වැනි දා රැස්වීමට නියමිත උපදේශක මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට එකඟවී තිබේ. පක්ෂ මහ ලේකම්, සභාපති, භාණ්ඩාගාරික සහ ජාතික සංවිධායක තනතුරුවලට පත් කළ යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
එදින ගන්නා සියලු තීන්දු තීරණ ලබන හය වැනි දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මැයි දින සැමරුම් රැලියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ උපදේශක මණ්ඩලය සාමාජිකයන් 12 දෙනකුගෙන් සමන්විත වේ. අද පැවැති උපදේශක මණ්ඩල රැස්වීමට ගයන්ත කරුණාතිලක, අජිත් පී පෙරේරා, ඉරාන් වික්‍රමරත්න සහ නිල බලයෙන් සාමාජිකත්වය හිමිව ඇති සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එක එක ලේකම්වරු නොව, 2020 මැතිවරණය ඉලක්ක කරගෙන ජනතාව පිළිගන්න ජනාධිපති අපේක්ෂකයෙක් දැන් ඉඳන්ම තෝරාගෙන ඉදිරියට යෑම හැර වෙන විකල්පයක් එජාපයට නොමැත.
ප්රචාරක ලේකම්ලා නම් තව දුසින් ගානක්වත් පත් කරන්න වෙයි. මොකද පක්ෂය ගැන දැන්නම් තියෙන්නෙම "සෘණ" ප්‍රචාර විතරයි නේ.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට අමතරව පක්ෂ මාධ්‍ය ලේකම්, ප්රචාරක ලේකම් සහ වෘත්තීය සමිති ලේකම් යන තනතුරු ඇති කිරීම කාලෝචිත ක්‍රියාවකි. ඉදිරියේදී පැවැත් වීමට තිබෙන මැතිවරණ ඉලක්ක කරමින් පත් කරනු ලබන සියලු තනතුරු වලින් උපරිම ප්‍රයෝජනය පක්ෂය ශක්තිමත් කිරීම, ප්‍රධානතම අරමුණ විය යුතුය. පත්කරනු ලබන ලේකම් වරුන් සදහා වෙනමම ඉලක්ක ලබාදිය යුතුය. ඔවුන් අතර ප්‍රශ්න මතු නොවන ආකාරයට පටන් ගැන්මේදීම පසුබිම සකස් කර දියයුතුය. පක්ෂයේ මහලේකම් දුරයට ADMINISTRATIVE AFFAIRS සදහා NEUTRAL කෙනෙකු පත් කොට ක්‍රියාකාරී දේශපාලනය සදහා තරුණයන්ට අවස්ථාව ලබාදිය යුතුය. සෑම ජනකොටසක්ම නියෝජනය වන පරිදි තනතුරු ලබාදීම සුදුසුය.
දැන් පක්ෂයට අවශ්‍ය වන්නේ ශක්තිමත් පුළුල් ප්රචාරයක්ය. එක්සත් ජාතික පක්ෂයට වෙනත් පක්ෂවලට නොමැති තරුණ නායකයන් බොහෝ දෙනෙකු සිටී. දැන් පැමිණ තිබෙන්නේ සෑම දෙනාම එක්ව පක්ෂය ශක්තිමත්කර මීලග මැතිවරණයේදී තනිව කොල පාට රජයක් ගෙන ඒමට කටයුතු කිරීමය. ජාතික රජය තවදුරටත් ආරක්ෂා කරගත යුතුය. කව්රු මොන දේ කිවත් ජාතික රජයෙන් රටටත් එක්සත් ජාතික පක්ෂයටත් අනාගත දී ලබන ප්‍රතිලාබය ඇති මහත්ය. ජාතික රජයක් ගොඩනගා කෙටි කාලීනව තිබෙන අපහසුතා ඉවසා දිගුකාලීනව ලැබෙන ප්‍රයෝජනය ගැන සිතා කටයුතු කිරීමට විශේෂයෙන් අගමැතිවරයා කරන කැප කිරීම ඉතා වටිනේය.
ක්‍රියාශීලි පක්ෂයේ බර කරට අරන් වැඩ කරන්න සුදුසු නායකයන් ඉන්නවා.
තනතුරු ලබා දී පක්ශ නායකත්වයේ ඒකාධිපතිත්වය රැක ගැනීමෙ සාම්ප්‍රදායික ක්‍රියාව යලිත්...
මේක කියෙව්වාම මට මතක් වෙන්නේ මොන්ටිසෝරි ළමයින්ගේ ක්‍රීඩා උත්සවයක් . හැම ළමයාටම මොකක් හරි දිනුමක් ලැබිලා ත්‍යාගයක් ලැබෙන විදියට සංවිධායකයෝ කටයුතු කරනවා. ඒ වගේ එජාපයේ ඉන්න හැමෝටම මොකක් හරි තනතුරක් දීලා සතුටු කරන්න යන බව නම් පැහැදිලියි. හැමෝටම දෙන්න තනතුරු නැත්නම් මොන්ටිසෝරි ගුරුවරියෙකුගෙන් උපදෙස් ගන්න පුළුවන් .