එක්සත් ජාතික පක්ෂයට වසර 66ක් ගතවීම නිමිත්තෙන් විශේෂ සැමරුමක් පිටකෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී අද පැවැත්විණි. විපක්ෂ නායක හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා විය. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ කාරුජයසූරිය මහත්වරු පැමිණ නොසිටියහ. මන්ත්‍රී දයාසිරි ජයසේකර පැමිණ පසුපෙළ මන්ත්‍රීන් අතර සිටියේය. ප්‍රතිසංස්කරණය කළ සිරිකොත මන්දිරය ද විවෘත කැරිණි. පක්ෂය වෙනුවෙන් කැපවුණු සාමාජික සමාජිකාවන් හට පදක්කම් හා සහතික පිරිනැමුණු අතර පක්ෂ සභාපති ගාමිණි ජයවික්‍රම පෙරේරා හා මහා ලේකම් තිස්ස අත්තනායක මහත්වරු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද විශේෂ සම්මානයක් පිරිනැමූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ නායකයන්ට අනාගතය භාර දීම වැඩිහිටියන්ගේ වගකීමයි. (නි)
ජය වේවා! (නි)
සජිත් නැතුව මොකටද? (නි)
අනේ රනිල් මහත්තයෝ, දැන් ඇති. (නි)
රනිල් මහත්තයෝ, ඔබේ කාලය දැන් ඉවරෝ.... (නි)
නායකතුමා නොමැති අවස්ථා වල නායක පුටුව ආරක්ෂා කරනා පුද්ගලයින්ටත් සම්මානයක් හෝ පදක්කමක් නොදුන්නේ ඇයි? (නි)
එජාපයට අපේ උපහාරය! රට දියුණූ කළ හැකි එකම මාර්ගය මෙය පමණයි. (නි)
අනේ මන්දා ඕවා නම්. (නි)
එජාපයට ජයවේවා! (නි)
අපේ සරත් ෆොන්සේකා මහත්තයාට ඉක්මණින් රජයක් පිහිටුවන්න ලැබේවා! (නි)
හරි නායකයෙක් එනකල් අලියා නැගිටිනවා බොරු. (නි)
රනිල් මහත්තයා අතේ හෙණ්ඩුව තිබුණත්, අලියා නැහැනේ. (නි)
මේ සංවත්සර වලින් වෙන්නේ පක්ෂයේ මතභේද ඇති වෙන එකයි. (නි)
අපිට ඕනෑ රෝසි. (නි)
රනිල් අවුරුදු 10-12 දරුවන්ටත් මල්ලිලා කියලනේ කතා කරන්නේ. (නි)
මේ වසරේදීම මේ නායකත්වය යටතේම u. n. p. රජයක් බිහිවේවා...(ස)
ජයවේවා....ජයවේවා....
දෙමළ සිංහල මුස්ලිම් බර්ගර් කාටත් එකතුවෙලා රට හදන පිරිසිදු වැඩ පිළිවෙලකට කටයුතු කරන්න. නායකයෝ සමගි වන්න. නායකයා කවුරු උනත් එදාට ඉන්න නායකයට ගරු කරන්න. පක්ෂයක් දිනවන්නේ ජනතාව. ජනතාව ගැන හිතන්න. ජනබලය ගොඩනගන්න. දිනුවත් පැරදුනත් මහත්මා දේශපාලනය රකින්න. අද අවශ්‍යතාවය වනුයේ ප්‍රජාතන්ත්‍රවාදී නීතිය සැමට එක හා ක්‍රියාත්මකවන දුෂණයෙන් තොර සංවර්ධයන වේගවත් කර ඇති නැති පරතරය අඩු කරවිය හැකි පවුල් බලය නොමැති නිදහස් පාලන ව්‍යුහයකි. (ස)
අද පුළුවන් හොදට සමරන්න (දී)
"ධර්මපාල මේ වසරේදීම මේ නායකත්වය යටතේම u. n. p. රජයක් බිහිවේවා..." හොඳා ඉතින් එහෙම වුනා කියමුකෝ.. ඊට පස්සේ මොනවා වෙයි කියලාද ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ? (ස)
හැමදාම විපක්ෂයම තමයි (දී)
ඔය 66න් කීපාරක් දින්නද (දී)
එක්කෙනෙක් නැති එක කාටවත් ගැටලුවක් කරගන්න එපා.. එයා ඡන්දෙට වැඩ..!!(නු)
පක්ෂය වෙනුවෙන් කැපවුණු සාමාජික සමාජිකාවන් හට පදක්කම් හා සහතික පිරිනැමුණා කාටද අනේ ඒවා හම්බඋනේ....?(නු)
සජිත්ට තමයි දෙන්න ඕනෑ. (නි)
සුභපැතුම්
රනිල් මහත්තයාගේ උත්සාහ සාර්ථක වේවා..!!(නු)
~~ 66 වෙනි උපන් දිනයට අපේ සුබ පැතුම් ....!!! (ස)
ගරු රනිල් වික්‍රමසිංහ මහතාණෙනි, කරුණාකර 66 වන සංවත්සර දිනයේදී පක්ෂය වෙනුවෙන් ඔබට කළ හැකි ලොකුම මෙහෙය වන්නේ නව නායකත්වයකට ඉඩ දීමයි. (නි)
සජිත් නැතුව මොකටද? (නි)
එජාපය ගැන දුකයි
යු .එන්.පී නමැති දැවැන්ත පක්ෂය විනාශ කළ ජන හිත නොහදුනන බලකායට මාගේ ආචාරය ! (නි)
රනිල් මහත්තයාට සම්මානයක් දුන්න එක හොදයි. (නි)
සුභපැතුම් යු එන් පි
එජාපය ගැන දුකයි
අපි කවදත් එජාපයේ
අපේ නායකයා ළගදීම එනවා. (නි)
මෙයා සිටිනතාක් කල් දිනන්නේනම් නැතෝ.... අහිංසක පාක්ශිකයෝ පවූ දෙයියනේ...(නු)
රනිල් මහත්තයෝ ඔබ පරිනත දේශපාලන නායකයෙක්. ඔබේ කාලය දැං ඉවරයි.. ඔබට දෙවි පිහිටයි...!
කෝ අපේ අනාගත නායකතුමා...(ස)
ඔබතුමා වැඩිම මැතිවරණ ගනනක් පරාදවීමේ ලෝක වාර්තාව තබා අවසානයි..!!(නු)
අනේ පව් නේ
සුභාපාතනවා මම එජාපයට
මට ජිමපප්පා මතක් වෙනවා අනේ..(ස)
ඈයි රනිල්ටම බනින්නේ? ගල් ගහපු කට්ටිය හැංගිලා ඉන්නෙ. එතුමන්ලටත් මොනවා හරි කියන්නකො. කොහොමත් මීළග ජනපති රනිල්ම තමයි. (නි)
රටට, සංස්කෘතියට, අපේකමට, ගහට, දොළට ආදරය කරන පකෂයක් බවට ජනතාවට අවංකවම දැනෙන විදියට කටයුතු කරන්න. ජාතිද්‍රෝහීන් දෙශද්‍රෝහීන් සමග එකට හිදගැනීමත්, පෙළපාලි යෑමත්, ප්‍රකාශ නිකුත් කිරීමත් නවත්වන්න. මොකද දන්නවද? රටට අපේකමට ආදරය නොකරන පක්ෂයක පුද්ගලයෙක් බලයට පත්වනවාට බහුතරයක් ජනතාව භයයි. රටට එවැනි හොද විපක්ෂයකුත් අනිවාර්යෙන්ම තියෙන්න ඕනෑ. හැට පැනපු මේ වෙලාවෙවත් මේ ගැන සිතා බැලුවනම් හොදයි නේද? (නි)
එහෙත් එකයි. මෙහෙත් එකයි. කොහෙත් එකයි. (නි)
අපේ පවුලේ හැමෝම මම දන්න කාලේ ඉදලා යූන්පී එකේ.ඒත් රනිල් මහත්තයෝ, අපිට අපේ පක්ෂයේ රජයක් බලන්න ආසයි මැරෙන්න කලින්. (නි)
සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි. ඔබ ඉල්ලා අස්වුණොත් වෙනසක් දකින්න පුළුවන් වේවි. 66 වෙනි සංවත්සරයට මගෙන් සුබ පැතුම්! (නි)
නොසැළෙන නායකත්වය. (නි)
රනිල් මහතාණෙනි, ඔබගේ මෙම ලෝක වාර්තාව කිසිදා ලොව කිසිදු නායකයෙකුට බිදිය නොහැකි වනු ඇත. (නි)