
( තිලකරත්න දිසානායක)
පළාත් පාලන මැතිවරණයෙහි ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සදහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම , එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) දහවල් සිදු කෙරිණි.
දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රුවන් විජයවර්ධන සදහන් කර සිටියේ, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් හොද කණ්ඩායමක් ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙනුවෙන් තරඟ කිරීමට ඉදිරිපත් කොට ඇති බවත් මෙම සියලුම දෙනාගේ ජයග්‍රහණය නියත බවත්ය.
අද සවස වනවිට පළාත් පාලන මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයහි පළාත් පාලන ආයතන 19 වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 13 ක් සහ ස්වාධීන කණ්ඩායම් 13 ක් විසින් ඇප මුදල් තැන්පත් කොට තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර ඇපත් නෑනේ බං....
අපිත් ගම්පහ මහත්තයෝ. එන්න දෙන්නම්. මේ දවස්වල අපි මුට්ටි ටිකක් හොයනවා. ඔයාලා එන දවස් ලංවෙන කොට බඩ විරේක වෙන බෙහෙත් බීල වැඩේට රෙඩි වෙනවා.
ඕක රාජසන්තක වෙනවා .තිබුන 3% නැති වෙනවා
ගම් මට්ටමෙන් පොහොට්ටුව කුජීතම වුනු වෙලාවෙ එජාප නායකයා රට භාර ගෙන පැවති පෝලිම් අඩුකලා තමයි එනිසා රටේ තිබුනු ප්‍රශ්න සියල්ලම මිනිස්සුන්ට අමතක වුනා එනිසා පොහොට්ටු කාරයෝ නැවතත් පුරුදු සෙල්ලම් කරමින් එලිබහිනවා එනිසා නැවතත් පොහොට්ටු කාරයෝ බලයක් ගනීවි කියලා හිතෙනවා එජාපය නැත්තටම නැතිවේවි එහෙම වුනොත් පක්ෂයේ නායකයාට එම ශාපය ලැබෙනවා කොහොමත් සජබ ඉදිරි මැතිවරණය ජයගෙන අනාගතයේ රටේ පාලනය ගනිද්දී ඉදිරි මැතිවරණය ජාජබ දෙවැනි බලවේගය කිරීමට ස්වභාව ධර්මයා වගබලා ගන්නවා