ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී රජය සමග ඡන්දය දුන් පාර්ලිමේනතු මන්ත්‍රීන් හය දෙනකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරැපීම වළක්වමින් ගල්කිස්ස දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද අතුරු තහනමක් නිකුත් කෙළේය.
මනූෂ නානායක්කාර, උපේකෂා ස්වර්ණමාලි (පබා), ප්‍රභා ගනේෂන් නෙරැපීමට එරෙහිව ලබන 20 වැනි දා දක්වා ද, ලක්ෂ්මන් සෙනෙවිරත්න, නිල්වලා විජේසිංහ හා අර්ල් ගුණසේකර නෙරැපීමට එරෙහිව ලබන 22 වැනි දා දක්වා ද මේ අතුරු තහනම් නිකුත් කැරුණේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ ප්‍රධානීන් හටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද හරි කියලා මට නම් තේරෙන්නෙ නැහැ. (නි)
මෙන්න මෙහෙම තමයි කටයුතු කරන්න ඕනෑ. නියම තැනේදී කැත්තට පොල්ල වගේ. නැත්නම් අර නාහිමියන් සඳහන් කළ විදියට නායකයා මෙල්ල කර ගන්න බැරිවෙනවා. (නි)
ඔන්න තීන්දුව (දී)
මේවා මෙහෙම වෙනකොට විපක්ෂය දුර්වල වෙන එක අහන්නත් දෙයක්ද ? (ස)