
(අංජුල මහික වීරරත්න)
යහපාලන ආණ්ඩුවට රට ඉදිරියට ගෙන යෑමට බාධා කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිවුවැදෑරුම් චෝදනා පත්‍රයක් මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.
ශ්‍රී ලංකේය පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් දරුදැරියන්ට ටැබ් පරිගණක ලබා දෙන්නට උත්සාහ කරන විට එය නතර කිරීම,ගුරු වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර තිබියදී දින 52 කුමන්ත්‍රණය නිර්මාණය කොට එම ප්‍රශ්නය විසඳීම කඩාකප්පල් කිරීම,පාස්කු ප්‍රහාරය අවස්ථාවේදී ආරක්ෂාව පිළිබඳ වගකීම කිසිවකුටත් පවරන්නේ නැතිව විදේශගත වී සිටීම, මරදගහමුල සහල් වෙළෙඳ පොළ බිඳ වට්ටවා පොලොන්නරුවේ සහල් ඒකාධිකාරියක් නිර්මාණය කිරීම යන්න ප්‍රධාන චෝදනා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට එල්ල කරන බවද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.
මෙම කරුණු සම්බන්ධයෙන් ඕනෑම ප්‍රසිද්ධ මාධ්‍යයක මුහුණට මුහුණ සංවාදයකට තමා සූදානම් බව ද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.
මෙම සිව් වැදෑරුම් චෝදනා මාලාවේ අඩංගු කර ඇත්තේ යහපාලන ආණ්ඩුවට කළ දහසකුත් එකක් බාධා කිරීම් වලින් අතලොස්සක් පමණක් බව ද එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ඒ දවස්වල කටේ පිට්ටු ඔබලද තිබුනේ ඔවා කියාගන්න බැරිව. රට්ටුන්ට උතුර දකුන මාරුවෙලා ඉන්න වෙලාවේ මේගොල්ලෝ විකාර කියනවා. තමුන්ලගේ දේශපාලන ප්‍රශ්න විසදගන්නවලා පක්ෂ ඇතුලේ.
අනේද කියන්නේ ..."රන්ගෙයට" උතුර දකුණ මාරුවෙලා නේද මේ..? සිරි අයියගේ පාලන සමයේ රන්ගෙය කොහෙද හිටියේ විපක්ෂ පට්ටියේද, නැත්නම් බලය තිබෙන පට්ටියේද ? වොඩ්කා බෝතලේ තියෙන උණුකර නිවාගත් තැබිලි වතුර බිලද මේ කියවන්නේ ? අපි නම් තරයේ විස්වාස කරන්නේ මේ "මංගල ආරාධනා පත්‍රය" සිරි අයියාට දෙන්න ප්‍රථම නැකතක් බලල තමන්ගේ ලොක්කා වන "රට ඇම්ඩාට" දුන්නොත් හොදා,,,?
මෛත්‍රී පමණක්ද බාධා කලේ? ඇයි රනිල් ලොක්කා නිකම්ද හිටියේ? විමල් වීරවංසව ඔහුගේ පාස්පෝර්ට් සිද්ධියට පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධියේ ආරක්ෂා කලෙත්, ශිරන්තිගේන් කට උත්තර ගන්න එවකට කතානායක නිල නිවසේදී පහසුකම් ලබා දුන්නෙත් රනිල්. මෙයාට කැබිනෙට් ඇමතිකම් නොදී රාජ්‍ය ඇමති ධූරයට යෝජනා කලෙත් රනිල්. දැන් මේවා අමතක් වෙලාද? මේ වැඩේ නිසා තමයි මෙයා අද නිකම්ම නිකම් රංගේ බණ්ඩාර බවට පත් වුනේ.
රන්ගෙයා කියන මම නිතරම බබානේ........ වැඩිපුරම කියන්නේ බූරුම බූරු කතානේ...... මොන රෙද්දක් කෙරුවත් අපේ ලොක්කා හොදානේ..... ඒ නිසාමයි පුත්තලම් බුරුවා කියලා මට කියන්නේ.......
කවුරු කුමන චෝදනා එල්ල කලද ජනතාව බලා සිටින්නේ දේශපාලන වෙනසකි .මේ වනවිට ලංකාවේ මාරුවෙන් මාරුවට කරන්නා වූ පක්ෂ දේශපාලනය ජනතාවට එපා වී ඇත .එම නිසා වර්තමාන රජය පරාජය උවද ඔබලා වැනි දේශපාලකයින් ජනතාව පත් කර නොගනු ඇත
2015 ආණ්ඩුව අරගෙන ගුරු වැටුප් වැඩි කරන්න 2019 වෙනකම් මොකක්ද කලේ . ඔය විදියට ජනතාව රවටන්න ගිහිල්ලා වැටුන අමාරුව තවම තේරුම් ගෙන නැහැ .