අගලවත්ත නගරයේදී ආරුමුගම් පුෂ්පකුමාර මහතාට ප්‍රසිද්ධියේ පහරදුන්නැයි කියන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම කොළඹ මහේස්ත්‍රාත් උසාවියේදීද තවත් සිව් දෙනකු මතුගම මහේස්ත්‍රාත් උසාවියේදීද ලබන 2වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ නියෝගයෙන් පාලිත තෙවරප්පෙරුම රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කළේය.
මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් දක්ෂිකා චානිමා විජේබණ්ඩාර මහත්මියගේ නියෝග අනුව සංජීව ප්‍රියංකර, දූවගේ ධම්මික හා ප්‍රියන්ත කුමාර යන සැකකරුවන් රිමාන්ඩ් කෙරිණි.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක ද සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කරලා කාවවත් රවට්ටන්න බෑ (දිල්)
තෙවරක් පෙරූ දේවල් ගැන අහලා වැඩක් නැහැ. වදිනවා හොඳටම! ඒත් පස්සේ නොකවුට් තමයි! (නි)
අත් වාරුව එන්න ඕන අමාරු කකුල පැත්තේ අතට. වම් අතට මෙච්චර බරක් එන්නේ කොහොමද ? (නදී)
අනේ අහිංසකයාගේ කකුලත් කැඩිලා. පයින් ගහපු පාරට වෙන්නැති. පව්..! (බ)
ගුටි කාපු කෙනාගේ නෙවෙයි ගහපු කෙනාගෙයි කකුල කැඩිලා තියෙන්නේ. (ර)
ඕකට තමා "යහපාලනය" කියන්නේ. (නි)
වැරැදි කරානම් දඩුවම් විදින්නත් ඕනේ.(හේ)
මග හැඟීම නම් මෙය සාදාරනය ඉක්මවා යාමකි. අනේ අර හම්බන්තොට පිස්තෝල අරන් මන්ත්‍රීලාට වෙඩි තියන්න අාව හාදයා කවද්ද අත්අඩංගුවට ගන්නේ.(හේ)
මගේ හැඟීම නම් මෙය සාධාරණය ඉක්මවා යාමක් බවයි. අනේ අර හම්බන්තොට පිස්තෝල අරන් මන්ත්‍රීලාට වෙඩි තියන්න අව හාදයා කවද්ද අත් අඩංගුවට ගන්නේ (දිල්)
ඔන්න යහ පාලනයට නියම ආරම්භයක්.මේක තමා අපිට ඕනේ දේශපාලකයා මොන පක්ෂෙන් වුණත් කමක් නෑ නීතිය හරියට ඉෂ්ට වෙනවනම් (දිල්)