එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයකු, ඇමතිවරයකු, ඌව හා මධ්‍යම පාළාතේ ආණ්ඩුකාරවරයකු වූ පී සී ඉඹුලාන මහතා (91) අභවප්‍රාප්ත විය.
1960 ජූලියේදී රුවන්වැලලෙන් පාර්ලිමේන්තුවට තේී පත්වූ ඔහු ඩඩ්ලි සේනානායක රජයේ කෘෂිකර්ඹ නියෝජ්‍ය ඇමති විය.
ජේ ආර් ජයවර්ධන රජයේ පළාත් පාන නියෝජ්‍ය ඇමති ද, ප්‍රේමදාස රජයේ කම්කරු ඇමති ද විය. ඉඹුලාන මහතා 1940 දී රුවන්වැල්ල දෙහිගම්පල් කෝරලයෙන් සහ පහතබුලත්ගම ගම්කාර්ය සභාවෙන් දේශපාලන ඇරඹීය.
ඌව පළාත් සභාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වූ ඔහු 1994 දී දේශපාලනෙන් විශ්‍රාම ගන්නා තුරු මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා විය.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදිශිෂ්‍යයකු වූ ඉඹුලාන මහතා චාම් ගතිගුණවලින් හෙබි බොහෝ නිහතමානී හා මහජන ආදරය දිනාගත් පුද්ගලයෙක් විය.
අවසන් කටයුතු රුවන්වැල්ලේදී සඳුදා පස්වරුවේ සිදුකිරීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා වැනි එජාප බලකණු එකින් එක වැටීගන යද්දී , තියෙන ගල් කණුත් ආණ්ඩුව පැත්තට බර වෙද්දී අන්තිමේදී ඉතුරු වෙන්නේ කුණු ටික විතරයි. ඔබ වැනි ඒ එදා එජාපය බැබලවූ බලකණු වලට අපේ උත්තමාචාරය! (නි)
ඔබෙන් පසු රුවන් වැල්ලට කිසිවෙකු කල කිසිවක් නැත .(ස)
ඔබ කරපු දෙයක් විතරයි රුවන් වැල්ලට ඉතුරු උනේ . ඔබට නිවන් සුව .(ස)
මන්ත්‍රීතුමනි , ඔබට නිවන් සුව .(ස)
අපි ඔබට ආචාර කරනවා ඉඹුලාන මහතාණනි, (ස)
හොරකම් නොකර, දේශපාලනය වෙනුවෙන් තම දේපළ කැපකළ හොද දේශපාලඥයෙක්.ඔබට නිවන් සුව! (නි)
නිවන් සුව ලැබේවා. ! (ස)
ඔබතුමාට නිවන්සුව (ස)
ඉඹුලාන ඇමතිතුමනි, එබේ කාලේ යූ.එන්.පී. නොවෙයි අද තියෙන්නේ. ඊට වඩා වෙනස්. ඔබට කලකිරීමකුත් තිබෙන්න ඇති දේශපාලනය ගැන නේද ?(ස)
ඔබට සුවබර නින්දක් (ස)
නිවන්සුව අත්වේවා !!!! (ස)
ඔබ ලක්මව වෙනුවෙන් කළ සේවය අපි කිසි දින අමතක නොකළෙමු. ඔබට නිවන් සුව (ස)
ඉඹුලාන ඇමතිතුමනි,ඔබට නිවන් සුව ලැබේවා. (ස)
ඔබට නිවන් සුව ! (ස)
ඔබ වැන්නන්ගේ අවශ්‍යතාවය දැනුයි හොදටම දැනෙන්නේ. ඔබට නිවන් සුව! (නි)
ඔබවැනි අවංක ඇමතිවරුන් අද එජාපයේ නැත. මාගේ කණගාටුව. (නි)