වාද්දූව සමුද්‍රාරාම විහාරයේ අද පැවැති උත්සවයක දී පුද්ගලයකු තමාට පහර දුන් බව බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය (එජාප)මහතා වාද්දූව පොලිසියට පැමිණිලි කළේය.
මෙම උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.
පහරදීම ගැන ජනපති කිසිවක් නොදන්නා බවත් දැනගන්නට ඇත.
‘මේ ගොල්ලො තමයි අපට හිරිහැර කළේ.‘ යනුවෙන් පවසා පහර දුන් බව පැමිණිල්ලේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චානක,සත්‍යා,ඔබ දෙදෙනාගේ අදහස් අගය කළ යුතුයි. අප රටේ බොහෝ දුරට දැන් ඉන්නේ තිරිසන් ගති එති පුද්ගලින් .(ම)
අන්තිමට බැලුවම මෙයාලානේ පන්සලේ දේශපාලනය කරලා තියෙන්නේ (ම)
ශිෂ්ට සම්පන්න රටවල මිනිසා කොපමණ වේගයක් හිතට ආවත් තම විරුද්ධවාදියෙකුටවත් අත ඔසවන්නේ නැහැ.එයට හේතුවක් තිබෙනවා. පුද්ගලයෙක් කෙනෙකුට පහරක් ගසා නිකමට හරි තුවාලයක් හෝ ශාරීරික පීඩාවක් සිදුවුණා කියා ඔප්පු වුණොත් පහරදුන් කෙනා කුමන තරාතිරමේ අයෙක් වුවත් විශාල වන්දියක් ගෙවන්න වෙනවා මෙන්ම හිරේටද යන්න අනිවාර්යෙන් සිද්ධවෙනවා.එසේනම් අපේ රටේ ඉන්නෙත් මනුෂ්‍යයෝ නම්, යක්ෂයෝ නොවෙයි නම් නීතියක් කියා දෙයකුත් තිබෙනවා නම් ඕවා නවත්වන්න බැරිද? (නි)
චානක,ඔබ ලියන අදහස් මා ඉතා අගය කරනවා. අපේ රටේ විතරක් නොවෙයි දකුණු ආසියානු කලාපයේම ඇති මානසිකත්වයේ යම් දුර්වලතාවයක් හේතුකොටගෙන විනයක් නැති මිනිහා නිතැතින්ම චණ්ඩියෙක් වෙනවා. චණ්ඩියා ඊළඟට දේශපාලනයට එනවා. ඒ තුලින් බලවෙතෙක් වෙනවා. අසරණ අහිංසක ජනතාව මේ රුදුරු චක්‍රයේ ගොදුරක්වීම වළකාලිය හැක්කේ බුදුදහම වැනි විනයගරුක ආගමක ඉගැන්වීම් තුළිනුයි. නමුත් ඇතැම් අවස්ථාවල පැවිද්දොත් "චණ්ඩි" වීම නිසා අපි අසරණ වෙලා ...වගේ. (නි)