අංජුල මහික වීරරත්න
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනෙකු මෙවර කැබිනට් සංශෝධනයේදී විශේෂ කාර්ය අමාත්‍යවරුන් ලෙස පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි සඳහන් කරයි.
එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනා මෙතෙක් දරන අමාත්‍යංශ එක්සත් ජාතික පක්ෂයේ තරුණ අමාත්‍යවරුන් දෙදෙනෙකුට පැවරීමට සැලසුම් කර ඇත.
හෙට (22) සිදු වන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී මෙම නව වෙනස සිදු වන බව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක් කෙනෙක් සාගල රත්නා, අනිත් එක්කෙනා මලික් සමරවික්‍රම විය යුතුයි. මේ දෙන්නම රනිල්ගේ බොහොම පෞද්ගලික මිතුරන්. එ් ඇරෙන්න ඇමැතිකමක් දරන්න තරම් දක්ෂයෝ නොවෙයි. රනිල්ව සනසවන්න මෛත්‍රි මෙයාලට ඇමතිකම් දෙන්න හදනවා. යහපාලනයත් අන්තිමට නරුම පාලනයක් වෙලා.
අවශ්‍යම කරන දේ අගමැති අයින් කරලා අලුත් එක්කෙනෙක් පත් කරන එක. වෙන මොකක් කරත් වැඩක් නැහැ. රටට වැඩකුත් නැහැ අපිට හොඳක් සිද්ධ වෙන්නෙත් නැහැ.
ගාමිණී ජයවික්‍රම, ජෝන් අමරතුංග වත්ද? අනේ මන්දා..
අගමැති ඉවත් විය යුතුයි. නමුත් දැන්ම නොවෙයි.
නීතිය හා සාමය ඇමතිකම සරත් ෆොන්සේකා මහතාට දෙන්න දෙපැත්තේම හොරුනේ... ග්‍රාමසේවක මහත්තයා කැමැති වෙයිද?
තවත් මහජන මුදලින් යැපෙන ඇමැතිවරු දෙන්නෙක් වැඩිවන එකයි වෙනස...
මහ මැතිවරණයකින් පස්සෙද?
සජිත්ට නිවාස දෙන්ඩ. අනාගත අගමැති කරමු.
ඔයා මලික් ගැන දන්නවද? එතුමට තමයි ලංකාවේ තියෙන ලොකුම ඇඟලුම් කම්හල් ටික තියෙන්නේ. ළමයි ලක්ෂ ගාණකට ලංකාව පුරා රස්සාවල් දීලා. ඒ වගේ කෙනෙක්ට වැඩ බෑ කියන්නේ ඔයා වගේ නිකම්මු තමයි. පුද්ගලික ආයතනවල අයිතිකාරයින්ට ඒ වගේ වැඩ කිඩ රාජ්‍ය ආයතනවල් කරන්න බැරි දේශපාලනීකරණය සහ රාජ්‍ය සේවකයින්ගේ අකාර්යක්ෂමතාවය නිසයි.
225 න් 94 ම ස.පෙ. සමත් නැති තැන මොන කතාද?
රවීන්ද්‍ර කළුපහනගේ අදහසම තමයි මටත් හිතුනේ..
කිරිඇල්ල සහ සාගල.......?
වැඩේ බාස්ට යයිද නොදනිමි