IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


එජාප කමිටුවකට මද්දුමබණ්ඩාර පත් කරයි

(අංජුල මහික වීරරත්න)

දේශපාලන සහයෝගීතාවය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්  පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කමිටුවක් සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම ද ඇතුළත් කර ඇත.

වජිර අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් පත්කර තිබෙන මෙම පාර්ලිමේන්තු කණ්ඩායමේ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර අමාත්‍යවරු ද රංජිත් මද්දුමබණ්ඩාර සහ වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරුද සාමාජිකයෝ වෙති.

එජාප කමිටුවලට සජබෙ මහලේකම්වරයා පත්කරන්නේ කෙසේදැයි පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසූයේ ඔහුට නැවත එජාප සාමාජිකත්වය දීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙන බවයි.

රංජිත් මද්දුමබණ්ඩාර මහතා එජාප සාමාජිකයෙක් බව අධිකරණය පවා පිළිගෙන තිබෙන්නේ යැයිද පාලිත රංගේ බණ්ඩාර මහතා කීය.



අදහස් (5)

එජාප කමිටුවකට මද්දුමබණ්ඩාර පත් කරයි

සිල්වා Monday, 03 June 2024 05:01 PM

හහ්, කාටද පිස්සු?

:       4       27

සිරිමල් Monday, 03 June 2024 05:05 PM

සජබෙ මහා ලේකම් ආපහු මහගෙදර යනවා වගේ..!

:       6       25

de silva Monday, 03 June 2024 06:11 PM

මද්දුම බණ්ඩාර නොවේ ඇහැලේපොල නිලමේ වලෙන් නැගිටුවා ගෙන ආවත් එජාපෙට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ.. උපරිම 4%-5% ගනීවි..!

:       15       24

Bamunuarachchi Monday, 03 June 2024 07:43 PM

එජාපේ නැතුව ජෙප්පන්ට දෙන්නයැ. ජෙප්පෝ මොනාද රටට කලේ. ඝෝඨාභය සිංහල බෞද්ධ ඡන්ද ලක්ෂ 69 ගත්තේ රටපුරා ඇවිදලා, කෑගහල, අනුන්ගේ වැරදි කිය කියා ගිහිල්ලා මුස්ලිම් කාරයින්ට දෙමළුන්ට වැඳලා නොවෙයි. ජේවීපී එකට‍ පුළුවන් නම් සිංහල බෞද්ධ චන්ද ලක්ෂ 69 අරන් පෙන්නන්න කියලා.

:       24       13

අරවින්ද මොනරවිල Tuesday, 04 June 2024 11:14 AM

ගංවතුර කාලේට නයි මුගටි වුණත් එක කොටේ උඩ ලගිනවා ජිවිත බේරා ගන්න, කියලා අනුර කුමර සහෝදරයා මීට ටික කාලයකට පෙර කිව්වේ ඒක නිසයි. ඒක තමයි මේ සිදුවෙමින් පවතින්නේ, මාලිමාවේ ජය සහතිකයි.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site