එංගලන්තය වසර 10 කට පසුව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ එක්දින ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණීමට සමත්ව තිබේ. එංගලන්තය මේ වන විට ටෙස්ට් සහ එක්දින යන අංශ දෙකේම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසුවෙයි. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වාර්ෂික යාවත්කාලීන කිරීමට අනුව එංගලන්තය ප‍්‍රසාද ලකුණු 121 ක් ලබා සිටියි. එංගලන්තය අවසන් වරට 2002 වසරේ එක්දින ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගෙන සිටියේය. ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 108 ක් ලබා එක්දින ශ්‍රේණිගත කිරීමේ පස්වැනි ස්ථානයේ පසු වෙයි. එක්දින ශ්‍රේණිගත කිරීම