දකුණු අප‍්‍රිකාව සහ එංගලන්තය අතර ලෝඞ්ස්’හිදී පැවැති තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයෝ ලකුණු 51 ක ජයක් ලැබුහ. තරගය ජය ගන්නා කණ්ඩායමට ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණිමේ අවස්ථාව හිමිවන අතර දකුණු අප‍්‍රිකාව එම අවස්ථාව මෙම ජයත් සමග හිමිකර ගත්තේය.
දෙරට අතර තරග තුනකින් පැවැති ටෙස්ට් තරගාවලිය 2/0 ක් ලෙස දකුණු අප‍්‍රිකාව ජය ලැබීය. තරගය ජය ගැනීමට එංගලන්ත පිලට ලකුණු 345 ක ඉලක්කයක් හිමි වු අතර වර්නන් පිලෙන්ඩර්ගේ දක්‍ෂ පන්දු යැවීම හමුවේ එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 294 කට සීමාවිය.
දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම 309 සහ දෙවැනි ඉනිම 351 (හසීම් අම්ලා 121, ඒ.බී.ඩිවිලියර්ස් 43, වර්නන් පිලෙන්ඩර් 35, ස්ටීවන් ෆින් 74/4, ජේම්ස් ඇන්ඩර්සන් 73/2, ස්ටුවට් බ්‍රෝඞ් 85/2)
එංගලන්තය පළමු ඉනිම 315 සහ දෙවැනි ඉනිම 294 (ජොනතන් ට්‍රොට් 63, ජොනී බෙයාර්ස්ටෝ 54, මැට් ප‍්‍රියර් 73, ගේ‍්‍රම් ස්වොන් 41, වර්නන් පිලෙන්ඩර් 30/5)
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එංගලන්තය පරදවා ද. අප‍්‍රිකාව ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පළමු තැනට
Cooray Nawalage Jude Yohan Tuesday, 21 August 2012 10:09 PM
එතකොට අපි.. අපි ඉන්නෙ කොතැනද?(නු)
සජී Tuesday, 21 August 2012 04:54 PM
නියමයි නියමයි. (නි)