ශ්‍රී ලාංකිකයන් එංගලන්තයට හා ඇමෙරිකාවට හොරෙන් ඇතුළුකිරීමට හවුල් බව කියන ශ්‍රී ලාංකිකයකු ඇතුළු කණ්ඩායමක් ඔස්ට්‍රියාවේ වියනා ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව     ලන්ඩනයේ ඩේලි ටෙලිග්‍රාෆ්  පත්‍රය කියයි.

වියානා ගුවන්තොට ආරක්ෂකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත්, වීසා ඇතුළු නිසි ගමන් ලියැවිලි ඇති පිරිස් ලන්ඩනයට හා අමෙරිකාවට පිටත් කර හැරීම ඔවුනට එරෙහි චෝදනාව බවත්, වියනා බලධරයෝ කියති.

මේ සම්බන්ධයෙන් ගුවන්තොටේ තවත් 11 දෙනකුගෙන් ප්‍රශ්න කර ඇත.

අත්අඩංගුවට ගත් පිරිස පෞද්ගලික ආරක්ෂක සමාගමකට අය බවත්, ටෙලිග්‍රාෆ් පත්‍රය කියයි.

වියනා ගුවන්තොටේ එංගලන්තයට හා ඇමෙරිකාවට යෑම සඳහා යුරෝ හත් දහසේ (රුපියල් 1022779.88) සිට නව දහස (රුපියල් 1315002.70) දක්වා සැකකරුවනට ගෙවා ඇතැයි ද වාර්තා වෙයි.