එළැඹෙන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි - 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවන එංගලන්ත කණ්ඩායමෙන් මැද පෙළ පිතිකරු කෙවින් පීටර්සන් ඉවත් කිරීමට එංගලන්ත කි‍්‍රකට් බලධාරීහු ඊයේ පියවර ගත්හ.
බටහිර ඉන්දීය දූපත් සමූහයේදී අවසන් වරට පැවැති විස්සයි - 20 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය කුසලාන දිනාගත් අතර එවර තරගාවලියේ වීරයා වූයේද පීටර්සන්ය. එංගලන්තය දිනාගත් ලෝක මට්ටමේ එකම කුසලානය වන්නේද 2010 විස්සයි - 20 ලෝක කුසලානයයි.
ජූලි මස මුල් සතියේදී එක්දින සහ විස්සයි - 20 කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට පීටර්සන් තීරණය කළ අතර විස්සයි - 20 අන්තර්ජාතික තරග සඳහා ඉදිරිපත් වීමට ඔහුගේ බලාපොරොත්තුවක් තිබුණ නමුත් එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය ඊට එක`ග නොවීය.
එංගලන්ත නායකයා සහ කණ්ඩායම විවේචනය කරමින් දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයන්ට කෙටි පණිවුඩ යැවීම නිසා එංගලන්තය සහ දකුණු අප‍්‍රිකාව අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගය ද පීටර්සන්ට අහිමිවිය.
එංගලන්ත විස්සයි - 20 ක‍්‍රිකට් සංචිතය:
ස්ටුවට් බ්‍රෝඞ් (නායක), ජෝනි බෙයාර්ස්ටෝව්, රවී බොපරා, ටිම් බ්‍රෙස්නන්, ඩැනී බි‍්‍රග්ස්, ජොස් බට්ලර්, ජේඞ් ඩ‍්‍රැන්බච්, ස්ටීවන් ෆින්, ඇලෙක්ස් හේල්ස්, ක්‍රෙග් ක‍්‍රිස්වටර්, මයිකල් ලැම්බ්, ඉවෙන් මෝගන්, ස්මිත් පටෙල්, ගේ‍්‍රම් ස්වොන් සහ ලූක් රයිට්.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක හොදයි (දී)
අපට ඔබ අහිමි වුණා. (ස)
අවසානයේ වූයේ හොද ක්‍රීඩකයෙක් අහිමි වීම පමණයි. (නි)
අයියෝ පීටර් නැතුව අපිට දුකයි...(ස)
ඉතා දක්ෂ ක්‍රීඩකයෙක්. (නි)
ප්‍රිටර්සන් අහන්කාර කමට ඇදගෙන නෑව (අ)
එන්ගලන්තයට දක්ෂ ක්‍රීඩකයෙක් අහිමි වීම පමණයි සිදුවූයේ. (නි)
අයියෝ! එන්ගලන්තෙට පීටර්සන් නැති වුණාට අපේ රටේ ඉන්නවානේ එක්කෙනෙක්. (නි)
ඔන්න අයි.පී.එල්. වලින් සිදුවූ තවත් ප්‍රතිඵලයක්. (නි)
අන්තිමට බලාපොරොත්තු නැතිවුණා නොවේද? (නි)
අයියා ගහමුද SLPL? (ස)
අපරාදේ! හොද පිතිකරුවෙක්. (නි)