IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


එංගලන්ත විස්සයි - 20 සංචිතයෙන් පීටර්සන් ඉවතට

එළැඹෙන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි - 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවන එංගලන්ත කණ්ඩායමෙන් මැද පෙළ පිතිකරු කෙවින් පීටර්සන් ඉවත් කිරීමට එංගලන්ත කි‍්‍රකට් බලධාරීහු ඊයේ පියවර ගත්හ. බටහිර ඉන්දීය දූපත් සමූහයේදී අවසන් වරට පැවැති විස්සයි - 20 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය කුසලාන දිනාගත් අතර එවර තරගාවලියේ වීරයා වූයේද පීටර්සන්ය. එංගලන්තය දිනාගත් ලෝක මට්ටමේ එකම කුසලානය වන්නේද 2010 විස්සයි - 20 ලෝක කුසලානයයි. ජූලි මස මුල් සතියේදී එක්දින සහ විස්සයි - 20 කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට පීටර්සන් තීරණය කළ අතර විස්සයි - 20 අන්තර්ජාතික තරග සඳහා ඉදිරිපත් වීමට ඔහුගේ බලාපොරොත්තුවක් තිබුණ නමුත් එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය ඊට එක`ග නොවීය. එංගලන්ත නායකයා සහ කණ්ඩායම විවේචනය කරමින් දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයන්ට කෙටි පණිවුඩ යැවීම නිසා එංගලන්තය සහ දකුණු අප‍්‍රිකාව අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගය ද පීටර්සන්ට අහිමිවිය. එංගලන්ත විස්සයි - 20 ක‍්‍රිකට් සංචිතය: ස්ටුවට් බ්‍රෝඞ් (නායක), ජෝනි බෙයාර්ස්ටෝව්, රවී බොපරා, ටිම් බ්‍රෙස්නන්, ඩැනී බි‍්‍රග්ස්, ජොස් බට්ලර්, ජේඞ් ඩ‍්‍රැන්බච්, ස්ටීවන් ෆින්, ඇලෙක්ස් හේල්ස්, ක්‍රෙග් ක‍්‍රිස්වටර්, මයිකල් ලැම්බ්, ඉවෙන් මෝගන්, ස්මිත් පටෙල්, ගේ‍්‍රම් ස්වොන් සහ ලූක් රයිට්.



අදහස් (0)

එංගලන්ත විස්සයි - 20 සංචිතයෙන් පීටර්සන් ඉවතට

සිසිර කුමාර Wednesday, 22 August 2012 03:09 PM

අවසානයේ වූයේ හොද ක්‍රීඩකයෙක් අහිමි වීම පමණයි. (නි)

:       0       0

රජිව් Thursday, 23 August 2012 12:00 AM

එන්ගලන්තයට දක්ෂ ක්‍රීඩකයෙක් අහිමි වීම පමණයි සිදුවූයේ. (නි)

:       0       0

මහේන් Wednesday, 22 August 2012 03:25 PM

අයියෝ පීටර් නැතුව අපිට දුකයි...(ස)

:       0       0

අංජුල Thursday, 23 August 2012 01:04 AM

අයියෝ! එන්ගලන්තෙට පීටර්සන් නැති වුණාට අපේ රටේ ඉන්නවානේ එක්කෙනෙක්. (නි)

:       0       0

කැල්වින් Thursday, 23 August 2012 01:21 AM

ඔන්න අයි.පී.එල්. වලින් සිදුවූ තවත් ප්‍රතිඵලයක්. (නි)

:       0       0

ගාල්ලේ කෙනෙක් Thursday, 23 August 2012 08:34 AM

අන්තිමට බලාපොරොත්තු නැතිවුණා නොවේද? (නි)

:       0       0

හිමාල් Thursday, 23 August 2012 08:48 AM

අයියා ගහමුද SLPL? (ස)

:       0       0

මලිත් Wednesday, 22 August 2012 12:19 PM

එක හොදයි (දී)

:       0       0

දිලන්ක Wednesday, 22 August 2012 06:36 PM

ඉතා දක්ෂ ක්‍රීඩකයෙක්. (නි)

:       0       0

ධනුෂ්ක Wednesday, 22 August 2012 01:46 PM

අපට ඔබ අහිමි වුණා. (ස)

:       0       0

කුරේ නාවලගේ ජූඩ් රොහාන් Wednesday, 22 August 2012 08:37 PM

ප්‍රිටර්සන් අහන්කාර කමට ඇදගෙන නෑව (අ)

:       0       0

සජී Thursday, 23 August 2012 05:41 PM

අපරාදේ! හොද පිතිකරුවෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site