(ජේ.කේ.එල් චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවිම නිසා එංගලන්ත ජාතික හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිචඩ් පර්මින් මහතාට යලි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් කිරිමට අනුමැතිය ලබාදුන් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.
රිචඩ් පර්මින් මහතාට හෘද සැත්කම් කිරිම සඳහා යලි අවස්තාව ලබාදෙන බව පවසමින් රෝහල් අධ්‍යක්ෂකවරයා අදාල අංශවෙත අද (19) පස්වරුවේ දැනුම් දුන්නේය.
මේ පිළිබද අප කළ විමසුමකදි රෝහල් අධ්‍යක්ෂක ජයම්පති සේනානායක මහතා මේසේ ද කිවේය.
“සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් මත තමයි මේ ගැන සොයා බලන තෙක් එංගලන්ත ජාතික වෛද්‍යවරයා සිදුකිරිමට නියමිතව තිබූ සැත්කම් තාවකාලිකව නතර කරණ ලෙස ඉල්ලා මා ලිපියක් නිකුත් කළේ. වෛද්‍ය සභාවෙන් කියනවා මෙම විශේෂඥ වෛද්‍යවරයාට සැත්කම් කිරිම සඳහා අනුමැතිය ලබා දුන්නේ හොඳට සොයා බලා කියලා. ඒ නිසා යලි මේ ගැන පරික්ෂා කිරිමට අවශ්‍ය නොවන බව දැනුම් දුන්නා. ඒ අනුව මා මිට පෙර නිකුත් කළ ලිපිය ඉල්ලා අස්කරගත්තා.“ යැයිද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කට්ටිය ගැන කියලා වැඩක් නැ. නිකන් බොරුවට නාට්‍යක් රගපැවා! ඒකෙන් වුනේ අර අහිංසක දුපත් මිනිසුන් කීපදෙනෙක්ගේ සැත්කම් ප්‍රමාද වුන එක විතරයි.
මෙතන තියෙන්නේ ලාංකික වෛද්‍යවරුන්ට පොදුවූ වෘත්තීයමය ඉරිසියාවක්. හම්බ කිරීමම මුලික පරමාර්ථය කරගෙන වෛද්‍ය පීඨයට යන සහ ඉන් පිටවන දොස්තරලා ඉන්න රටක් මේ ධර්මද්වීපය. ඉතාලියේ මොන තරම් කරුණාව මුල්කරගෙනද වෛද්‍යවරු කටයුතු කරන්නේ.මේ රට වල උපදින්න බොහෝ පින්කර තියෙන්න ඕනේ ලංකාවට සාපේක්ෂව.
GMOA හිතාගෙන ඉන්නේ එයාල සර්ව බලධාරී දෙවියෝ කියලා.
සංවර්ධනය වූ රටවල්වල දොස්තරලා අපේ වගේ සංවර්ධනය නොවූ රටවල් වලට එන්නේ ශල්‍යකර්ම කරන්න පුහුණුවක් ලබාගන්න. ඔවුන්ගේ රටවල් වල රෝගීන් සුළු අත්වැරද්දකටත් නඩු දමන නිසා ශල්‍යකර්ම පුහුණුව ලබාගන්න අපහසුයි.
ඔය Richard Ferman නමැති වෛද්‍යවරයා ඉතාමත් දක්ෂ වෛද්‍යවරයෙක්. ලංකාවේ ඉන්නා ළමයින් 1500 කගේ ජීවිත බේරා ගෙන තියනවා නොමිලෙ. ලංකාවේ ඉන්න වෛද්‍යවරුන්ගෙ පුද්ගලික channel වලට බඩේ පහර වදින නිසා තමයි ඒ ගොල්ලෝ විරුද්ධ වෙන්නේ . හරිම කුහකයි ඒ කට්ටිය .
හොඳට සොයා බලා කියන එක පමණක් නොවෙයි පිළිතුර විය යුත්තේ ඔබලා ඔහුට නැතැයි කියා බෙරිහන් දුන්න සුදුසුකම් මේ ඉක්මනින් ලබාගත්තද කියා පැහැදිලි කිරීමයි.
මෙතුමාගේ සැත්කම් ඉතා සාර්ථකයි. හොඳ දැනුමක් සහ පළපුරුද්දක් තියනවා. මුදලට කෑදරකමට වඩා වෘත්තීය ගෞරුත්වය ගැන හිතනවා. ඉතා විශාල පිරිසක් මෙතුමාගේ සේවය ලබාගෙන මෙතුමාට පින් දෙමින් හොඳින් කාලය ගතකරනවා. ඔය සමහර ඉරිසියාකාරයෝ එම සැත්කම් කලානම් රෝගීන්ට දෙයියන්ගේම පිහිටයි. මෙතුමාගේ සේවය නැවත ලබා ගැනීමට හැකිවීම ලංකාවාසී අප ලැබුව ලොකුම ලොකු ජයග්‍රහණයක්...
ලංකාවේ දොස්තරලා නිසා කීදෙනෙක් මැරිලා ඇතිද? මේ විදේශීය දොස්තරලා නිසා කී දෙනෙක් මැරුණද? මේක කුහක සමාජයක්
මේ දොස්තර මහතා රජයේ රෝහලේ කරන සැත්කම් නැවත්තුවොත් ඒකෙන් වාසි වෙන්නේ එම සැත්කමම පුද්ගලික රෝහලක සිදු කරලා ගානක් කපාගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපේ දොස්තර වරුන්ටයි . මේ ප්රශ්නය ඇති කිරීමේ අරමුණ මේ දොස්තර මහතාගේ සුදුසුකම් සෙවීම නොව තමන්ගේ මඩිය තර කර ගැනීමට මෙතුමාගේ සේවය බාධාවක් වීමයි .
2015 සිට එංගලන්ත වෛද්‍ය සභාවේ ලියාපදිංචියවත් නැති රිටයර් උන හාදයෙකුට හෘදයේ ශෛල්‍යකර්ම කිරීමට වෛද්‍ය සභාව අවසර දෙනවානම් සයිටම් සිසුන්ටද අවසර දියයුතුය. මොකද උන් ලංකාවෙ උන්. මෙයා තමා එක්මෝ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය විකුණන බිස්නස් එක කරන්නෙ ලංකාවෙ. ඒක පිටදාල නොමිලේ සර්ජරි කරනවා කියලා ලංකාවේ මෝඩයන්ගෙන් ක්‍රෙඩිට් එක අරගෙන තියෙන්නෙ. ලංකාවෙ ජනතාවටත් ඕන ගෝත කරුමයක් උනත් කරගහයි පිටරට කීවොත්.
ලංකාවේ වෛද්‍යවරුන්ට අනුව ලෝකයෙන්ම උසස් ජාතිය මෙයාලා...
අනේ මන්දා, මෙතන දෙපැත්තටම කමෙන්ට්ස් දාලා. හිතාගන්න බැහැ කවුද හරි කියලා. එකම දේ, මෙයාට එංගලතෙන් ප්‍රශ්න තිබෙනවද ලයිසන් නොදෙන්න... මොනවා වුනත් අන්තිමට ලෙඩා මලාට බඩ සුද්ද වුණා නෙවෙයි ලෙඩා මළාට පොකට් එක සුද්ද වුනානේ කියන්න ඉඩ තියන්න එපා...
ලෝකයේ ප්‍රමිතිය අතින් ඉහළම දොස්තරලා ඉන්නේ ලංකාවේ... අර පෙරකදෝරු නෝනා කෙනෙක් වෙන්න ඉගෙනගත්තු අර මාතර පැත්තේ සිසුවියකගේ අතේ සුළු අමාරුවකට ප්‍රතිකාර කරගන්න රෝහලට ගිහිල්ල මුළු අතම කපලා ගෙදර එවලා තිබුනේ... මම හිතන විදිහට එංගලන්තේ දොස්තර කෙනෙක් වෙන්න ඕනේ. අපේ වෛද්‍ය සිසුන් විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්නකොට වැඩි කාලයක් ගතකරන්නේ පාරවල් වහගෙන උද්ඝෝෂණය කරන්න. ඉගෙනීමට හොඳම විශ්ව විද්‍යාලය සමාජය කියලා ලෝක ප්‍රසිද්ධ දාර්ශනිකයෝ කිවේ කට කහනවට නොවේ. මේවා ඔක්කොම සලකලා බලනකොට එංගලන්තේ අවුරුදු 40ක් විතර ප්‍රතිකාර කරපු දොස්තරලට වැඩිය අපේ අවුරුදු 5-10 පළපුරුද්දක් තිබෙන දොස්තරලා වැඩකාරයින්... අපේ දොස්තරලගෙන් බෙහෙත් ගන්න යුරෝපයේ, අරාබියේ, ඇමරිකාවේ මිනිස්සු එන්නේ පෝලිමේ....
ඔහු තමා කරාපිටිය රෝහලේ හදවත් සැත්කම් පළමුවෙන්ම පටන් ගත්තේ 1997දී. දැනට කරාපිටියේ සිටින හදවත් සැත්කම් කරන ශල්‍යවෛද්‍යවරු දෙදෙනාගේම ගුරුවරයා ඔහු. දැනට අවුරුදු 20 ක් ලංකාවට නොමිලේ සේවය කරලා තියනවා. වැඩිහිටියන්ගේ සහ ළමයින්ගේ හදවත් සැත්කම් ඉතා සාර්ථකව කරලා තියනවා. ඉතා සංකීර්ණ සැත්කම් වලට ලංකාවේ වෙනත් පළාත් වලිනුත් මොහුට රෝගීන් යොමු කරනවා. එක්මෝ කියන ඉතා වටිනා ප්‍රතිකාර ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නෙත් මොහු තමා. මී උණ, H1N1 නියුමෝනියාවෙන් පෙලෙන රෝගීන්ගේ ජීවිත මෙමගින් බේරාගන්නවා. ඔහුට කිසිම සමාගමක අයිතියක් නෑ. හැමදෙයක්ම කරන්නේ නොමිලේ. ගුණමකු, ඉරිසියාකාර, මෝඩ පිරිසකගේ පලිගැනීමක් මේ. ජාතියක් වශයෙන් අපි ලැජ්ජා විය යුතුයි. ඔහුගෙන් සමාව ගත යුතුයි.
පරණ කියමනක් තියෙනවානේ... පිදුරු කන්නෙත් නෑ කන........ට. දෙන්නෙත් නෑ කියලා.