
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
එංගලන්ත ජාතික තරුණියකගේ ඩොලර් 20000ක පමණ වටිනා දේපළ අඩංගු බෑගය පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොලේ බස් රථයක් තුළදී සොරාගත් පුද්ගලයා කැලණිය පෙතියාගොඩ දී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සංචාරක වෙළෙන්දෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බව පොලිසිය කියයි.
එම සැකකරු සොරාගෙන තිබූ ලැප් ටොප් පරිගණකය කැමරාව, බැංකු කාඩ්පත් හා ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු සියලුම දේපළ පොලිසිය මගින් සොයාගෙන ඇත .
ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක වීඩියෝ පටයක් සකස් කිරීම මෙරටට පැමිණ ඇල්ල බලා යාම සඳහා පිටකොටුව බැස්ටියන් මාවත බස් රථයක විදෙස් තරුණිය සිය ගමන් බෑග් තබා තිබියදී සැකකරු ඔහු රැගෙන ආ බෑගය එහි තබා ඇයගේ දේපල අඩංගු බෑගය සොරාගෙන ගොස් තිබිණි .
බස් රථයේ සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ ලබාගත් ඡායාරූප තොරතුරු කරුවන් ඔස්සේ රහසිගත ලෙස ප්‍රසිද්ධ කර ලබා ගත් තොරතුරු කලකට පෙර බස් රථවල ස්ටිකර් අලවිකල පුද්ගලයකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි .
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරාගත් කැමරාව රුපියල් දෙලක්ෂ පනස්දහකට දොම්පේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදීත්, ලැප් ටොෆ් පරිගණකය රහස් අංකය විනාශ කිරීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථානයකට රුපියල් 5000කට අත්තිකාරම් මුදලක් ගෙවා ලබාදී තිබියදීත් සෙසු භාණ්ඩ සැකකරු සන්තකයේ තිබියදී සොයාගැනීමට හැකිවූ බව පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතා පැවසීය.
"අන්ඩර් ද සේම් ස්කයි " නමින් යූබ්ටියුබ් චැනලයක් පවත්වාගෙන යන ස්කයි මැක්ගෝවන් නමැති තරුණිය රටවල් 37ක සංචාරය කර ඇති තැනැත්තියක් බවත් ඉකුත් 24 වෙනිදින මෙරට සංචාරය සඳහා පැමිණ තිබූ බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකන්නියා රටේ නමනෙ විනාශ කළේ. දැන් ඒ තරුණිය ඒගැන ලෝකෙටම කියයි.
ශ්‍රී ලංකාව කියන නම කෑවා... දෙන්න ඕනෑ උපරිම දඬුවම් ආයෙත් තවත් කෙනෙකුට පාඩමක් ඉගෙන ගන්න එක්කම.
දැන් මේ විස්තර youtube යයි. වරදකරුට දැඩි දඩුවම් දෙන්න. අනෙක් අයටත් ඒ දේ නොකරන්න. සංචාරකය්න්ට සලකන්න ගරු කරන්න මිනිස්සුන්ට කියාදෙන්න...
දේශපාලනය ගෑවුණු කේස් එකක් හැර, අනිත් ඕනෑම අපරාධයක් අපේ පොලිසියට හොයන්න පුළුවන්.
ශ්‍රි ලංකා පොලිසියට රටේ උත්තමාචාරය විශේෂයෙන් පිටකොටුව පොලිසියට සහ මෙම හොරකම අල්ලා ගැනීමට සහාය වූ සියලු නිළධාරි න් වෙත ප්‍රණාමය පුදකර සිටිමි.
රටේ ඉහළම තැනින් පුරුදු කරපු හොරකම, ජඩකම පහළම තැනින් අපූරුවට ඉටුවෙනවා. රට්ටු අප්පච්චි කියපු එකා තමයි ලොකුම හොරා. මේ පිළිබඳව ලියවුනේ යූටියුබයේ නොවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙයි…
මෙම සංචාරක වෙළෙන්ඳන්ට බස් රථවල ඇතුළට නගින එක තහනම් කරන්න.. වැඩිහරියක් ම ඉන්නේ හොරු.
දේශපාලකයින් සම්බන්ධ නැතිනම් ඕනෑම සොරකමක් ඉතා කඩිනමින් අනාවරණය කර ගැනීමට අපේ රටේ පොලිසිය දක්ෂයි...
මේ වගේ දේවල් මුලු ලෝකේ හැම රටකම වෙනවා නමුත් නැවත හමුවීම අපේ රටේ ඉක්මණින් හමුවෙනවා....
මෙම තත්වය ඕනෑම රටක දකින්ට ලැබෙනවා. නමුත් නැතිවන දේවල් ඉතා අඩු කාල සීමාවකින් අපේ රටේ ලැබෙනවා අනිත් රටවලට සාපේක්ෂව. ඉතාම අගය කරනවා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය
අහවල් අවයව තලල දාන්න...දෙන්න වෙන දඬුවමක් නෑ...
අපේ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ලෝකේ ඉහළින්ම ඉන්නවා. ලංකාවේ මිනිස්සු බුද්ධිය අතින් ඉහළ මට්ටමක ඉන්නවා ඒ ගැන කථා දෙකක් නෑ. වෙනත් රටවල්වල මිනිස්සුත් එක්ක වැඩකරලා තියෙන අද්දැකීමෙන් කියන්නේ... දැන් අර කාන්තාව පොලිසියෙන් දක්ෂකම ගැන යූ ටියුබ් නාලිකාවේ කියයිද, හොරු ගැන කියයිද? පොලිසියේ මහත්තුරුන්ට අපගේ ගෞරවය...!
පොලිසියට අපේ ගෞරව ප්‍රණාමය... නියමයි..!
"හොරුන්ගෙන් ප්‍රවේශම් වනු" යන නාම පුවරුව ගුවන් තොටුපලේ සවි කිරීමට කාලය පැමිණ ඇත...
මෙයා රටේ නම කෑවානේ... මොන අපතයෙක්ද?
PITIGALA MILANO කියන්නෙ හරියට ඉතාලියෙ හොරු නැතිව වගේනෙ..අනෙක. කොටින්ට බයේ නට්ට පස්ස පැත්තෙ ගහගෙන ඇදන් යට රින්ගපු ගොරකයො තමයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කතා කරන්නෙ. එතුමාට පින්සිදු වෙන්න අද බයක් සැකක් නැතුව ජීවත් වෙනව. කුහක නොවී ඒකටවත් ගරු කරන්න ඉගෙන ගන්න. එතුමාට බුදු සරණයි
ගුඩ්මෝනිං ලොක්කා… මෙච්චර කල් බුදියගෙන ඉදලා අදද ඇහැරියේ…? ඉතාලියට ඇවිල්ලත් හැදිලා නැති ඔබ වැනි අය ගැන කවර කතාද..? අර ඉතාලියේ ඉන්න පච්චයාත් දැන් හැදිලා. ඌ අප්පච්චි කියන එකාගේ පච්චේ මකාගන්න දහ අතේ ඇවිදිනවාලු…
මනුස්සයෙක්ට ගරුත්වයක් දීලා කතා කරන්නවත් හැදියාවක් නැතිකම ගැන මම කණගාටු වෙමි... ඉතාලි නෙමෙයි ලෝකයේ කොහේ ගියත්... ඉස්මතු වෙන්නේ තමන්ගේ සහජ ගතිගුණ බව ඔබගෙන් මනාව පැහැදිලි වේ..