ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් කාලයේදී සිදුවුවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝණ සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පියවර ගැනීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් එක්සත් ජාතීන්ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක් කල් ලැබෙනු ඇතැයි ජිනීවා හි තානාපති ආරංචි මාර්ග කියා සිටී.
ඒ අනුව මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට මෙම කාලය ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව සමඟ ශ්‍රී ලංකාව එක්ව මානව හිමිකම් කවුන්සිලයට නව යෝජනාවක් මේ දිනවල පැවැත්වෙන සැසියේදී සභාගත කෙරෙනු ඇත.
නව යෝජනාව ඉදිරී දින 3-4 ඇතුළත කවුන්සිලය හමුවේ සභාගත කෙරෙනු ඇතැයි එම ජිනීවා ආරංචි මාර්ග කියා සිටීයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd