ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින හා විස්සයි විස්ස නායකත්වය සඳහා තිසර පෙරේරා පත්කරනු ලැබ සිටී.
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින හා 20 -20 තරගාවලි සඳහා එසේ ඔහු නායකත්වයට පත්කර ඇති අතර මීට පෙර පැවැති පාකිස්තාන 20-20 තරගාවලියේ නායකයා ලෙසද ඔහු කටයුතු කළේය.
28 හැවිරිදි තිසර පෙරේරා එක්දින ක්‍රිකට් නායකත්වයට පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර මීට පෙර උපුල් තරංග එක්දින නායකයා ලෙස කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම කලකදී වැඩිම නායකයෝ ප්‍රමාණයක් පත්කරලා වාර්තාව තියන්නයි මේ හදන්නේ. සනත්ලා, මුරලිලා ගියාට පස්සේ අයෙත් අපිට වාර්තා තියන්න බැරි වෙයි කියල හිතපු අයට ගොඩක් රිදෙයි දැන්.
එතකොට, උපුල් තරංග සංචිතයේ නැත්ද?
මෙය 2017 වසරේ හයවෙනි නායකයා. අපේ ක්‍රිකට් කණ්ඩායම පරාජය වෙනකොට නායකයන්ව මාරුකරනවා නැතිනම් ක්‍රීඩකයන්ව මාරුකරනවා. අද කාලෙට ඔබින පුහුණුකරුවන්ව ගන්න පාලක මණ්ඩලය වෙනස්කම් කරන්න. නැගී එන තරුණ ක්‍රීඩකයන්ගේ අනාගතය නැතිකරන්නේ නැතුව. අැයි මහේල, සංගා, වාස්, මුරලි, දිල්ෂාන් වැනි ලෝක වාර්තාවලට හිමිකම් කියන ක්‍රීඩකයන්ගෙන් ප්‍රයෝජන ගන්නේ නැත්තේ.
කණ්ඩායම වෙනුවෙන් හොඳට ක්‍රීඩා කළානම් තරග පරදින්නේ නැහැ. නායකයා කලා කියල මම නම් හිතන්නේ නැහැ ලොකු වෙනසක් වේවි කියලා...
ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩක් වෙලාවට ගොඩ දැම්ම දක්ෂ ක්‍රීඩකයෙක්. හැබැයි පීඩනය දරාගැනීම අතින් චුට්ටක් පසුපසින් ඉන්න ඒ වගේම දක්ෂතා ඉතා ඉක්මනින් තුලනය වන ක්‍රීඩකයෙක්, දැන්වත් තේරුම් කමිටුව තේරුම ගත්තොත් හොඳයි දෙවන පෙළ නායකත්වයක් සූදානම් කරන්න, තිසරගේ සහ අපේ කණ්ඩායමේ ඉදිරිය සුබවේවා, සාර්ථක වේවා කියා ප්‍රර්ථනා කරනවා.....!!!
තිසරට හිටපු ගමන් ආතතිය හැදෙනවා... මොකකින් මොකක් වෙයිද දන්නේ නෑ..
තිසර පෙරේරාගේ බැටින් ඇවරේජ් එකට වඩා බෝලින් ඇවරේජ් එක වැඩියි. ඇවරේජ් අනුව ඔහු පන්දු වාර 6කදී විකට් 1ක් ගන්නවා ලකුණු 34ක් දීලා. නමුත් ඔහු බැටින් වලින් ලකුණු 17ක් ගන්නේ මැච් එකකට. ඔන්න අපේ තුන් ඉරියව් නායකයා.
කවුරු දැම්මත් වැඩක් නැත. පාලක මණ්ඩලේ දේශපාලකයෝ යනකම් !!!