ගැටුම් නිරාකරණයේදී එක් එක් රටවලට එක් එක් ආකාරයෙන් සැලකීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රතිපත්ති වලට පටහැනි බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළු සැසිවාරය අමතමින් පැවැසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව අර්බුදවලට විසඳුම් සෙවීමේ වේදිකාවක් විය යුතු බවත් එහි සාමාජික රටවල ස්වෛරි භාවය සම අන්දමින් සැලකීමට කටයුතු කළයුතු බවද අමාත්‍යවරයා සාමාජික රටවල් 193 ක නියෝජිතයින් හමුවේ කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තෝරාගත් රටවලට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම එම පද්ධතිය කෙරෙහි සාමාජික රටවල විශ්වාසය බිඳවැටීමටද හේතුවිය හැකි බවත් හේ කීවේය. ඉකුත් වසරේ ලංකාව ලැබූ ආර්ථික හා සමාජීය සංවර්ධනය පිළිබඳවද අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවන්ට සහාය වන බාහිර බලපෑම් ලංකාවේ සාමය හා සංහිඳියා කි‍්‍රයාමාර්ග බිඳ හෙලීමටද හේතුවන බවය. ඒවා වැළැක්වීමට රජය කැපවීමෙන් කටයුතු කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
”එක හැන්දකින් කාටත් බෙදනු”
රාජා Wednesday, 03 October 2012 01:42 PM
අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා, ඉස්සරවෙලාම ලංකාව තුළ එක හැන්දෙන් බෙදන්න කියන්න ඇමතිතුමෝ. (නි)
වසන්ත Tuesday, 02 October 2012 10:03 PM
හොද පැහැදිලි කිරීමක් (නි)
වසන්ත Tuesday, 02 October 2012 10:09 PM
හොද පැහැදිළි කිරීමක්.. ඇත්තටම ඔය බටහිර රටවල් දැනට මුළු ලෝකෙම එයාලව උවමනා විදියට පාලනය කරන්න හදනවා... අපි ඒවාට නැමෙන්න කැමිත නැති බව ඒ ගොල්ල තේරුම් ගන්න ඕන..!(නු)
සරත් Wednesday, 03 October 2012 09:23 AM
ලුම්බිණි හරි. ඒත් බලය තියෙද්දි මොළය නැහැ. මොළය තියෙද්දි බලය නැහැ. (නි)
සේනානායක Wednesday, 03 October 2012 12:16 AM
බුද්ධීමත් කාලෝචිත ප්‍රකාශයක්. (නි)
චන්ද්‍රසිරි Wednesday, 03 October 2012 03:25 PM
කතාවනම් හොඳයි .ඒ අයට ඇහුනද දන්නේ නෑ . (ස)
අමිල කටුනායක Tuesday, 02 October 2012 07:01 PM
ඒක ඇත්ත (නි)
නිරාන් Tuesday, 02 October 2012 07:19 PM
හොද දේශනයක්. (නි)
ලුම්බිණි Wednesday, 03 October 2012 06:33 AM
මේ කියන ප්‍රතිපත්තිය රජය මේ රට තුළ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළොත් හොඳයි නේද? අද මේ රටේ හැමෝටම බෙදන්නේ එක හැන්දෙන්ද? හැමෝටම තියෙන්නේ එක නීතියද? හැමෝටම තියෙන්නේ එකම අයිතිවාසිකම්ද? (නි)
වරුන Wednesday, 03 October 2012 08:06 AM
ලංකාවේ කවද්ද ඔක්කෝටම එක හැන්දෙන් බෙදුවේ.(නදී)
සංජේ Tuesday, 02 October 2012 08:19 PM
මාලකට සහ මේජර්ට එක හැන්දෙන් දුන්නේ නැත්තේ ඇයි එහෙනම්? (නි)