ගැටුම් නිරාකරණයේදී එක් එක් රටවලට එක් එක් ආකාරයෙන් සැලකීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රතිපත්ති වලට පටහැනි බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළු සැසිවාරය අමතමින් පැවැසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව අර්බුදවලට විසඳුම් සෙවීමේ වේදිකාවක් විය යුතු බවත් එහි සාමාජික රටවල ස්වෛරි භාවය සම අන්දමින් සැලකීමට කටයුතු කළයුතු බවද අමාත්‍යවරයා සාමාජික රටවල් 193 ක නියෝජිතයින් හමුවේ කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තෝරාගත් රටවලට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම එම පද්ධතිය කෙරෙහි සාමාජික රටවල විශ්වාසය බිඳවැටීමටද හේතුවිය හැකි බවත් හේ කීවේය. ඉකුත් වසරේ ලංකාව ලැබූ ආර්ථික හා සමාජීය සංවර්ධනය පිළිබඳවද අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවන්ට සහාය වන බාහිර බලපෑම් ලංකාවේ සාමය හා සංහිඳියා කි‍්‍රයාමාර්ග බිඳ හෙලීමටද හේතුවන බවය. ඒවා වැළැක්වීමට රජය කැපවීමෙන් කටයුතු කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා, ඉස්සරවෙලාම ලංකාව තුළ එක හැන්දෙන් බෙදන්න කියන්න ඇමතිතුමෝ. (නි)
හොද පැහැදිලි කිරීමක් (නි)
හොද පැහැදිළි කිරීමක්.. ඇත්තටම ඔය බටහිර රටවල් දැනට මුළු ලෝකෙම එයාලව උවමනා විදියට පාලනය කරන්න හදනවා... අපි ඒවාට නැමෙන්න කැමිත නැති බව ඒ ගොල්ල තේරුම් ගන්න ඕන..!(නු)
ලුම්බිණි හරි. ඒත් බලය තියෙද්දි මොළය නැහැ. මොළය තියෙද්දි බලය නැහැ. (නි)
බුද්ධීමත් කාලෝචිත ප්‍රකාශයක්. (නි)
කතාවනම් හොඳයි .ඒ අයට ඇහුනද දන්නේ නෑ . (ස)
ඒක ඇත්ත (නි)
හොද දේශනයක්. (නි)
මේ කියන ප්‍රතිපත්තිය රජය මේ රට තුළ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළොත් හොඳයි නේද? අද මේ රටේ හැමෝටම බෙදන්නේ එක හැන්දෙන්ද? හැමෝටම තියෙන්නේ එක නීතියද? හැමෝටම තියෙන්නේ එකම අයිතිවාසිකම්ද? (නි)
ලංකාවේ කවද්ද ඔක්කෝටම එක හැන්දෙන් බෙදුවේ.(නදී)
මාලකට සහ මේජර්ට එක හැන්දෙන් දුන්නේ නැත්තේ ඇයි එහෙනම්? (නි)