IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


එක ලෙඩක් මදිවාට තව ලෙඩක් දා ගනී

කොළඹ වංචා විමර්ශන අංශයේ සැරයන්වරයකුට දුරකථනයෙන් බැන තර්ජනය කළ බව කියන පුද්ගලයකු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (19) නියෝග කළේය. භාණ්ඩ ලබාගෙන රුපියල් ලක්ෂ 13කට අධික මුදල් වංචා කිරීමේ සිද්ධියක ඇප ලබා සිටින බොරැල්ලේ පදිංචි දිනේෂ් දර්ශන පොලිස් සැරයන් ආර්. එම් රත්නමලල මහතාට මෙලෙස තර්ජනය කර ඇති බව කොළඹ වංචා විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක විමලසේන මහතා අධිකරණය වෙත දැනුම් දුන්නේය.



අදහස් (0)

එක ලෙඩක් මදිවාට තව ලෙඩක් දා ගනී

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 22 July 2012 09:48 AM

එක් ස්ථානයක සිදුවන සිද්ධියක් හෝ පුද්ගලයෙක් හෝ තත්ත්වය පිළිබඳ හුදෙකලාව වෙන් වෙන්ව ගෙන පොදු ජනතාව ලෙස අප කල්පනා නොකළ යුතුය. පොදුවේ අප කල්පනා කළ යුත්තේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් සමස්තයක් ලෙස පොදු ජනතාවටත්, රටටත් ඉටු කරන සුවිශේෂී සේවාව පිළිබඳවයි. දැනට දිවයිනේ බහුලව ව්‍යාප්තව යන අපරාධ රැල්ලත් සමඟ එය මැඩ පැවැත්වීමට අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන පොලිස් දෙපාර්තමේන්තුවට හා එහි නිලධාරීන්ට විරුද්ධව එම අපරාධකරුවන් විසින්ම අති සූක්ෂම මෙහෙයවන කිසියම් සැලසුම් සහගත වැඩපිළිවෙලක් දියත් වන බව මේ දිනවල විවිධ ජනමාධ්‍යවල පළවන පොලිසියේ නම කැත කරවන පුවත් අනුව පැහැදිලි වන බව පෙනී ගොස් තිබේ. මේ පිළිබඳව සැලකිලිමත්වීම බුද්ධි නිලධාරීන්ගේ වගකීමක් බවද කාරුණිකව සිහිපත් කර දීමට කැමත්තෙමි. එසේම උද්ගතව ඇති මේ තත්වය නිසා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට හා එහි සේවය කරන නිලධාරීන්හට කුමන අයුරකින් වත් අපහාසයක් සිදුවන ආකාරයේ අදහස් පළ කිරීමෙන් වැළකී කටයුතු කිරීමට ප්‍රවේශම් වන මෙන් මම සමස්ත රට වැසි මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි !!!

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 22 July 2012 09:52 AM

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව දැනට විද්‍යුත් මාධ්‍යවල පළ වන බොහෝ තොරතුරු නිසා පොලිසිය පිළිබඳව සමස්ත රට වාසීන් තුළ අප්‍රසාදයක් ඇති කිරීමට උත්සාහයක් දරන බව පෙනී යයි.මෙය රටේ වර්ධනය වන අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට බාධාවකි.එසේම මේ සඳහා දර දිය අදින විවිධ ආයතන, සංවිධාන හා පුද්ගලයින් පිළිබඳව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අවදිව සිටිය යුතු යැයි සිතමි.එමෙන්ම බොහෝ විට නීතිය අතට ගැනීමට සිදුවීමට හේතුවන කිසිදු පදනමක් නොමැති කටකතා පිළිබඳ අප කල්පනාකාරී විය යුතුය. මෙවැනි අවස්ථාවල අප විසින් තෙවරක් නොව සියවරක්ම සිතා බැලිය යුතුය.

:       0       0

යෝනුසෝ Thursday, 19 July 2012 05:40 PM

විමර්ශන අංශයේ ඉන්න කෙනා බබා....තර්ජනය කරපු ගමන්ම කියලද??

:       0       0

අමිල කටුනායක Thursday, 19 July 2012 05:41 PM

කාපු බීපු වෙලාවට කර ගන්න විහිළු ඇයි මෙච්චර ගණන් ගන්නේ..... (ස.වි)

:       0       0

සාරලෝක හොල්මැස්සා Friday, 20 July 2012 03:10 PM

මෙහෙමත් අය .... ඕකට කියන්නෙ ඉල්ලං මාමයිට් ගාගන්නවා කියලා..(සවි)

:       0       0

සුදු පුංචා Friday, 20 July 2012 03:15 PM

අලි බබාගේ කතාවට මාත් එකඟයි....(සවි)

:       0       0

පිලිපීනෝ Friday, 20 July 2012 08:45 AM

ඒක ඇත්ත අලිබබෝ. මේවට නම් පට ගාලා විසදුම් දෙනවා.

:       0       0

අලිබබා Thursday, 19 July 2012 07:04 PM

නඩුකාරඋන්නාන්සේලාට පුළුවං මේවගේ නඩු අහලා තීන්දු දෙන්න විතරද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site