IMG-LOGO

ඌව සභාවේ ඇමැති පැමිණීම අන්තිමයි.

ඌව පළාත් සභාවේ ඉකුත් ජනවාරි සිට ජුනි දක්වා මූල් හය මාසයේ පැවැති සභාවාර 14 න් දහයකට මන්ත‍්‍රිවරු නොපැමිණිම හා යෝජනා නොමැතිවීම නිසා අවලංගු කිරීමට සිදුවූ බව ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාල පවසයි. ආණ්ඩුකාර කන්ද මැතිව් මහතා මේ තත්ත්වය අවධානයට ලක්කරමින් පළාත් සභාවේ සභානායක හේමා රත්නායක මහත්මිය වෙත ලිපියක් යැවීය. එක් ඇමැතිවරයකු එක් වරක් පමණක් පැමිණ ඇති බවද බොහෝ අමාත්‍යවරුන් සහභාගි වී ඇත්තේ සභාවාර දෙක තුනකට පමණක් බවද මේ තත්ත්වය මහජන මුදල් නාස්ති කිරීමක් බවද මැතිව් මහතා පවසයි.



අදහස් (0)

ඌව සභාවේ ඇමැති පැමිණීම අන්තිමයි.

ගයා Thursday, 16 August 2012 08:34 PM

සභාවට ආවයි කියලා කරන්න දෙයක් නැති නිසා ගෙදර අය ඒ බව දැනගෙන එන්න දෙන්නේ නැතුව ඇති. (නි)

:       0       0

මධු Thursday, 16 August 2012 03:01 PM

සභා වාරවලට කෙහෙ එන්නද? ඊට වඩා දේවල් තියෙනවානේ කරන්න..(නු)

:       0       0

කුමාර Thursday, 16 August 2012 03:39 PM

ඇත්තටම එයාල මොකද කරන්නේ.කරුණාකරලා ඔබලා ඔතනට පත් කලේ මොකටද කියල හිතන්න.අපේ රට නැගිටින්න මහන්සිවෙන රටක්, ඔහොම වැඩ කලොත් ඔයාලට දේශපාලනය කරන්නවත් රටක් ඉතිරිවෙන එකක් නැ.සභා වාර වලට සමහර අවස්ථා වලදී නොඑන්න හේතු ඇති, එත් මේවගේ වෙන්න කොහෙත්ම හේතු තියෙන්න බෑ.වගකීම හරියට ඉටුකරන්න මහන්සි ගන්න.අපේ අයට වෙලාතියෙන්නේ වැඩ කරන්න බෑ කන්න විතරයි දඟලන්නේ. (ස)

:       0       0

ප්‍රවීන් - මැනිලා Thursday, 16 August 2012 03:49 PM

මේ පළාත් සභා ක්‍රමය අහෝසි කරලා සියල්ල මධ්‍යම රජයට පවරා ගත යුතුයි. (නි)

:       0       0

සිල්වා Thursday, 16 August 2012 04:06 PM

වැටුප් නතර කරානම් ඒක ගැනවත් කතාකරන්න සේරම ඒවි. (ස)

:       0       0

අමිල කටුනායක Thursday, 16 August 2012 10:24 PM

මේ ගැන අවධානය යොමු කර වැඩක් නැති ප්‍රාදේශීය සභාමන්ත්‍රීවරු ඉවත් කරමු...!!(නු)

:       0       0

ලියනගේ Thursday, 16 August 2012 10:26 PM

මහ ඇමතිට ඕනවිදියට ඔක්කොම ක්‍රියාත්මක වෙනාව නිසා ඇමතිවරු හිතනවා ඇති ආවට වැඩක් නැහැ කියලා...!!(නු)

:       0       0

සරත් Thursday, 16 August 2012 12:02 PM

මැතිව් මහත්තයා අදද දැනගත්තේ මහජන මුදල් නාස්තිකරනවා කියලා...!!(නු)

:       0       0

රංජිත් Thursday, 16 August 2012 12:11 PM

මෙයාලව පත් කළේ කවුද?(නු)

:       0       0

සිසිර Thursday, 16 August 2012 12:16 PM

මේකෙන්ම පේනවනේ පළාත් සභා වලින් මිනිස්සුන්ට වෙන සේවාව.. (ස)

:       0       0

ලුම්බිණි Thursday, 16 August 2012 12:26 PM

කවුද දන්නේ නැහැ මේවට වග කියන්න ඕනෑ? (නි)

:       0       0

දුමින්ද ශ්‍රී මනෝ Thursday, 16 August 2012 12:27 PM

පළාත් සභාවල විනය පිරිහිලා ගොඩක් කල්..!!(නු)

:       0       0

වරුණ Thursday, 16 August 2012 01:00 PM

ඉතිං මාස තුනෙන් තුනට නිවාඩු අනුමත කරලා මහජන මුදලින් වැටුප් සහ වරප්‍රසාද දුන්නා නම් ඉවරනේ. (නි)

:       0       0

ලලිත් කටාර් Thursday, 16 August 2012 02:05 PM

මේ පුංචි රටට මොන පළාත් සභාද?(නු)

:       0       0

වසා ඩයස් Thursday, 16 August 2012 07:18 PM

ජනපති තුමනි ඌව විසුරුවා ඡන්දයක් තියන්න..!!(නු)

:       0       0

සිල්වා Thursday, 16 August 2012 02:14 PM

අයියෝ සල්ලි

:       0       0

යොහාන් Thursday, 16 August 2012 02:11 PM

මේ අයට කලට වේලාවට වැටුප් ලැබෙනවා ඇති නේද ??????? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 316 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site