ඌව පළාත් සභාවේ ඉකුත් ජනවාරි සිට ජුනි දක්වා මූල් හය මාසයේ පැවැති සභාවාර 14 න් දහයකට මන්ත‍්‍රිවරු නොපැමිණිම හා යෝජනා නොමැතිවීම නිසා අවලංගු කිරීමට සිදුවූ බව ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාල පවසයි. ආණ්ඩුකාර කන්ද මැතිව් මහතා මේ තත්ත්වය අවධානයට ලක්කරමින් පළාත් සභාවේ සභානායක හේමා රත්නායක මහත්මිය වෙත ලිපියක් යැවීය. එක් ඇමැතිවරයකු එක් වරක් පමණක් පැමිණ ඇති බවද බොහෝ අමාත්‍යවරුන් සහභාගි වී ඇත්තේ සභාවාර දෙක තුනකට පමණක් බවද මේ තත්ත්වය මහජන මුදල් නාස්ති කිරීමක් බවද මැතිව් මහතා පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට කලට වේලාවට වැටුප් ලැබෙනවා ඇති නේද ??????? (ස)
මහ ඇමතිට ඕනවිදියට ඔක්කොම ක්‍රියාත්මක වෙනාව නිසා ඇමතිවරු හිතනවා ඇති ආවට වැඩක් නැහැ කියලා...!!(නු)
මේ ගැන අවධානය යොමු කර වැඩක් නැති ප්‍රාදේශීය සභාමන්ත්‍රීවරු ඉවත් කරමු...!!(නු)
සභාවට ආවයි කියලා කරන්න දෙයක් නැති නිසා ගෙදර අය ඒ බව දැනගෙන එන්න දෙන්නේ නැතුව ඇති. (නි)
ජනපති තුමනි ඌව විසුරුවා ඡන්දයක් තියන්න..!!(නු)
වැටුප් නතර කරානම් ඒක ගැනවත් කතාකරන්න සේරම ඒවි. (ස)
මේ පළාත් සභා ක්‍රමය අහෝසි කරලා සියල්ල මධ්‍යම රජයට පවරා ගත යුතුයි. (නි)
ඇත්තටම එයාල මොකද කරන්නේ.කරුණාකරලා ඔබලා ඔතනට පත් කලේ මොකටද කියල හිතන්න.අපේ රට නැගිටින්න මහන්සිවෙන රටක්, ඔහොම වැඩ කලොත් ඔයාලට දේශපාලනය කරන්නවත් රටක් ඉතිරිවෙන එකක් නැ.සභා වාර වලට සමහර අවස්ථා වලදී නොඑන්න හේතු ඇති, එත් මේවගේ වෙන්න කොහෙත්ම හේතු තියෙන්න බෑ.වගකීම හරියට ඉටුකරන්න මහන්සි ගන්න.අපේ අයට වෙලාතියෙන්නේ වැඩ කරන්න බෑ කන්න විතරයි දඟලන්නේ. (ස)
සභා වාරවලට කෙහෙ එන්නද? ඊට වඩා දේවල් තියෙනවානේ කරන්න..(නු)
මැතිව් මහත්තයා අදද දැනගත්තේ මහජන මුදල් නාස්තිකරනවා කියලා...!!(නු)
අයියෝ සල්ලි
මේ පුංචි රටට මොන පළාත් සභාද?(නු)
ඉතිං මාස තුනෙන් තුනට නිවාඩු අනුමත කරලා මහජන මුදලින් වැටුප් සහ වරප්‍රසාද දුන්නා නම් ඉවරනේ. (නි)
පළාත් සභාවල විනය පිරිහිලා ගොඩක් කල්..!!(නු)
කවුද දන්නේ නැහැ මේවට වග කියන්න ඕනෑ? (නි)
මේකෙන්ම පේනවනේ පළාත් සභා වලින් මිනිස්සුන්ට වෙන සේවාව.. (ස)
මෙයාලව පත් කළේ කවුද?(නු)