ඌව නෙක්ස්ට් පිල එස්.එල්.පී.එල්. පළමු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (31) රාත‍්‍රි පැවැති අවසන් මහ තරගයේදී තිළිණ කණ්ඩම්බි මෙහෙයවූ ඌව නෙක්ස්ට් පිල ලකුණු 19 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට අනුව) ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවූ නැගෙනහිර නාගාස් පිල පරාජය කළේය.
ලකුණු 137 ක (ඩක්වත් ලූවිස් න්‍යායට අනුව) ඉලක්කය වෙනුවෙන් ඉනිම ඇරඹු ඌව නෙක්ස්ට් ඉනිමේ හයවැනි ඕවරයේ පළමු පන්දුව යැවීමෙන් අනතුරුව නැවතත් වර්ෂව ඇදහැළීම නිසා තරගය අත්හිටුවීය.
ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ඕවර 5.1 කදී එක කඩුල්ලක් දැවී ජයග‍්‍රහණය ස`දහා ලබාගත යුත්තේ ලකුණු 44 ක් පමණි.
මෙම ජයග‍්‍රහණයත් සමග ඌව නෙක්ස්ට් පිලට ලබන ඔක්තොම්බර් මස දකුණු අප‍්‍රිකාවේදී පැවැත්වීමට නියමිත ‘චැම්පියන්ස් ලීග්’ තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව හිමිවිය.
ඌව පිලේ ආරම්භක පිතිකරු ඩිල්ෂාන් මුණවීර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 23 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 44 ක් රැස්කරමින් අවසන් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.
නැගෙනහිර පිල නියෝජනය කළ වේග පන්දු යවන ක‍්‍රීඩක ශාමින්ද එරංග තරගාවලියේ වීරයා වෙමින් නවීණ මෝටර් රථය හිමිකර ගත්තේය.
වර්ෂාව නිසා තරගය අත්හිටුවීමට සිදුවීමෙන් ඉනිමක් ඕවර 15 කට සීමා විය.
නැගෙනහිර නාගාස් පිල ඕවර 15 කදී කඩුලූ 4 ට 134 (අහ්මඞ් ශෂාඞ් 18, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 73)
ඌව නෙක්ස්ට් පිල ඕවර 5.1 කදී කඩුලූ 1 ට 63 (ඩිල්ෂාන් මුණවීර නොදැවී 44, සීකුගේ ප‍්‍රසන්න නොදැවී 15)
ඡායාරූපය: ශාන්ත රත්නායක
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගා, මහේලගෙන් පස්සේ අපිට ඉන්න හොදම කෙනා තමයි කණ්ඩතම්බි (නි)
සුභ පැතුම් (ස)
සුභ පැතුම්! (නි)
ඌව නෙක්ස්ට්ලගේ වෙලාව හොදයි (නි)
සුබ පැතුම් (දී)
තරගාවලියේ ජය කාලගුණයට තමයි..!!(නු)
සුභපතනවා හැමෝටම (දී)
තරගයක් තියන්න කාලගුණය හොදට තිබුනානම් ආසයි ... එහෙම උනානම් මෙටවද තියුණු තරගයක් බලන්න තිබුන .. කොහොම උනත් අන්ජෝලෝ හොදට කණ්ඩයම මෙහෙයුව ...ජයවේවා. (දී)
දිල්ෂාන් නම් මරු. සුභ අනාගතයක්. (නි)
ජයවේවා.අපේ කොල්ලෝ කොහොමත් දක්ෂයි (දී)
එස්.එල්.පී.එල්. වලට පෙර ජාතික කණ්ඩායම් කොන්ත්‍රාත්තුව අත්සන් කළේ ඇයි? (නි)
සුභ පැතුම්! (නි)
තරගාවලියේ වීරයා තේරීම නම් මට පේන හැටියට අසාධාරණයි. (නි)
අපේ කොල්ලෝ කොහොමත් දක්ෂයි (දී)
ජාතික ක්‍රීඩාවට හොද කාලයක් වගේ (දී)
ජයවේවා. ඇත්තටම අපි සතුටු වෙන්න ඕනේ. එස්. එල්. පී. එල් වගේ එකක් අපේ රටේ පටන් ගත්තට (දී)
හොදින් සෙල්ලන්කල අයට ජාතික කන්ඩායමේ අවස්ථාව දෙනවනන් තමයි හොද.(නු)
මූනවීර අනාගත දිල්ෂාන් විදිහට තියාගනිමු..!!(නු)
ඔක්කොම අපේ රටේ අයට ලැබුණනේ.. ඒක හිංදා කමක් නැහැ.. කන්ඩම්බි අපේ ජාතික කණ්ඩායමේ නායකයා කරලා බලමුද?(නු)
මේ එස්.එල්.පී.එල්. තරගාවලියේ සැබෑ ජයග්‍රාහී කණ්ඩායම වන්නේ ඩක්වඩ් ලුවිස් ක්‍රමය..
නියමයි ඔහොම යං...!!(නු)
සනත්ගේ නැවත ආගමනයක්වත්ද? (නි)
බලමු අපේ මේ කොල්ලටවත් අවස්ථාවක් ලැබෙයිද කියලා? (නි)