ඌව නෙක්ස්ට් ක‍්‍රීඩකයෝ එස්.එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (28) රාත‍්‍රි පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල ලකුණු 20 කින් මහේල ජයවර්ධන මෙහෙයවන වයඹ යුනයිටඞ් පිල පරාජය කළේය.
ලකුණු 27 කට කඩුලූ 7 ක් බිද වැටී සිටි වයඹ පිලේ අටවැනි කඩුල්ල වෙනුවෙන් අෂාර් මහ්මුඞ් සහ ඉසුරු උදාන පන්දු 80 කදී ලකුණු 120 ක වේගවත් සම්බන්ධතාවක් පැවැත්වූහ.
ඌව නෙක්ස්ට් පිල ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 171 (ඩිල්ෂාන් මුණවීර 23, තිළිණ කණ්ඩම්බි 29, ශිවනරින් චන්ද්‍රපෝල් නොදැවී 50, ජේකබ් ඕරම් 41, අබ්දුල් රසාක් 17/2)
වයඹ පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 151 (තමීම් ඉක්බාල් 11, අෂාර් මහ්මුඞ් නොදැවී 75, ඉසුරු උදාන 42, ජේකබ් ඕරම් 16/3, සචිත‍්‍ර සේනානායක 38/2, උමාර් ගුල් 18/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේලගේ වැඩ මෙහෙමම තමයි. (නි)
යුරෝපයෙ පාපන්දු සෙල්ලම් කරනවා වගෙ නරකද එකම කාලයක සෑම රටකම SLPL / IPL වෑනි තරග තිබුනානම්.එතකොට කාටවත් ඕන ව්දිහියට කන්ඩායම් මාරු කරන්නත් බෑහෑ.ජාතික තරගවලට පාඩුවකුත් නෑහෑ .(ස)
කෝ වයඹ සද්දේ? (නි)
මේ හැමදෙනාම අතට ගත්ත දේ කටට දා ගන්න දන්නේ නෑ , 20/20 ලෝක කුසලානයටත් ඔච්චර තමයි....(ස)
අපෝ වැඩක් නෑ... (ස)
මුලත් හොඳයි මැදත් හොඳයා අග තමයි කා ගන්නේ...(ස)
අපරාදේ SLPL වල හොඳම ටීම් එක එලියට විසි වුණා......(ස)
අපි ඉතිං ලංකාවේ කොල්ලොනේ. (නි)
අපි ඉන්නේ ආසියාවේ.(ස)
ඒක තමයි අපි කිව්වේ......ඌවේ අපිත් එක්ක බෑ කිව්වේ .... ඌවේ අපි තමයි කප් එක ගන්නේ....(ස)