තම මන්ත්‍රීධුර අහිමිවීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරු තිදෙනෙක් අභියාචනාධිකරණයට අද (25) රිට් පෙත්සම් තුනක් ගොනු කළහ.
එම් කේ එස් පී අත්තනායක, එච් ධර්මදාස හා අනුර විදානගමගේ යන ඌව පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනා ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන සහ ඌව පළාත් සභා ලේකම්, මැතිවරණ කොමසාරිස් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
තමන් එවකට විපක්ෂ නායක ලෙස හුන් වත්මන් ඌව පළාත් මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාට සහාය ලබා දීමට ගත් තීන්දුව හේතුවෙන් ඉකුත් අප්‍රේල් 24 වැනි දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ බව වගඋත්තරකරුවන් දැනුම් දුන් බව පෙත්සම් කරුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂයක් තුළ සිටිමින් මැතිවරණයදී තවත් පක්ෂයක අපේක්ෂකයෙකුට උදව් කිරීම පක්ෂ විනය උල්ලංඝනය කිරීමක්. (නි)
තිස්සට මේ ප්‍රශ්නෙදි ලැබුන තීන්දුව අනුව නම් මේ තුන්දෙනා නෙරපන්න බැහැ නේද? (නි)