තරිඳු ජයවර්ධන
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වන තුරු ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය එම තනතුරින් තාවකාලිකව ඉවත් කරන බව ඌව ආණ්ඩුකාර එම් පී ජයසිංහ මහතා ලංකාදීපයට පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් කමිටුවක් පත් කර තිබේ.
විදුහල්පතිනියට මහ ඇමැතිවරයා බලපෑම් කළැයි කියන අවස්ථාවේ පළාත් අධ්‍යාපන ලේකම්වරිය ඇතුළු පිරිස සිටි බවත්, මහඇමැතිවරයා බලපෑම් කළැයි කියන සිද්ධිය යටපත් කිරීමට ඔවුන් විදුහල්පතිනියට බලපෑම් කර ඇති බවත් ගුරු සංගම් චෝදනා කළේය.
ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ බදුල්ල කලාප අධ්‍යක්ෂ සම්බන්ධයෙන් ද ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් විමර්ශන ආරම්භ වී ඇති අතර විමර්ශන අවසන් වන තුරු ඔවුන් ද තනතුරු වළින් ඉවත් කිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
මෙම පිරිස අනියුක්ත කරන ස්ථාන සම්බන්ධයෙන් අද (24) ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයේ රැස්වීම් කිහිපයක් පැවැත්විණි.
පරීක්ෂණ ස්වාධීනව කරගෙන යෑමේ අරමුණින් මෙම පිරිස තාවකාලිකව වෙනත් ස්ථානවලට අනියුක්ත කරන බව ආණ්ඩුකාරව එම් පී ජයසිංහ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමේදී මහ ඇමතියා නිදැල්ලේ. නිළධාරීන්ට දඬුවම්. දේශපාලකයින්ට කඩේ යන රාජ්‍ය සේවකයින්ට හොඳ පාඩම.
පහත තැනින් යයි ගලා ජලේ කීවේ නිකන් කට කහනවට නෙමෙයිනේ.
ඔහොම තමයි වෙන්නොනේ දේසපාලුවන්ගේ පස්සෙන් යන රජයේ සේවකයින්ට
වෙනත් පළාත් සභා වල පරිපාලනයේ යෙදෙන නිලධාරීන්ට හා නිලධාරිනියන්ට මේක හොදම පාඩමක්. තනතුරු රැකගන්න දේශපාලකයින් කියන කියන දේ වග විභාගයක් නැතිව කරමින් සිටින රජයේ හා පළාත් සභා නිලධාරින් ප්‍රවේශම් වියයුතු බව පෙනේ. යහපාලනය තුල ඇති සාධනීය ලක්ෂනයක්...
පළමුව මහා ඇමතිය තනතුරින් ඉවත් කල යුතයි.
ඔයාලට මතකද සාරිපොටේ කේස් එක... එ්කෙත් අැමැති නිදහස් නිලධාරීන් අමාරුවේ... දැක්කනේ බන්ධනාගාරයෙන් එළියට එනකොට සෙත් පිරිත් කියපු හාමුදුරුවරු ටික...