
(රංජන් කස්තුරිආරච්චි)
පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදනකු වූ ඌරු ජුවා සහ කොස්ගොඩ තාරක ඝාතනය කිරීම දැඩිලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම සිදුවීම් පිළිබඳව අවධානය යොමුකර එවැනි සිදුවීම් වළක්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ දැක්වෙයි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සංගමයේ පිරිස් සහ ලේකම් නීතීඥ රජීවී අමරසූරිය යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට කීයක් හරි හොයාගනන දීපල්ලා
නැතතම් මෙයාලාගේ බඩේ පාර වදිනවා
ඒක නේන්නම්. අපරාදේ, අල්ලලා නඩු දාන්නයි තිබුනේ, අවුරුදු ගණනක් නඩු අහන්න. කුඩු සල්ලි, කප්පම් සල්ලි වලින් හොඳ හැටියට ගාස්තු ගෙවනවානේ නඩු ඇහුවා නම්!!!
ඇති යන්තන් නිවෙදනයක් නිකුත් කරන්න මොලේ පෑදුනා. මේ මිනීමැරීම දැන් සාමාන්‍ය වෙලා කිසි නීතියක් නොමැතිව සිරකරුවන් මරණ රටක් නියොජනය කරමින් රෙද්දක් ඇදන් මේ අය වැඩමුලුවකට සහභාගි වෙන්නෙ කොහොමද? වෙන ශිශ්ඨ රටවල නියෝජිතයන් සමග කතා කරන්න ලැජ්ජ නැද්ද? මේව කියවල හැමදාම මගේ මිත්‍ර සුද්දා නෝන්ඩි දානව උඹලගෙ රටේ මිනිස් ජීවිතවලට මෙහෙ බල්ලෙක්ට තියෙන වටිනාකමවත් නෑ කියල. ඉතින් මම මොනවා කියන්නද, මොකෝ එහෙම නෙමෙයි කියල තර්ක කරන්නද?
සම්පූර්ණ ඇත්ත
පොලිසිය විසින් තාරක වගේ අයව සරල තව මිනිස්සුන්ගෙ බඩට ඇනෙන වැඩ කරන එක හරි නෑ නේද. තාරකල වගේ කට්ටිය නිසා කීදෙනෙක් ජීවිතය ගෙනියනවාද. අර නවගමුව ප්‍රදේශයේ රතිඤ්ඤා පත්තු කරපු මිනිස්සුන්ට නඩු දාන්න ඕන. කප්පමක් දෙන්න වුනා වගේද තව කොටසක් ජීවත් වුන මාර්ගයක් නැති වෙන එක.
ජය වේවා ශ්‍රී ලංකා පොලීසියට !
පෙරකදෝරු උන්නන්සේලාට මේ අපාරධකාරයෝ ගැන හරි දුකක්නේ තියෙන්නේ.
පතාලකාරයෙක් හින්ද සාධාරණීයකරණය කලාට, සරලව කිවුවොත් මිනීමැරීම සාධාරණ නෑ, ඒ තුවක්කුවම අහිංසක මිනිසෙකුට එල්ලකර ඔහු පතාලකාරයෙක් ලෙස නම් කලොත් ?
අපි තාමත් වනචාරී යුගයේ
මොනවා කිව්වත් මූංව හුරතල් කරන්න හොඳ නෑ වැඩේ දෙන්නම ඕන.කාලය නාස්ති කරා වැඩියි
නෑ මහත්තයො මේක සිරි ලංකාව. මේ වැඩ හුරේ දාල අනුමත කළොත් හෙට ඔබට වුණත් වෙඩි තියල පතාලකාරයෙක් ලෙස නම් කරන්න ඉඩ තියෙනව.
රටේ නීතිය හා එය ක්‍රියාත්මක කරන අය වැටී ඇති අසූචි වලේ ගඳයි මේ එන්නෙ. මේ ටික කිව්වට තරහවෙන්න එපා, නඩු දාන්නත් එපා
හොද වැඩක් තමයි වෙලා තියෙන්නේ. මට නම් සතුටුයි... ස්තුතියි.
ජාතිය, සමාජය විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් කෝටි ගණන් මුදල් අය කරමින් බේරාගෙන සමාජය විනාශ කිරීමට ඉඩ නොලැබීම නිසා මේ අය කුපිත වෙලා ඉන්න බව පේනවා...