
(අංජුල මහික වීරරත්න)
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙසත් විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය.
විභාග කටයුතු හදිසි සේවාවක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය නිති සම්පාදනය කිරීමට ද අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා පසුගිය වසරේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා සම්බන්ධ වු කණ්ඩායමම යොදා ගනිමින් මෙවර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් කටයුතු සිදු කරන ලෙස ද උපදෙස් දුන්නේය .
එම කටයුතු සඳහා සහභාගී නොවුනහොත් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බවත්, ඒ පිළිබඳ නීතිපතිවරයා සමග ද සාකච්ඡා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධව කර ඇති ප්‍රකාශය පිළිබඳව ද අවධානය යොමු කර ඒ අනුව ඉදිරි කටයුතු සැලසුම් කරන ලෙසද ජනාධිපතිවරයා අධ්‍යාපන බලාධාරින්ට දැනුම් දුන්නේය.
පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශවල 2023 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද විශේෂ අයවැය යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය වෙනුවෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හොඳටම පිස්සු තදවෙලා...!
ජනාධිපතිවරයාගේ හොඳ තීරණයක් නැතිනම් අපිරිසිදු දේශපාලන පසුගාමී වෘත්තීය සමිති කරන සියලුම මෝඩ වැඩ අපි ඉවසා සිටිය යුතුද? මෙම වෘත්තිකයන් උගතුන් විය හැකි නමුත් ඔවුන් මිනිසුන්ද? සියලුම බොහෝ වෘත්තිකයන් එහි සිටින ළමයින් විදේශ අධ්‍යාපනයට යැවීම හෝ ඔවුන් ජාත්‍යන්තර පාසල්වලට යවයි. නමුත් අනෙක් ළමයින් ගැන කුමක් කිව හැකිද? ....
මනුස්සකම් නැති, නොමිලේ ගත්ත අධ්‍යාපන සහතික වලින් ඔලුව ඉදිමුණ පොතේ ගුරාලා පියවි සිහියට අරගන්න කාලය හරි.
අවශ්‍ය දේ බැරි, බයිලා ගහපු එකෙන් ගිය අවුරෙද්දෙත් හිටියා.....
ඉතා හොඳ පියවරක් ජනාධිපතිතුමනි... කරුණාකර ඔබේ බලතල සමඟ ඉදිරියට යන්න
මෙච්චර කාලයක් දේශපාලකයෝ හිතන් ඉන්න ඇත්තේ අද්‍යාපනය අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි කියලා . හැබැයි රනිල්ට TAX නම් අත්‍යවශ්‍ය දෙයක්. වෙනස ඒකයි
ජෝශප් ස්ටාලින්, මහින්ද ජයසිංහ වැනි දේශපාලන පෙන්දන් මෙන්ම උනට උඩි ගෙඩි දෙන දේශපාලන නායකයන්, දේශපාලන උණසන්නිපාතය වැළඳුනු ඇදුරන් වැනි කෂඩයින් ගෙන් අපගේ පාසල් පද්ධතිය බේරා ගැනීමට සමත් වුණොත් ජනාධිපතිතුමනි ඒ පිනම ඇති ඔබතුමාට ඊලග වර ඡන්දය දිනීමට.
හොඳ වැඩේ හැමදාටම ඔය වගේ තදින් ඉන්න සර් ,මොකද මේ රට හදන්න අමාරුයි නැත්නම්. ඔය ගමන්ම ඔය ඉන්න හොරු ටික මහ හොරු ගැන පොඩි විපරකමක් කරන්න
වැඩිහිටියන්ගේ ඉල්ලීම් හා අයිතිවාසිකම් දිනා ගැනීමට දරුවන්ට ඉගැනීමට ඇති අයිතිය කොල්ලකෑමට ගුරු සංගම් වලට හා විශ්ව විද්‍යාල ආචාර්ය සංගම් වලට කිසිදු ඉඩක් ලබා නොදෙන මෙන් ගරු ජනාධිපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබතුමාගෙ ඍජු තීරණ සමග ජනතාව කොන්දේසි විරහිතව ඉදිරිපත් වනු ඇත. එසේ නොවුනහොත් පාසල් තුල සිටින ඊනියා ආචාර්ය සංගම් සාමාජීකයන්ගේ දරුවන්ට, දැනට පීඩාවට පත්වී සිටින දරුවන්ගෙන් එල්ල වන විරෝධයෙන් ආරක්ෂා කිරීමට ප්‍රභූ ආරක්ෂක සේවාවන්ගේ සහය ලබාගැනීමට ඔබතුමාට සිදුවනු ඇත.
නායකත්වය... උපරිමයෙන්
පෙරටුගාමී ස්ටාලින් සහ ජනතා විමුක්ති පෙරමුණේ මහින්ද ජයසිංහ ඉතා ක්‍රමානුකූලව පසුගිය කාලය පුරා ගුරුවරුන් සහ ආචාර්යවරු මේ විනාශ සඳහා පොළඹ පොලඹවන ආකාරය අපි දැක්කා. අද පාසල් අධ්‍යාපනයේ කොලිටි එක උපකාරක පන්ති යන විෂයයන් ප්‍රමාණය මත තීරණය වෙන්නේ. දරුවන් පාසල් එන්නෙ විභාග ලියන්න විතරයි. ගුරුවරුන් ගැන විශ්වාසය බිඳවැටිලා. බහුතරයක් ගුරුවරු කලා උපාධියක් අරගෙන ජොබ් නැති කමට ගුරු වෘත්තිය තෝර ගත්ත පිරිසක්. පසුගිය වර්ජන කාලයේදී ඒක හොඳට පෙනුනා. මේ ගුරුවරු ඉවත්කර ගුරු විද්‍යාලයෙන් පමණක් වෘත්තීය ගුරුවරුන් පාසල් සඳහා අනුයුක්ත කළ යුතුයි. සෑම පන්තියකම පලමු වාර පරීක්ෂණ යෙදී සිසුවා කුමන ලකුණු මට්ටමක් ගත්තද අවසාන වාර පරීක්ෂණයේ දී පන්තියේ සාමාන්‍ය අගය සීයට අසූවක් දක්වා පවත්වාගැනීමට ගුරුවරුන් වගකියන ක්‍රමයක් නිර්මාණය කළ යුතුයි. දැනට දළ වශයෙන් දෙමාපියෙක් එක් දරුවෙක් සඳහා සදහා රුපියල් තුන්දාහක් වැනි මුදලක් පෞද්ගලික පන්ති සඳහා වැය කරන බැවින් අඩු ආදායම්ලාභී පවුල් ඉවත්කොට ඉතිරි දෙමාපියන්ගෙන් රුපියල් දාහක පමණ මුදලක් පාසල් ගාස්තු වශයෙන් මාස් පතා ලබා ගත යුතුයි. එම මුදල් පන්තියේ සාමාන්‍ය අගය සියයට 80ට වඩා තබාගන්නා ගු
ඌට කොහොමත් පිස්සු හැමෝම ඉල්ලා අස්වීමේ ලිපි දුන්නොත් මූ කොහොමද බලෙන් ගේන්නේ
තුවක්කුව සැමවිටම විසඳුම විය නොහැක. මේක හරියට බඩ සුද්ද කරන බෙහෙත් විතරක් දැනගෙන හිටපු වෙද මහත්තයගෙ පුතා වගේ.දේශපාලන නායකයෙක් හොඳ දොස්තර කෙනෙක් වගේ තව ගොඩක් ක්‍රම දන්නවා ඇති.
වැඩේ අනාගන්න හදන්නේ . ගුරුවරුන් උසස් පෙල පිළිතුරු පත් ඇගයිය යුතුය කියල කොහෙවත් නීතිය ක් නැහැ . ඒක ස්වෙච්ඡාවෙන් කරන වැඩක් . අනෙක කොහොමද බලෙන් උත්තර පත්‍ර බලවන්නෙ. නොදන්නා මගුල් කතා කරනව. ඒත් පිළිතුරු පත් නොබැලීම මහත් අපරාධයක් .
මෙයා අවුරුදු 45 ක් තිස්සේ රටේ ප්‍රශ්න විසඳපු හැටි කවුද නොදන්නේ ?මෙයාට දැන් ඇපත් නැහැ
ස්තුතියි ජනාධිපතිතුමනි. වෘත්තීය සමිතිවල පටු සහ ආත්මාර්ථකාමී ඉල්ලීම් ඉටු කිරීමට පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, රෝගීන් සහ මගීන් පවා ප්‍රාණ ඇපයට නොගත යුතු බව ඊනියා ශ්‍රී ලාංකේය වෘත්තිකයන්ට පෙන්වා දිය යුතු කාලයයි මේ. ඔවුන් විනාශ කරන්නේ ලංකාවේ අනාගතයයි. අපි ඔබ සමගයි!
රට අරාජික වෙනකම් බලාගෙන හිටපු හැත්ත මීක් නෑ
ඩොක්ටස්ලට , ඉන්ජිනියස්ලට දුන්න බෙහෙත යුනිවසිටි ලෙක්චරස් ලටත් දීල A/ L ලමන්ගෙ පේපර් මාකින් පටන්ගන්න. ස්තුතියි රනිල් සර් !
අපි කැමති සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක දෙන්නාගේම අදහස් මේ ප්‍රශ්නය ගැන දැනගන්න
මේ ප්‍රශ්න පත්‍ර බලන්න විශ්ව විද්‍යාල ගුරුවරුන්ම ඕන නැහැ. මේක බලන්න දෙන්න සාමාන්‍ය ගුරුවරුන්ට. මේ විෂයයන් උගන්වන්නේ ඒ ගොල්ල. ප්‍රශ්නපත්‍ර හදන කොටම ඒවායේ පිලිතුරුත් ඒ සමගම හදන්න කියන්න. එතකොට මේවා ඕනෑම කෙනෙකුට බැලිය හැකියි. ප්‍රශ්පත්‍ර බැලීම ව්ව්‍යාපාරයක් කර ගන්න එපා.
ගුරු වෘත්තියත්, වෛද්‍ය වෘත්තියත් යන දෙක ඇතුළුව පොහෝ වෘත්තින් තියෙනව බලෙන් වැඩ ගන්න බැරි ඒව. මේ ගැටළුව ගත්තොත් බලෙන් ප්‍රශ්න පත්‍ර බලන්න බැහැ. ගුරුවරු ශාලාවේ වාඩි කරන්න පුළුවන්. උත්තර පත්‍ර අතට දෙන්නත් පුළුවන් එච්චරයි. බලවන්න බැහැ. ඒක අවංකව කාර්ය ශූරව කල යුතු දෙයක්. නැත්නම් ප්‍රශ්නය තිබුණටත් වැඩිය අවුල් වෙනව. ඒ නිසා මේ ගැටළුව දෙස බුද්ධිමත්ව බැලිය යුතුයි. ආවේගශීලිව කටයුතු කරල මේ කරගනිපු ටික ඇති. මම දන්න විදියට පිළිතුරු පත් ඇගයීමේ දී ලැබෙන ආර්ථික ප්‍රතිලාභ ඉතා අඩුයි. සමහර අය මහියංගනේ ඉඳල නුවර එන්න ඕන. එයාගට නවාතැන් දෙන්නේ නැහැ. එයාලට යන වියදම දරන්නේ කවුද. එවැනි ගැටළු බුද්ධිමත්ව වසඳා ගත යුතුයි.
කඩදාසි ලකුණු කිරීම අනිවාර්ය කළ නොහැක. මෙය ස්වේච්ඡා රැකියාවකි. ගුරුවරුන්/දේශනවරුන් කැමති නම් ඔවුන්ට එය කළ හැකියි.
ජේවීපී මහින්ද සමරසිංහ සහ පෙරටුගාමී ස්ටාලින් ගුරුවරු සහ ආචාර්යවරු කුලප්පු කලා උන්ගේ ගේම් එක ගහන්න... ප්‍රභාකරන් ඊලාම් උසාවි පොලීසි, බැංකු හැදුවට අධ්‍යාපන ක්‍රමයට අත තිබ්බේ නෑ. මුන් එල්ටීටීඊ එකට හපන්. ලඟදි දහසක් අභියෝග මැද දරුවන් ලියපු අවසාන වාර විභාගය අතරමැද ස්ට්‍රයික් කරා. දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායමක් වුණත් දරුවන්ට අත තියන්නේ ඉතා කලාතුරකින්. දරුවන් මොන වරදක් කරාටද මුන් දරුවන්ගෙන් පලිගන්නේ..
ලංකාවේ ජන්ද රාජකාරි අනිවාර්ය අංගයක් වන ලෙස ජන්ද කොමසාරිස් වෙත බලය ලබා දී ඇත එහෙත් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම වැනි ජාතික වැදගත්කමක් සහිත කටයුත්තක් උපයෝගී කරගෙන දරුවන් දහස් ගණනක් ප්රාන ඇපයට තබා ගෙන උත්තර පත්‍ර පරික්ෂා නොකරන මෙවැනි ජාති ද්‍රෝහීන් සඳහා උපරිම පියවර ගැනීමට සමත් අධ්‍යාපන බලධාරීන් නොමැත ඒ සඳහා වහාම නීති සම්පාදනය කළ යුතුය තවද උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සැකසුම් කටයුතු සඳහා සම්බන්ධ කර ගෙන උත්තර පත්‍ර පරික්ෂා නොකරන පුද්ගලයන් කවුරුන්ද යන්න ජනතාව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි ඒ සඳහා ඔවුන් ට ගෙවා ඇති දීමනා හා වරප්‍රසාද පිළිබඳ ව ද ජනතාව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි ඉදිරියට මිනිස් ගති ලක්ෂණ ඇති දරුවන් ගේ අනාගතය විනාශ නොකරන වැදගත් මහත්වරුන් පිරිසක් වෙත මෙම කටයුතු පවරන්න එසේ නොවන්නේ නම් අද මෙන් හෙටත් අසරණ දරුවන් තව තවත් අධ්‍යාපන කටයුතු වලින් ඈත් වෙමින් යනු ඇත කෙසේ වෙතත් මෙම කටයුතු වර්ජනය කරන හැමෝටම දේව ශාපයෙන් මිදීමට නම් නොහැක