(යොහාන් භාසුර)

අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රථිපල ලැබූ  සිසු සිසුවියන් ඇගයීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (10) පැවැත්විණි.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

ජෛව විද්‍යා විෂය ධාරාවෙන් පළමු  ස්ථානය හිමිකරගත් ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ පහන්මා උපානි ලෙනෝරා, භෞතික විද්‍යා විෂය ධාරාවෙන් පළමු  ස්ථානය හිමිගත් කොළඹ ආනන්ද විද්‍යාලයේ චිරත් නිරෝධ, වාණිජ විෂය ධාරාවෙන් පළමු  ස්ථානය හිමිගත් පානදුර බාලිකා විද්‍යාලයේ ෂෙහාරා සිතුමිනි, කලා විෂය ධාරාවෙන් පළමු ස්ථානය හිමිගත් ගාල්ල රිච්මන් විද්‍යාලයේ ටසුන් රිත්මික විතානගේ, ඉංජිනේරු තාක්ෂණවේද විෂය ධාරාවෙන් පළමු  ස්ථානය හිමිගත් ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයෙන් ශෙහානි නවෝද්‍යා සහ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් පළමු  ස්ථානය හිමිගත් ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් කිරුලු සිහිල්දිය යන සිසු සිසුවියෝ  මෙම අවස්ථාවට එක්වූහ.