‘‘2011 උසස් පෙළ ප‍්‍රතිඵල අවුල වහා විසඳනු’’ යන තේමාව යටතේ ‘‘උසස් පෙළ සිසු අයිතීන් සුරැකීමේ ජනතා එකමුතුව විසින් සංවිධානය කැරුණු උද්ඝෝෂණයක් කොළඹ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී අද දහවල් පැවැත්විණි. අසාධාරණයට ලක් වූ සිසුහුද ගුරුවරු හා මව්පියෝද ඊට එක් වූහ. ලංකා ගුරු සේවා සංගයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, ජනතා එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.



1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
z ස්කෝර් කියල එකක් හදල තියෙන්නේ අපොස උ පෙ සමත් වෙන සියලු සිසුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දීමට නොහැකි නිසානේ. සිසුන් කොටසක් කප්පාදුවටනේ. ඔය ප්‍රශ්න වලට දීර්ගකාලීන විසදුම් වශයෙන් වි. විද්‍යාල පද්දතිය පුළුල් කර පාස් වෙන සියලු සිසුන්ට සමාන අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලබාදිය යුතුයි. හොඳ අධ්‍යාපන රටාවක් හදල හොඳ බුද්ධිමත් පරපුරක් ඇතිකරාම ඒක රටකට විශාල ආයෝජනයක්. (නු)
උසස් පෙළ සිසුන්ටනම් උනේ මහා ලොකු අසාධාරණයක් තමයි.. නමුත් මේ පෙළපාලියෙ ඉන්නෙ උසස්පෙළට ලියූ සිසුන්මද? මට නම් පේන්නෙ එක්තරා පක්ෂයක සාමාජිකයන් ටිකක් කියලායි.. (නු)
මේ පෙළපාළි යන හැමෝගෙම අපෙක්ෂාව මේ ප්‍රශ්නය තව තවත් අවුල් වෙනවා දක්න එක. නැත්නම් සිසුනට ආදරේට ආපු අය නෙමේ. (අ)
රජය ඇතුළු සියල්ලන්ම නිහඩයි. මීළග විභාගයට දින දහයයි. (නි)
අනිවාර්යයෙන් සුදුසු විසදුමක් දිය යුතුමයි. එසේ නොමැති කල සිසුන් දැඩි පීඩනයකට පත්වේවි. (නි)
ලංකාව ඔසටෙලියාවත් එක්ක ගහන මැච් එකක හා ලංකාව ඉතා දුර්වල රටක් එක්ක ගහන මැච් එකක ක්‍රීඩකයන් දෙනෙකු ගන්නා ලකුණු අනුව ඔවුන් ඔවුන්ගේ ලකුණු අනුපිලිවෙලට ශ්‍රේණි ගත කල හැකිද? එයින් නියම දක්ෂය සොයා ගත හැකිද? අනික යමෙකුට් වූ අසාධාරණයකට එරෙහිව අනෙත් අය උදව්වට එම වැරදිද ? මෙතන පක්ෂ පාට වැඩක් නැත ,ළමයින්ගේ අනාගතය සම්බන්ද ප්‍රශ්නයක් පමණක් නොව මෙය රටේ අනාගතය සම්බන්ද ප්‍රශ්නයක් ද වේ. (දී)
කුමාර කියන එක හරි වුණත් ඇතුළට යන අයගෙන් හරියට ඉගෙන ගන්නේ 5%ක් පමණ පිරිසක් විතරයි. (නි)
මේ ඉසඩ් ස්කෝර් එක අයින්කරලා දාලා විෂයන් වල ලකුණු එකතුව බලපුවාම ඇතිනෙ.. දක්ෂ ළමයා ලකුණු ගොඩක් ගන්නවා.. ඕක මහා තර්ක එක්ක බැලුවත් එකයි.. සරළව බැලුවත් එකයි.. ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලකුණු 100ක් ගහන්නෙ කාටද කියලා වැඩක් නැහැ.. දුර්වල රටක් උනත් ඔහුට ලකුණු 100 හිමි වෙනවා..(නු)
ඉතාම ඉක්මන් විසදුමක් අවශ්‍යයි..!
ලංකා ඉතිහාසයේ නෙමෙයි ලෝක ඉතිහාසෙවත් මෙහෙම දෙයක් නම් වෙලා නැතිව ඇති..!!(නු)
මේ රටේ පාලකයින්ට මොනවා වෙලාද මන්දා. (නි)
ඉක්මන් විසදුමක් දෙන්න...!!(නු)