අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් දින කිහිපයක් ගත විය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ කියයි. ඉෂෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් නොලැබීම මීට හේතුවයි. නොවැම්බර් අගදී නිකුත් කළයුතු මේ ප්‍රතිඵල නිකුත් කිරීම දිනෙන් දින කල් ගියේය. පැරැණි හා නව නිර්දේශයනට ගැලපෙන සේ ඉසෙඩ් ස්කෝර් ක්‍රමයට සැකැසෙන නව සූත්‍රය පමාවීම නිසා තව දින කිහිපයක් ප්‍රතිඵල පමා වන බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී දිසානායක මහතා මහනුවරදී පැවැසීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ගේ අනාගතෙත් එක්ක සෙල්ලම් නොකර ප්‍රතිඵල ඉක්මට දැම්මොත් හොදයි.
හරියට වැඩ කරන්න පුලුවන් නිලධාරීන් නොයෙදීම නිසා ළමයින්ගේ අනාගතයත්, රජයේ හොද නමත් විනාශ වෙන බවත් ජනාධිපතිතුමා තේරුම් ගත යුතුයි
අනේ ඕක ඉක්මනට එවනවද?
මේ අයගේ වැඩ හින්දා අපිට 'කෝස්" එකක්වත් කරගන්න නෑ.
විභාග දෙපාර්තමේන්තුව දැන් කී පාරක් ප්‍රතිඵල දැම්මද? දුර දිග හිතලා වැඩ කළා නම් මෙහෙම වෙන්නේ නැහැනේ
දැන්නම් ප්‍රතිඵල එනකම් බලන් ඉදලා එපා වෙලා. අද එනවා, හෙට එනවා කියලා බොරුවට කියන්නෙ නැතිව එවන දවසක එව්වනම් ඉවරයි
උසස් පෙළ කළ අපේ අපරාධකරුවන් බවට පත් වී ඇත. නැතිනම් නීතිපති කුමටද?
අයියෝ අදත් නැද්ද?
පැරණි විෂය නිර්දේශයෙන් පෙනී සිටි සිසුන්ට තෙවැනිවර පෙනීසිටීම අත්හිටුවීමට යනවානම් එය අසාධාරණය.මේ හැමදෙකිම්ම තැලෙන්නේ සිසුන්මය...
අධයාපන ඇමැති එකක් කියනවා. උසස් අධ්‍යාපන ඇමැති තව එකක් කියනවා.
සැලසුමක් නැති වැඩ නිසා හැමදාම දුක්විඳින්නේ අහිංසක ජනතාව!