ව්‍යාකූල තත්වයට පත්වූ උසස් පෙළ ප‍්‍රතිඵල වහා අත්හිටුවා නැවත නිවැරදි ප‍්‍රතිඵල නිකුත් කරන ලෙස ඉල්ලා පාසැල් සිසුන් 16 දෙනකු සහ ලංකා ගුරු සංගමය එක්ව ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලින.
විභාග කොමසාරිස්, අධ්‍යාපන අමාත්‍යවරයා, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව, නීතිපතිවරයා සහ උසස් පෙළ විභාගයන් ඉසෙඞ් ස්කෝර් කඩඉම් සූත‍්‍රය ඉදිරිපත් කළ මහාචාර්ය ආර්. ඕ. තටිල් වගඋත්තරකරුවෝ වෙති.
පෙබරවාරි 13 වෙනිදාට එම වගඋත්තරකරුවන්ට කරුණු ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දරුවන්ට ඉහළ උසාවියේ සරණ ලැබේවා
ඔය නඩුව ඉවර වෙනකොට, ඊලග විභාගේත් ඉවර වෙලා තියේවි. නරකද මේ ළමයි ඔය අතරේම ඊලග විබහගෙටත් ලැස්ති උනානම්.
අනේ උසාවියෙන් වත් අපේ දරැවන්ට සාදාරණයක් ඉශ්ඨ වේවා..... මේ කල අපාරධයෙන් ලංකාවේ දරුවෝ කී දෙනෙක් නම් අසරණ උනාද???? එස්බී ඇමතිතුමයි බන්දුල ඇමතිතුමයි මුලින් නොදැන හිටි සූත්තරේ දැන් හරි කියන්නේ කොහොමද..ඇයි අපි හැමෝම රවට්ටන්නේ.........
රජයත් නිහඩයි. ඇමැතිවරුනුත් නිහඩයි. පාඩුව ළමයින්ට..
නිකුත් කළ ප්‍රතිඵල අත්හිටුවා නිර්දේශ දෙකම නැවත සමීක්ෂණයක් කර නව ප්‍රතිඵල දෙන්න. එවිට රජයට හොද නමක් ලැබෙයි.