උසස් පෙළ අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස බල කෙරෙන විරෝධතා ව්‍යාපාරයක් අද සවස කොටුව දුම්රියපොළ අසල පැවැත්විණි.
දැනට නිකුත් කර ඇති ව්‍යාකූල ප්‍රතිඵල වහා අවලංගු කර නිශ්චිත කෙටි කාලයකදී නිවැරදි ඉසෙඩ් අගය මත විශ්වසනීය ලෙස ප්‍රතිඵල නිකුත් කරන ලෙස ද , වැරදි කළ විභාග බලධරයනට වහා දඩුවම් ලබාදෙන ලෙස ද, සිසුන් ඒ ඒ විෂයන්ට ලබා ගත් ලකුණු වෙන් වෙන් වශයෙන් දැනගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස ද, මේ පිළිබද සොයා බැලීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් හා අත්දැකීම් ඇති විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලෙස ද, අධ්‍යාපනය ලබන දරුවන්ගේ විශ්වාසය රැකෙන අයුරින් ඉදිරියේදී විභාග ප්‍රතිඵල නිකුත් කරන ලෙස ද ඉල්ලමින් ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයට අයත් වෘත්තීය සමිති 26 ක් මෙලෙස පත්‍රිකා බෙදා හරිමින් විරෝධතාවය පල කළහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව කොලේ වහනවා. විපක්ෂය නිදි. ජවිපෙ බයවෙලා. වෘත්තීය සමිති හරි මේ දේ කතා කරන එක අපේ දරුවන්ට කරන ලොකු සෙතක්.
අන්තිමට ප්‍රතිථලය වැරදිලාම නෑ
ආණ්ඩුව වගකීමෙන් කටයුතු කළ යුතුය. විභාග දෙපාර්තමේන්තුව පිළිබද මහජන ව්ශ්වාසය නොබිදිය යුතුය. රාජ්‍ය සේවයට පන්දම්කාරයන් නොදැමිය යුතුය. සුදුස්සාට තැන දියයුතුය.
දැන් ප්‍රශ්නෙ හරි. ඇයි කණගාටු වෙන්නේ?
ආණ්ඩුව ලගදි ගෙනාපු හැම එකක්ම අවුල් කර ගත්තා..
තාම ඔය ගැන අපේ රටේ පාලකයො දන්නේ නැතිව ඇති.
ඇමැති දෙන්නගෙ කට වහලා..
තටිල් මහතාගේ පැරණි ක්‍රමය වහා ක්‍රියාත්මක කරනු. අලුත් ඉසිඩ් ක්‍රමය ඉවත දමනු. අලුත් ක්‍රමයේ වැරදි එමටය.