ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වන අන්දමින් හැසිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සහ නීතීඥ ෆර්මාස් කාසිම් මහත්වරුන්ට අගවිනිසුරු මොහාන් පීරිස් මහතා තරයේ අවවාද කළේය.
යළිත් අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කළොත් විනය නියෝග නිකු කරන බව ද අගවිනිසුරු පැවසීය.
අගවිනිසුරුවරයා මෙමේ පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරියට එරෙහිව කොම්පඤ්ඤ වීදියේ පදිංචිකරුවන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සම්බන්ධ නියෝග ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වූ අවස්ථාවේය. මේ නීතීඥවරුන් දෙපළ අධිකරණ ශාලාවෙන් පිටතට යෑමට සූදානම් වූ අතර ඒ අවස්ථාවේදී ඔවුන් යළි කැඳවා මෙසේ අවවාද කළේය.
තමා වසර 38ක් අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු කර ඇති බවත්, අධිකරණය මාර්කට් වෙළෙඳ පොළක් නොවන බවත්, අධිකරණයේ ගෞරවය සෑම අයකුම ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවත් අගවිනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු ඒක ඇත්ත. (නි)
මේ දෙන්නට විතරක් මේ අවවාදය දීලා මදි. තව කට්ටිය ඉන්නවා ගොඩක් අපේ රටේ. (නි)
ඔව් ඔව් වැදගත් මහත්මයෙක් කියල තියෙන්නෙ. (දී)
කතාව ඇත්ත
ඒක මර්කට්‍ටුවක් කලේ අපිද? (දී)
ඒක ඇත්ත. (නි)
නඩු අසන තැන හැසිරෙන්න දන්නේ නැද්ද (දී)
මට නම් අදහසක් කියන්න අමාරුයි. (නි)
නිතිය අකුරටම ඉෂ්ට කරනවා වගේ (දී)
ඔවු..ඔවු..ඔවු.. එක ඇත්ත (දී)
ඒක ඇත්ත, මාර්කට් වුණත් නිකන් ගියාට මදි. යන්නෙ මොකටද කියලත් හිතන්න ඕනෑ. (නි)
එම විනය නියෝගවලට නීතිමය වලංගු භාවයක් තියෙනවද? (දී)
සහතික ඇත්ත (දී)
සහතික අහත (දී)
මොකද්ද ඒ මහත්තුරු කරලා තියෙන අපහාසය (දී)
උසාවියේ කටයුතු වලට බාධා නොවී අධිකරණ ශාලාවෙන් පිටතට යෑමට සූදානම් වීම උසාවියට ඇත්තටම අපහාසයක්ද? (දී)
අලුත් අගවිනිසුරු නිසා හොදයි (දී)
ඉතා දැඩි ප්‍රකාශයක් (දී)
දැන්වත් ඇස් හරින්න. තැන නොතැන ගැන හරි අවබෝධයෙන් සිටිය යුතුයි. (නි)
කව්ද එක මාර්කට් එකක් කලේ? (දී)
මොකද්ද ඒ කතාවේ තේරුම (දී)
මම එකඟයි (දී)
හුගක් හොදයි. (නි)
හැමෝම එක හිතේ තියා ගන්න ඕනේ (දී)
එක තමයි ඇත්ත කතාව (දී)
" අධිකරණයේ ගෞරවය සෑම අයකුම ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුයි. (දී)
ඔබ තුමන් හා අපි එකග වෙනවා (දී)
අගවිනිසුරු තුමනි සතුටුයි ඔබ ගැන (දී)
අනේ මන්දා අප්පා (දී)
අගෙයි! (නි)
හැගීම් පාලනය කර ගන්න මහත්තයෝ (දී)
අයියෝ අයියෝ. මහත්වරු හරියට හැසිරෙන්න (දී)
අගවිනිසුරුතුමා සමග මම එකඟයි (දී)
උසාවියට ගිහිල්ලා හැසිරෙන්න ඉගෙන ගන්න (දී)
මේ තත්වය උදා වෙලා ගොඩක් කල් (ස)
උසාවියට අපහස කරන්න එපා (දී)
සහතික ඇත්ත (දී)
හිතුවද දන්නෙ නැහැ අධිකරණයත් පාර්ලිමේන්තුව වගෙයි කියලා. (නි)
අපිටත් ඒ කතාව ආදර්ශයක් (දී)
උසාවිය එහෙම කිලිටි කරන්න එපා (දී)
සහතික ඇත්ත
අධිකරණයට අගෞරව කරන්න එපා (දී)
සෝබන වැඩ කරන්න එපා (ස)
එලියට දාන්න තිබ්බේ (දී)
මමත් එකඟ වෙනවා ඔබ සමග (දී)
ආ .. ඇත්තද?මාර්කට් එකක් නෙවෙයිද ? (ස)
අපහාස කරන්න එපා (දී)
අග විනිසුරුතුමාට් කේන්ති ගිහිල්ලවත්ද (දී)
දාන්නකෝ ඉතින් තැපැල් පතක්. (නි)
ඔන්න ඔහොම තමයි කරන්න ඕනෑ. (නි)
අලුත් අගවිනිසුරුතුමා නීතියට වැඩ (දී)