උස්වැටකෙයියාවේ නිවාස කිහිපයකට සෙනසුරාදා රාත්‍රී මුහුදු ජලය පැමිණ ඇතැයි ගැමියෝ කියති. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙය සුනාමි හෝ වෙනත් ආපදා තත්ත්වයක් නොවන බවයි. මෙම ප්‍රදේශයේ රළ සාමාන්‍යයෙන් මීටරයක් පමණ උසට නැගෙන බවත් සෙනසුරාදා රාත්‍රියේ එය මීටර දෙකක් පමණ උසින් යුතු වූ බැවින් මෙලෙස නිවාස කිහිපයකට ජලය පැමිණ ඇති බවත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අනිල් ප්‍රේමරත්න මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක කියන්න ඕනෑ නැහැ. තමන් දැන ගන්න ඕනෑ මුහුදු වෙරල අයිනේ ගෙවල් හදුවම් ඕක වෙනවා කියලා. පසුව වෙනත් අයට දොස් පවරලා වැඩක් නැහැ. අනවසර වැඩ නොකර ඉන්න ඕනෑ. රේල් පාර අයිනේ ගෙවල් හදන අයටයි මුහුදු වෙරල නාස්ති කරලා ගෙවල් දොරවල් හදන අයටයි ඔහොම වෙලා මදි. ධම්මා ඔයාට මොලේ පොදක් වත් නැති කෙනෙක් බව හොදට පේනවා (නි)
අචිනිලව යට වෙලා නැහැ නේද? (නි)
ලෙස්ලි ඔය හරි. සුනාමි එන්න කලින් බලන්න ගිහින් ඉන්නවා වගේ වැඩක්. ඕනෑ තරම් ඉඩම් තියෙද්දී මූහුද රේල් පාරටමයි යන්නේ (නි)
ගෝලීය උණුසුම වැඩිවීම නිසා ග්ලැසියර දියවීමෙන් අනාගතේදී උද්ගත වියහැකි පරිසර ගැටළු බොහොමයි. මේ ඊට පෙරහුරුවක් පමණයි. ඇල්ප්ස් කඳුවැටියේ පැරණි ග්ලැසියර ඉටිරෙදි දමා ආවරණය කර දියවීමෙන් වලකන හැටි සවිස්තරාත්මකව කියවන්න ට්විටර් අකවුන්ට් එකෙන්. ඒ නිසා උතුරු අර්ධගෝලයේ පිහිටි ඇමෙරිකාව, ජපානය, චීනය වැනි දියුණු රටවල් අධික ලෙස විමෝචනය කරන අහිතකර වායු නිසා සිදුවන පරිසර විපර්යාස වලට දැන් සිටම මුහුණ දෙන්න රජයේ ඇමතිවරු ක්‍රියාත්මක වියයුතුයි. (නි)
ලෙස්ලි, ඇයි ඔය වගේමනේ, ජාතික වනෝද්‍යාන වලට ගිහින් හොරෙන් කැලේ එලි කරලා, වගාවන් කරනවා. පස්සේ ඒකෙම ගෙයක් හදාගෙන නවතිනවා. යහළු මිත්‍රයොත් ගමේම කට්ටිය ගිහින්, පදිංචි වෙන්නේ අර අසරණ වන සතුන්ට ඉන්න තියන උන්ගේ කැලේ. ලොකු ලොක්කොත් මේ දේම කරනවා. අනේ අලි ටික මිනිස්සුන්ට කැලේ ඉන්ඩ දීලා ගමට එනවා .මේවා වසංගත බවට පත් කරගත්තේ අපේම මෝඩ මිනිස්සු. පස්සේ කෑ ගහනවා කනවෝ මරනවෝ කියලා (නි)
ගිනි අගුරු ගොඩේ පිච්චෙන කියලා සින්දුවක් තියෙන්නේ ඔය වෙරළ ගැන නේද? (නි)
සම්පත් අන්තවාදියෙක් නිසා මේවා තේරෙන්නේ නැහැ. එනිසා අදහස් දැමීමෙන් වැලකී සිටියොත් හොදයි (නි)
ලෙස්ලිට අමු කැවිලා. මෙතන අනවසර ඉදිකිරිමක් ගැන සදහනක් කොහිද තියෙන්නේ?(නදී)
සේරටම මුල ඉඩම් ප්‍රශ්නේ. අපේ ඉඩම් (සිංහලයාගේ) සුද්දා ඇවිත් අපි පන්නලා අරගෙන තේ රබර් වවන්න ,වැඩට කියලා ඉන්දියාවෙන් මිනිස්සු ගෙනත් ඒ වතුවල ගෙවල් හදලා ඒ මිනිස්සු පදිංචි කෙරුවා.දැන් සිංහල මිනිසුන්ට ඉඩම් නැහැ.අනවසර ඉඩම් වල ගෙවල් හදනවා.කොහෙහරි ඉන්න එපැයි. (නි)
නිවාස හදන්න පෙර ඔය කතාව කියන්න එපැයි. (නි)