ගිනි අවියක් සමග දඩයමේ ගිය බව කියන ආදි වාසි තරුණයකු අත්අඩංගුවට ගැනීමේ දී වනජීවි නිලධාරියනට පහරදී ඔහු බේරාගත්තේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ආදි වාසි නායක ඌරුවරියේ වන්නිල ඇත්තෝ ඔහුගේ පුත් ඌරුවරිගේ මුතු බණ්ඩා ඌරුවරිගේ ගුණතිලක හා උරුවරිගේ පුංචි බණ්ඩාර මහියංගන මහේස්ත‍්‍රාත් ඉන්දික රුවන් ද සිල්වා මහතා විසින් ඇප මත මුදාහරිනු ලැබූහ.
මුදලින් රුපියල් 7500 බැගින්ද රුපියල් ලක්‍ෂය බැගින් ශරීර ඇපද ඔවුනට නියම විය.
ආදිවාසි නායක ඇතුළු පිරිස අධිකරණයට බාර වූහ. මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ බාරකරු ඒ.ටී.ආර්. රවින්ද්‍ර කුමාර මහතා පැමිණිල්ල ඉදිරිපත් කෙළේය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි කියුවලු
ආදි වාසීන්ට කෙටේරි පොජ්ජවල් තියෙද්දී ගිනි අවි පොජ්ජෙන් මොනවා මංගච්චන්න ගියාද? (නි)
වනජීවී නිළධාරිත් මේජර් කෙනෙක්ද? (නි)
දැන් ඉතිං ප්‍රශ්න ටික මන්ද කොරලා කැළෑවට මන්ද කොරන්න. (නි)
මෙය වැඩිදුර විභාගයට පෙර මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ බාරකරු ඒ.ටී.ආර්. රවින්ද්‍ර කුමාර මහතාට සහ පහර කෑමට ලක්වූ නිලධාරීන්ට කම්පනය තිබේදැයි පරීක්‍ෂා කල බැලිය යුතුයි.(ස)
පොරෝ පොජ්ජ තියෙන නිසා පරිස්සමින් මංගච්ඡන්න..(ස)
අනේ මහත්තයෝ, මතක නැහැ කියන්නකෝ (නි)
කවුද බොලේ එතකොට සතුන්ට ගිනි බින්දේ? (නි)
වන්නියලෑ ඇත්තන්ගෙන් පෙරකදෝරු හූරේ කීයක් ගත්තද? (නි)
පාර්ලිමේන්තුවට යන්න අදහසක් තියෙනවානම් හොඳයි..(ස)
බලාගෙන, ආතතිය හැදෙයි හොදේ (නි)
බොලේ, මංගච්චලා තියෙන්නෙ සුදු වෑන් පොජ්ජෙන් ද? (නි)